• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉන්දියාව අල්ලන අලුත් ජයලලිතා

October 4, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

උතුරු ඉන්දියානු සිනමා වසන්තය තුළ තුරුනු සිත්සතන් කුල්මත් කළ සරාගී නිළි රැජින “කන්ගනා රනවුත්” මේ දිනවල තවත් අපූර්වතම මෙහෙයුමක් සඳහා තම රංගනය දියත් කරමින් සිටියි.සරල කෙල්ලක ලෙස සේම අතිදක්‍ෂ රංගනවේදිනිය ලෙසද ප්‍රචලිත මේ සිනමා නිළිය, ඉතා දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙසින් රූ ගතකිරීම් ආරම්භකොට තිබෙන “ජයලලිතා ජයරාම්ගේ” ආන්දෝලනාත්මක චරිතයට මේ දිනවල පණපොවමින් සිටින්නීය.

වෙනත් චිත්‍රපට මෙන් කන්ගනාට මෙය පහසු නොවේ. 32 හැවිරිදි, සිහින් සිරුරකින් හෙබි ඇය මේ ඇතුළු වන්නට තනන්නේ යෝධ ගැහැනියකගේ සද්ධන්ත ප්‍රතිරූපයකටය.
සුවිශේෂී වේෂ නිරූපණයක් මේ සඳහා අවශ්‍ය බව “තලයිවි” අධ්‍යක්‍ෂණ ඒ. එල්. විරෙයි, නිෂ්පාදක විෂ්ණු ඉන්දුරී සහ තිර නාටකයට පණ පෙවූ ආර්. ඩී. විජේන්ද්‍ර මෙන්ම රංජන් අරෝරාද ඒකමතිකව තීරණය කළා. දහසකුත් එකක් ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පීන් ඉන්දියාවේ සිටියද ජයලලිතාගේ දැවැන්ත සිරුරට කන්ගනා වැනි සියුමැලි ලලනාවකගේ රුව අනුගත කිරීම ඒ තරම් ලෙහෙසි පහසු නොවන බව ඔවුනට ඒත්තු ගියේ අසුරු සැණිනි. තව සිතන්න හෝ කියන්නට වචන නාස්ති නොකළ ඔවුහු හොලිවුඞ් සිනමා පාරාදීසයේ නොමැකෙන නමක් තබා ඇති ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී ජේසන් කොලින්ස් ඒ සඳහා තෝරා ගත්හ. “හන්ගර් ගේම්ස්” සහ “බ්ලේඞ් රනර්”හි දස්කම් පෙන්වූ ජේසන්ට කන්ගනාව ජයලලිතා සේ වෙස්ගැන්වීම ඒ තරම් අපහසු නොවන බව ඔවුන්ට වැටහී ගියේ ඔහු හා කළ පළමු කතාබහේදීය.

නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය සඳහා ඔවුන් එසේ සැරසෙන විට කන්ගනා “ජයලලිතාව” අධ්‍යක්‍ෂණය කිරීමේ කාර්යය අරඹා තිබිණි. ජයලලිතාගේ කතා විලාසය, හඬ උච්චාරණය, පියවර තබන කාලය, අඳින – පලඳින සහ නිතර සාරිපොට සකසන ආකාරය, මඳහස, නයන විලාසය ඉගෙන ගැනීමට කන්ගනා බොහෝ ඩීවීඩී පට නැරැඹුවාය.

වොයිස් ටෙස්ටින් සඳහා සහභාගි වූවාය. දමිළ බස වඩාත් ප්‍රගුණ කළාය. මුම්බායි නර්තන පන්තිවලට සහභාගි වූවාය. තලයිවි සිනමා පටය වෙනුවෙන් මූලිකව පැවැත්වෙන වැඩමුළුවලට නොකඩවා සහභාගි වූවාය. උසස් ගණයේ චිත්‍රපට කිහිපයක්ද කන්ගනා ලෝභකමකින් තොරව ඇය අතහැර දැමුවේ “ජයලලිතා ජයරාම්”ගේ චරිතයට තිබූ ආශාව නිසාය.
“ජයලලිතා ජයරාම් මැතිනියනි. ඉතින් මම සූදානම්. නොඅඩමානවම මෙය මගේ සිනමා ජීවිතයේ ‘සුබවාදී සන්ධිස්ථානයක්’ බව නිසැකය.”
කලයිවි සිනමා පටයෙහි අතිවිශිෂ්ට වූ කණ්ඩායම සමඟ ලොස් ඇන්ජලිස් බලා පිටත්වීමට නියමිතව තිබියදී කන්ගනා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තැබුවාය.
“අප සමඟ සතුටින් වැඩකටයුතු කිරීමට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබට හෝ ජයලලිතා මැතිනියට අගෞරවයක් නොවන්නට සහතික වන්නට වගබලා ගනිමි.”

කලයිවි අධ්‍යක්‍ෂ ඒ.එල්. විරෙයිද එවැනි ප්‍රතිචාරයක් එයට දක්වා තිබුණේ ඉතා නිහතමානීවය.
ලොස් ඇන්ජලිස්හි සුවිශේෂ චිත්‍රාගාරයක ජේසන් කොලින්ස් ඊට දින කිහිපයකට පසු තංගනාගේ රූ සපුව ජයලලිතා ජයරාම්ට සමගාමීව වෙස් ගන්වමින් තිබුණේ ඉතා සියුම් ලෙසය. කෘත්‍රිම බුද්ධියක් ලෙස විද්‍යානුකූලව දැකිය හැකි මෙම වෙස්ගැන්වීමේදී සමට අහිතකර නොවන සුවිශේෂ මැලියම් විශේෂයක් භාවිත කෙරිණි. මේ සිදුවෙමින් පවතින්නේ තම සිරුර කේන්ද්‍ර කොටගෙන යැයි නොදැනෙන තාලෙට වාගේ “කන්ගනා රනවුත්” නිසොල්මන්ව සිටියාය.
රූගතකිරීම් සිදුවන අතරතුර ජයලලිතාගේ රුව අංග හතරකට ඒ ඒ වයස් කාණ්ඩ අනුව එකිනෙකට වෙනස්ව පෙනෙන ආකාරයට වෙස්ගැන්වීම සිදුවීමට නියමිතව තිබිණි.
පළමු වෙස්ගැන්වීමේදී කන්ගනාගේ සහෝදරිය, රන්ගෝලි බන්දෙල්ද එතැන සිටියාය. සියලු විශේෂ අවස්ථා කැමරාවට හසුකරගත් ඇය සිය ට්විටර් ගිණුමෙහි එය මුදාහැරියාය.
“දක්‍ෂ චරිතාංග නිළියක වීම සිතන තරම් පහසු නැත. කන්ගනා තම සාර්ථකත්වය උදෙසා බොහෝ දේ දරාගන්නා අයෙකි. සාමාන්‍ය කෙනෙකු තම හුස්ම හිරවීමට යන බව දැන නොසන්සුන් වන්නේද කන්ගනා එවැනි තැනකදීද ඉතා සන්සුන්ව බලා සිටින්නට තරම් සංයමයෙන් පිරුණු කෙනෙකි.”

ජයලලිතාගේ රුව තමා තුළ සාර්ථකව නිරූපණය කිරීම සඳහා වේශ නිරූපණ ශිල්පියාට කන්ගනා දුන් සහාය අති විශිෂ්ටය. ඇගේ හුස්ම නතර වී ඇත්දැයි සිතෙන තරමට ඇතැම් මොහොතක කන්ගනා නිසොල්මන්ව සිටියාය.

සත්තකින්ම කියනවා නම් මෙහි ප්‍රතිඵලය නුදුරු දිනයක තිරගත වන විට එය “කන්ගනා රනවුත්” ගැන මවිතයටත්, සතුටටත් පත්වන බව නිසැකය.
රන්ගෝලි බන්දෙල් තම සහෝදරියගේ සේයාරූ පෙළ පාමුල එවැනි සාඩම්බර සටහනක් තැබුවේ සෙනෙහෙබරිනි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගෝඨාගේ තීන්දුව ‌සෙනසුරාදා ‌හෝ සදුදා උදේ

Next Post

ගාලු කොටුවේ සැග’වුණු සුද්දගෙ රහස්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.