ශ්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සිය තිරසාර ව්‍යාපාරික පිළිවෙත් ආරක්ෂා කර ගනිමින් පරිසරය රැකගැනීම සඳහා වන කැපවීම මැනැවින් පෙන්නුම් කර ඇත. ක්‍රිස්බ්‍රෝ සමූහය ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයන් අතර වන ක්‍රිස්බ්‍රෝ ‘හරිත සත්කාර’ පාරිසරික වැඩසටහන යටතේ සමාගමට අයත් ගම්පොළ කුකුළු මස් සැකසුම් කර්මාන්ත ශාලා පරිශ්‍රය ආශ්‍රිතව කායා පැළ 250කට අධික සංඛ්‍යාවක් අලුතින් රෝපණය කිරීමට පසුගියදා පියවර ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ හරිත ඝනත්වය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින අවස්ථාවක ක්‍රිස්බ්‍රෝ සිය ආයතන පරිශ්‍රය තුළින් සමාජයට ලබා දුන් යහපත් පණිවුඩය අන් ආයතනයන්ට ද ආදර්ශයක් වන බව නොරහසකි. පාරිසරික දත්තයන්ට අනුව 1990 සිට 2011 වන විට මෙරට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 43%කින් පමණ වර්ධනය වී ඇත. මෙම තත්ත්වය අවබෝධ කරගෙන සිටින ක්‍රිස්බ්‍රෝ සමාගම සිය තිරසාර ව්‍යාපාර දැක්ම ශක්තිමත් කරමින් සමාගමේ හරිත සත්කාරක වැඩසටහන ඔස්සේ තෝරාගත් පාරිසරික සංවේදී කලාපයන්වල අලුතින් පැළ 5000කට අධික සංඛ්‍යාවක් මේ වන විට රෝපණය කර ඇත.











