• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මහපොළොව නුහුලන ‌මේ අපරාධය ‌මොකක්ද? බිලි පූජාවක්ද? වසවිස දීලාද?

October 5, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
මහපොළොව නුහුලන ‌මේ අපරාධය ‌මොකක්ද? බිලි පූජාවක්ද? වසවිස දීලාද?
Share on WhatsAppShare on Facebook

හබරණ කැලේ නිදැල්ලේ සිටි ඇතින්නියන් හය දෙනෙක් සහ ඇතෙක් අබිරහස් ලෙස මරණයට පත්වීම ගැන විවිධ කතාබහ රට තුළ පසුගිය සතියේ සැරිසැරුවේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමිනි. හබරණ හිරිවඩුන්න, තුම්බිකුලම රක්ෂිතය තුළ අබිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නියන් අතර ගැබ්බර ඇතින්නියක්ද සිටියාය. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ඩී.එල්. සූරියබණ්ඩාර මහතා සඳහන් කරන ආකාරයට මෙම අලි මරණවලට හේතුව වන්නේ විෂ ශරීරගතවීමකි. විෂක් යැයි කීවාට කෘමිනාශක ශරීරගත වීමකි. මෙම අලි රංචුවට වස දුන්නේ කවුරුන්දැයි පැහැදිලි නැතත් වස දී ඇත්තේ ආහාරයකට මුසුකර නොවන බව නම් පැහැදිලිවම පශු වෛද්‍යවරු හෙළිකරගෙන හමාරය.
ඒ අනුව මෙම විෂ අලින්ගේ ශරීරවලට ඇතුළුවී ඇත්තේ යම් පානයකින් බවය. අලි හත්දෙනකුට එකවර වස බොන්නට දීම එතරම් පහසු කටයුත්තක් යැයි සිතන්නට බැරිය. එබැවින් මෙම අලි මරණ පිටුපස ඇත්තේ අබිරහසකි. විපක්ෂය නම් උත්සාහ දරන්නේ මෙම අලි මරණවලට වගකිව යුතු වන්නේ ආණ්ඩුවේ අපේක්ෂකයකු බව කියන්නටය. නොකියා ඔවුන් ඒ බව සඳහන් කරන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ භාරයක් ඔප්පු කරන්නට එම අලි මරණ සිදුවූවාදැයි සමාජයේ සැකයක් ඇතිකරවමිනි. එම අලි හත්දෙනාගේ මරණ ගැන කැක්කුමකින් කතාකරන විපක්ෂ නායකයා හෝ විපක්ෂයේ සෙසු දේශපාලනඥයන් සිය පාලන සමයේදී මවු ඇතින්න මරා, කිරි බොන වයසේ සිටි අලි පැටවුන් පැහැරගැනීම ගැන නම් කිසිවක් කීවේ නැත. එහෙත් ඔවුන් මේ අලි මරණ හත ගැන නම් කතාකරන්නේ දැඩි කැක්කුමකිනි.
මෙම අලි මරණ විපක්ෂය දේශපාලන මාතෘතාවක් බවට පත්කර ගත්තද සැබෑ ලෙසම මෙම අලි මරණවලට හේතුව නම් සොයාගත යුතුය. මන්ද යත් මලයාලම් ගුරුකම්වලට අලින්ගේ ලොකු සම්බන්ධයක් ඇති බැවිනි. ආණ්ඩුවේ ප්‍රබලයා කෙසේ වෙතත් මේ අලි මරණ ගැන කැක්කුමෙන් කතාකරන දේශපාලනඥයන් ගුරුකම්වලට නම් හපන්නු බව ප්‍රසිද්ධ රහසකි.

කොටස් රසපරීක්ෂකට යැව්වා -වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ඩී.එල්. සූරියබණ්ඩාර මහතා

“මෙසේ අභිරහස් ලෙස ප්‍රථම වරට මේ තරම් වල් අලි සංඛ්‍යාවක් මියයෑම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූවා. එමගින් ලබාගත් කොටස් රජයේ රස පරීක්ෂකවරයාට සහ පේරාදෙණිය වෛද්‍ය අංශ වෙත යවා තියෙනවා. අලි හිටි ප්‍රදේශවල කැලෑ එළිකර ගම්වාසීන් කැලෑ වැදීම නිසා වල් අලි ගම්මානවලට එනවා. ඒ ප්‍රවණතාවය වැඩිවී තියෙනවා. කොහොම නමුත් මෙම අලි මරණ පිළිබඳ අවසන් තීන්දුවකට ඒමට හැකිවන්නේ රසායනාගාර පරීක්ෂණ අවසන් වීමෙන් පසුවයි.”

සල්ලිි තිබුණත් අලි වැට ගහලා නෑ – වනජීවී රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා


“අලි ගැවසෙන මෙම ප්‍රදේශවල කිලෝමීටර් 124ක් අලි වැට ඉදිකිරීමේ කටයුතු සඳහා පසුගිය ජනවාරි මාසේ ටෙන්ඩර කැඳවන්න තිබුණා. ඒකත් ප්‍රමාද වුණා. ඒ ක්‍රියාවලියත් ප්‍රමාද වූයේ ඇයි කියල හොයන්න ඕනෑ. මේ සිද්ධිය ආරංචි වුණ විගස මම ඒ ස්ථානවලට ගිහින් ඒ ගැන සොයා බැලුවා. ශ්‍රී ලංකාවෙ වනගත ප්‍රදේශවල වල්අලි 5800ක් විතර ඉන්නවා. ඒ අයගෙ ආරක්ෂාවට කිලෝමීටර් 2000ක විතර අලි වැට ඉදිකිරීමට යෝජනා වී තියෙනවා. ඒ සඳහා යුද හමුදාවෙ, නාවික හමුදාවෙ සහාය ලබාගන්න බලාපොරොත්තු වෙනවා. දැනට ලැබී ඇති ආරංචි අනුව වල් අලි වැටවල් ඉදිකිරීමට අවශ්‍ය තරම් මුදල් ලැබී තියෙනවා. ඒවායින් ප්‍රයෝජන අරන් නැහැ.”

පුළුල් පරීක්ෂණයක් කරනවා – වනජීවී සහ සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා


“අලි මරණ ගැන ඉදිරි දින හතරකින් පහකින් පමණ පර්යේෂන වාර්තා ලැබේවි. කිසියම් රසායනික ද්‍රව්‍යයක් වැනි විෂක් ශරීරගත වීමෙන් මේ අලි මරණ සිදුවී ඇති බවයි සැක කරන්නෙ. යම්කිසි පිරිසක් හෝ පුද්ගලයකු ඒ දේ සිදුකර ඇත්නම් ඒ ගැන පරීක්ෂණ පවත්වන්න පොලිසියට භාරකරලයි තියෙන්නෙ. අපි මේ අලි මරණ ගැන අනිවාර්යයෙන්ම පුළුල් පරීක්ෂණයක් පවත්වනවා.
වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් සූරිය බණ්ඩාර මහතා සිද්ධියෙන් පසු තවත් පිළිතුරක් ලබාදුන්නා.
“මේ සිද්ධයෙන් පසු අපේ වනජීවී නිලධාරීන් පොලිසිය, හමුදාව සහ ගම්වාසීන් සමඟ හබරණ සිට කැලෑවෙ කිලෝමීටර් 100ක දුරක් පරීක්ෂණ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා. එහෙම කළේ අලි මරණවලට අදාළව කිසියම් සැක සහිත දෙයක් සොයාගන්නයි. ඒ විතරක් නෙමෙයි ඒ පරීක්ෂා කළ වනගත සීමාවේ තවත් අලි මරණ සිදුවී ඇද්ද යන්න සෙවීමත් එහි අරමුණ වී තිබුණා.”

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අපි ‌නොදන්න රනිල් සහ ‌හේමා (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

දිනන්නේ ‌ගෝඨාද-සජිත්ද? ‌ඇත්ත කියන්නේ ‌තොටවත්තද-සුජිත් නිශාන්තද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.