2015 වසරේදී ප්‍රථම වරට IWS (Integrated Work Systems) හඳුන්වා දුන් ලංකා දුම්කොළ සමාගම (Ceylon Tobacco Company PLC- CTC&) 2021 වසරේ මැයි මාසය වනවිට IWS Phase 1 සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. මෙම සාර්ථකත්වයට තුඩුදුන් එක ප්‍රධාන සාධකයක් වූයේ, වෙනසක පෙරමුණ ගැනීම සඳහා සමාගමේ සාමාජික සාමාජිකාවන්ටම අවස්ථාව සලසා දෙන ‘Ownership and Buy In’ සංකල්පය සියලුම මට්ටම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමයි.
මෙම සුවිශේෂ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා දුම්කොළ සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් උහාර්තේ මහතා මෙසේ පැවසීය. ‘අපට මේ ජයග්‍රහණය අත්පත් කරගැනීමට හැකියාව ලැබුණේ අපගේ කාර්ය මණ්ඩලයේ දැඩි උනන්දුව හා කැපවීම නිසයි. කවදත් අපගේ ලොකුම ශක්තිය වූ ඔවුන්ගේ කැපවීම තුළින් ලද ඉහළම ජයග්‍රහණයක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන්. අඛණ්ඩව එකම අරමුණක් වෙනුවෙන් කැපවෙමින්, එකම කණ්ඩායමක් ලෙස එක්ව විසඳුම් සොයමින් මේ ජයග්‍රහණය සනිටුහන් කිරීමට අපට හැකියාව ලැබුණා.’











