මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කිසිවකුත් නොසිතන අන්දමේ පුදුම සහගත තීන්දුවකට එළඹීමේ සූදානමකින් පසුවන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වනවිටත් දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා එළිපිට සාකච්ජා සිදු කළද අප්‍රසිද්ධියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ජා වට 3ක් පවත්වා ඇති බව දැනගන්නට ඇත.
මෙම සාකච්ජා පිළිබදව කිසිදු මාධ්‍යයකින් හෝ මෙතෙක් හෙළිදරව් කිරීමක් සිදුකොට නැත.
කෙසේවෙතත් මෙම සාකච්ජාවලින් අනතුරුව දෙමළ ජාතික සන්ධානය කිසිවකුත් නොසිතන ආකාරයේ පෙරළිකාර දේශපාලන තීන්දුවක් ගැනීමේ සූදානමකින් පසුවන බව දැනගන්නට තිබේ.










