එජාපෙ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා ගැනීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානය හා සාකච්ජා ආරම්භ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.
ඒ අනුව එම සාකච්ජාවලට සජිත් අගමැතිවරයාට අමතරව එජාපෙ පාර්ශ්වය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.
දෙමළ ජාතික සන්ධානයෙන් ඊට සහභාගී වී ඇත්තේ එහි නායක ආර්. සම්බන්ධන් මහතා හා එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ය.
මෙහිදී ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබදවද සාකච්ජා වී ඇති අතර දෙමළ ජාතික සන්ධානය ඉල්ලා ඇත්තේ තම පක්ෂය සමග ඇතිකරගන්නා සියලුම එකගතාවන් ප්‍රතිපත්ති ප්‍රකාශයටද ඇතුළත් කරන ලෙසකි.
තමන්ට දැන්ම ඒ පිළිබද ප්‍රකාශයක් කළ නොහැකි බව එහිදී පෙන්වා දී ඇති ප්‍රේමදාස මහතා අනෙකුත් පක්ෂ නායකයන් සමගද සාකච්ජා කොට ඒ පිළිබද අවසන් තීන්දුවක් ගත හැකි බව සදහන් කොට තිබේ.
පළමු වටයේ සාකච්ජාවලින් පසු නැවත වතාවක් මුණගැසී සාකච්ජා පැවැත්වීමේ එකගතාවය මත මෙම සාකච්ජා සාර්ථකව අවසන් වී ඇති බවක් දැනගන්නට ඇත.










