වසර ගණනාවක් සිරගතව සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයින් හත් දෙනෙකු පොසොන් පොහොයට සමගාමීව ජනාධිපති සමාව ලැබීමෙන් පසු නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.
ජනාධිපතිවරයා විසින් ඒ සදහා උපදෙස් ලබා දී ඇති බවද ඒමහතා කීය.










