• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සාලිය කුමාරයා කන්ද මැද එල්ලපු වන්දනීය පුදබිම

October 3, 2019
in Holiday
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

කාලෙකින් වැස්ස නැති හින්දා මුළු පරිසරයම හරිම වියළියි- අව්වෙන් ගිනියම් වුණු වටපිටාවට තරමක් හරි සිසිල දෙන නිකවැවේ වතුරත් හොඳටම අඩුවෙලා- පාරට වම් පැත්තෙන් තියෙන වෙල් යායත් පුරන් වෙලා තියෙන්නෙ වතුර නැති හින්දා- මේ වෙල් යාය කෙළවරේ පෙනෙන්නෙ මුදුන් පහක් සහිතව දිගින් දිගට විහිදෙන කඳු වැටියක්- හරියටම පර්වත බිත්තියේ එල්ලපු ගිනිපෙට්ටි වගේ කුඩාවට කන්ද මැද ගොඩනැඟිලි දෙකක් පෙනෙනවා- නිකවැව ශ්‍රී නාගල රජමහා විහාරයට අයිති ලෙන් විහාර දෙක තමයි ඒ විදියට දකින්න ලැබෙන්නෙ- හරිම අපූරු පිහිටීමක්-

කුරුණෑගලින් දඹුල්ල පාරෙ ඇවිත් ඉබ්බාගමුවෙන් හැරිලා ගල්ටැංවැව හන්දිය, පොල්පිතිගම, මඩගල්ල හරහා අපි දැන් ඇවිත් ඉන්නෙ නිකවැවට- නිකවැව කන්ද පාමුල තමයි ශ්‍රී නාගල රජමහා විහාරය පිහිටා තියෙන්නෙ- මඩගල්ල පහුකරගෙන මොරගොල්ලාගමට යන පාරෙ ඉඳලා විහාරයට තියෙන්නෙ මීටර් 200ක විතර දුරක්- මහව පැත්තෙන් එන කෙනකුට මඩගල්ලට ඇවිල්ලත් නිකවැවට එන්න පුළුවන්-

විහාර භූමියට ඇතුළුවෙද්දිම අපට දකින්න ලැබුණෙ ගඩොලින් බැඳපු දාගැබ- ඒ පසුබිමෙන්
පෙනෙන්නෙ ලෙන් විහාර පිහිටා තියෙන නිකවැව කඳුවැටිය- හරිම දැකුම්කලු දර්ශනයක්- ඕනෑම කෙනකුගේ නෙත් සිත් වශී කරන්නට සමත් වෙනවා- කන්ද පාමුල තමයි විහාරාංග බොහොමයක්ම පිහිටා තියෙන්නෙ- දාගැබට අමතරව සංඝාවාසය, බෝධීන් වහන්සේ, මහනුවර යුගයේ ලක්ෂණ සහිත විහාර මන්දිරය ඒ අතරින් ප්‍රධානයි- ඒ වගේම නටබුන් වුණු ගල් කණු, ශෛලමය මල් ආසන, සිරිපතුල් ගල්, පුරාණ අක්ෂර සහිත ගල් කණු වගේ නටබුන් බොහොමයක් විහාර භූමිය පුරාම දැකගන්න පුළුවන්-

අපි නාගල පන්සලට ආවෙ පෝය දවසක- විහාරාධිපති හාමුදුරුවො බණකට වැඩම කරල හින්දා පන්සල ගැන තොරතුරු දැනගන්න කෙනෙක් මුණගැහුණේ නෑ- තරමක් හරි තොරතුරු පොතපතින් තමයි අපි හොයාගත්තෙ- නාගල විහාර භූමියේ සම්පූර්ණ පුරාවිද්‍යා කැණීමක් කරලා නැති හින්දා තවත් ගොඩක් නටබුන් පසට යටවෙලා තියෙන බව තමයි විශ්වාස කරන්නෙ- කාලයක් වල් බිහිවෙලා තිබුණු දාගැබ මෑතදී ප්‍රතිසංස්කරණය කරල තියෙනවා- මේ දාගැබ කැණීම්වලදී පුරාවස්තු බොහොමයක් හමුවුණු බවත් දැනගන්න ලැබුණා- ඒ වගේම හමුවෙලා තියෙන සෙල්ලිපිවලින් අනාවරණ කරගෙන තියෙනවා නොයෙක් කාලවලදී නාගල විහාරයට කරපු පූජාවන් ඇතුළු තවත් තොරතුරු-

නාගල විහාරයේ ආරම්භය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලෙදි සිදුවුණා කියලයි කියන්නෙ- ඒ වගේම දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පුත්‍රයා වුණු සාලිය කුමාරයා පස්සෙ කාලෙ විහාරයේ ඉදිකිරීම් බොහොමයකටම මුල්වෙලා තියෙන බව සඳහන් වෙනවා- ජනප්‍රවාදගත තොරතුරු වගේම සෙල්ලිපි තොරතුරු, ඉදිකිරීම්වලට යොදාගෙන තියෙන ගඩොල්වල ස්වභාවයන්, අවට ප්‍රදේශවල පුරාණ විහාරවලින් සොයාගත්තු තොරතුරු මත තමයි මේ ඉතිහාස තොරතුරු අනාවරණ කරගෙන තියෙන්නෙ- දාගැබට කිට්ටුවෙන්ම තියෙන විහාර මන්දිරයේ දකින්න ලැබෙන චිත්‍ර වගේම ප්‍රතිමා මහනුවර යුගයේ කලා සම්ප්‍රදායයි පෙන්නුම් කරන්නෙ-
පහළ විහාරය දැකගෙන අපි පිටත් වුණේ කඳු බෑවුමේ තියෙන ලෙන් විහාර බලන්න- පියගැටපෙළ වැටිල තියෙන්නෙ වීර, ඇහැටු, කෝන්, පලු, දඹ වගේ ගස්වලින් පිරුණු වන තීරයක් මැදින්- කඳු බෑවුමේ ගස්වැල් අතරෙ ලොකු කුඩා ගල් කුලු රාශියක් දැකගන්න ලැබෙනවා- කන්ද පහළදී දැනුණු අව් රශ්මිය නැති හින්දා ගහකොළ මැදින් ගමන් කරද්දී දැනෙන්නෙ හරිම සිසිල් බවක්- කන්දක් නඟින බවක්වත් දැනෙන්නෙ නැහැ- රැහැයියන්ගේ කෑගැහිල්ල කැලෑව පුරාම දෝංකාර දෙනවා- මහා වනාන්තරයකට ඇතුළු වුණා වගෙයි දැනෙන්නෙ- මෙහෙම කන්ද නැඟගෙන යද්දී මුණගැහෙනවා පාර දෙපැත්තට බෙදෙන තැනක්- දකුණු පැත්තටයි ප්‍රධාන ලෙන් විහාරයට යන්න තියෙන්නෙ- ඉදිරියට යද්දී දැකගන්න ලැබෙනවා පර්වත බෑවුමේ පිහිටලා තියෙන තවත් කුඩා ලෙන් දෙකක්- කාලෙකට ඉස්සර මේ තැන්වලත් ඉදිකිරීම් තිබුණු බවට සලකුණු තියෙනවා- කන්දේ බෑවුම හරහා ටික දුරක් ගිහිල්ලා පර්වතයේම කොටලා තියෙන පියගැට පෙළ නැඟගෙන තනි කෙළින් ඉහළට යන්න වෙන්නෙ- එක පැත්තකින් තියෙන්නෙ මහා ප්‍රපාතය- ආධාරක වැටක් හදලා තිබුණත් ප්‍රවේශමෙන් යායුතු ගමනක්-
ඉදිරි පැත්තෙන් ලෙන් විහාරයට ඇතුළු වෙන්න බැහැ- ගොඩනැඟිල්ලේ දකුණු පැත්තෙන් තමයි ඇතුළුවෙන දොරටුව තියෙන්නෙ- ඉදිරිපස බිත්තිය ළඟ ඉඳන්ම තියෙන්නෙ එක එල්ලේ බෑවුම- මේ හින්දම විහාර මන්දිරය පර්වත බිත්තියේ එල්ලිලා තියෙනවා වාගෙ තමයි පහළ ඉඳන් බලන කෙනෙකුට පෙනෙන්නෙ-

දොරටුව ඉස්සරහින්ම තියෙනවා නෙලුම් කැටයම කොටපු පරණ ගල් කණුවක්- විහාර මන්දිරය කොටස් තුනකින් යුක්තයි- ප්‍රධාන විහාර මන්දිරයට ඇතුළුවෙන තැනම කොරවක් ගල් දෙකකුත් සඳකඩපහණකුත් දැකගන්න පුළුවන්- සාමාන්‍යයෙන් මේවා දකින්න තියෙන්නෙ පිටත ප්‍රධාන දොරටුවක් ළඟනෙ- ඇතුළෙ දොරටුවක් ළඟ ඒවා දකින්න ලැබීමෙන් පෙනෙන්නෙ විහාර මන්දිරයට පිටතින් කොටසක් එකතු කරලා පස්සෙ කාලෙ විශාල කරලා තියෙන බවක්- මෙතැනම තියෙනවා කැඩී ගිය සෙල් පිළිමයක්. විහාරයේ කොටස් තුනෙන් එකක් දේවාලයක්- අනෙක්වා බිතු සිතුවම් වගේම ප්‍රතිමාවන්ගෙන් පිරුණු විහාර මන්දිර-
විහාරෙන් පහළට බැහැලා අපි ආයෙත් පිටත් වුණේ පර්වත බෑවුමේ තියෙන අනෙක් ලෙන බලන්න- බහිද්දිම කන්ද මුදුනේ ඒ ලෙන අපට දැකගන්න ලැබුණා- මුලින් කිව්වනේ කන්ද නැඟගෙන එද්දි පාර දෙපැත්තට බෙදෙන තැනක් මුණගැහුණා කියලා- එතැනින් වම් පැත්තට පඩිපෙළ නැඟගෙන තමයි ඒ ලෙනට යන්නෙ- ගස් ගොම්මනක් මැදින් එක එල්ලේම කන්ද නඟින්න ඕනෙ-

මේ ලෙනට ඇතුළු වෙනවත් එක්කම දකින්න ලැබෙන්නෙ විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්- දැනගත්තු විදියට නම් මේ ප්‍රතිමාව අඩි 42ක් විතර දිගයි- ඒ වගේම මුල් කාලෙදි ගඩොලින් බැඳලා හුණු බදාමයෙනුයි වැඩ අවසන් කරල තියෙන්නෙ- පස්සෙ කාලෙක කරපු අලුත්වැඩියා කටයුතුවලදී වර්ණ ආලේප කරලා- හැබැයි අර මුල් කාලෙ තිබුණු විදිය බලාගන්න එක කුඩා කොටසක් විතරක් වර්ණ ගන්වන්නෙ නැතුව ඉතිරි කරල තියෙනවා- ඒ කාලෙ මේ පිළිමයත් පිදුරංගල විහාරෙ පිළිමය වගේම තියෙන්න ඇති කියල හිතන්න පුළුවන්-

ලෙන් බිත්තියෙ මුල් කාලෙදි චිත්‍ර ඇඳලා තිබුණු බව ඉතිරි වෙලා තියෙන බදාම තට්ටුවලින් පෙනෙනවා- අපැහැදිලි තත්ත්වයෙන් තියෙන හින්දා ඇඳලා තිබුණේ මොනවද කියල නම් හොයාගන්න අමාරුයි- මේ චිත්‍ර මහනුවර සම්ප්‍රදායටත් වඩා ඈතට දිවෙන බව තමයි විශ්වාස කෙරෙන්නෙ- පරණ ගඩොල් බැමිවල කොටස් තවමත් ලෙනේ ඉතිරිවෙලා තියෙනවා-
ලෙනේ අපූරු පිහිටීම වගේම ලෙන් බිත්තියේත් මුදුනේත් මතුවෙලා තියෙන නොයෙක් රටාවන් ගැනත් කියන්නම ඕනෑ- ඇත්තටම අවුරුදු දහස් ගණනක් තිස්සේ අව්වෙන් වැස්සෙන්, සුළංවල බලපෑමෙන් සිද්ධ වුණු ඛාදනයේ ප්‍රතිඵල තමයි මේ- ලෙන මුදුනේ සිදුරු තියෙන තැන්වල දෙබර වද බැඳලා තියෙනවා- වද කිහිපයකම දෙබරුන් පිරිලා- නිතරම ලෙනේ දෙබර වද තියෙන හින්දා යන හැම කෙනෙක්ම ප්‍රවේශම් වෙන එක හොඳයි- ඒ වගේම ලෙනේ ඉඳන් බලද්දී ගල් පර්වත බෑවුමේ ඇති විවර සහිත තැන් ගහකොළවලින් වැහිලා තියෙන විදියත් දැකගන්න පුළුවන්- ඉදිරියෙන් එක එල්ලේ බෑවුම නිසා ආරක්ෂාවට කුඩා තාප්පයකුත් බැඳලයි තියෙන්නෙ-
ගල් ලෙනේ ඉඳන් ඈතින් ඈතට පෙනෙන දර්ශනයේ සුන්දරත්වයත් නොකියාම බැහැ- කඳු, වන තීරයන්, වැව් හා කෙත් යායන් තමයි වටේටම පෙනෙන්නෙ- නිස්කලංක වටපිටාව, කඳු බෑවුමේ වනාන්තරය පුරා ඉන්න සතුන්ගේ නාදයන් එක්ක ඒකාත්මිකව කාලය ගතකරන්න පුළුවන් සුන්දර තැනක්- ඒ වගේම අපව ඈත ඉතිහාසයට ගෙනයන අපූරු පුදබිමක් තමයි නිකවැව ශ්‍රී නාගල රජමහා විහාරය- ආපසු එන අපට දැනුණෙ ඒ වගේ හැඟීමක්-

මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

සුබ නැකැත් රැගෙන එන පෙරමග නිමිති

Next Post

ජීවමාන බුදුරුව දුටු ලංකාවේ හාමුදුරුවෝ

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.