• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඇගේ වෛරයෙන් ගිනිගත් සිංහල සිනමාව…

June 12, 2021
in Heart
Reading Time: 17 mins read
A A
ඇගේ වෛරයෙන් ගිනිගත් සිංහල සිනමාව…
Share on WhatsAppShare on Facebook

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි…

සිංහල සිනමාවේ දක්නට ලැබුණු විවිධාකාරයේ රැලි ගැන අපි කතා කරලා තියෙනවා. රේඛාව හරහා ඇති වුණු දැවැන්ත පෙරළියේ ඉඳන් මෙරට සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 70 දශකයේදීත්, ඉන් පසුවත් හමා ගිය රැලි කිහිපයක්ම අපට හඳුනා ගන්න පුළුවන්.

ඒ අතරින් 90 දශකයේ මැද භාගයේ සිට 2000 දශකයේ මුල් භාගය දක්වා සිංහල සිනමාවේ දක්නට ලැබුණු ප්‍රධානම රැල්ල තමයි වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට කලාව. මේක ඇතැමුන් කාම රැල්ල ලෙසත් හඳුන්වනවා. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ තමයි මේ චිත්‍රපට ප්‍රචාරය වුණේ.
88/89 කාලයේ රටේ ඇතිවුණු කලබලකාරී තත්ත්වය සිනමා කර්මාන්තයට ඉතාම නරක විදියට බලපෑ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ කාලයේදී සිනමා ශාලා කිහිපයක්ම ගිනිබත් වුණා. ඒ වගේම පවුල් පිටින් සිනමා ශාලා වෙතට ගොස් චිත්‍රපට නැරඹීම ජනතාවට අමතක වෙලා යන තරමටම ඒ බලපෑම දැඩි වුණා.

ඔය තත්ත්වය 90 දශකයේ මැද භාගය වන විටත් එතරම් වෙනසක් වෙලා තිබුණේ නැහැ. ඒත් එක්කම රූපවාහිනියත් අපේ ජනතාවට ඉතාම සමීප වෙමින් තිබුණා. රූපවාහිනිය හරහා පැරැණි ජනප්‍රිය සිංහල චිත්‍රපට වගේම අලුත්ම හින්දි චිත්‍රපට නැරඹීමේ අවස්ථාවත් ජනතාවට උදා වුණා. ඇත්තටම කිව්වොත් ඒ වෙද්දිත් ජනතාව සිනමාවෙන් ඈත් වෙලා තිබුණේ නැහැ. නමුත් සිනමා ශාලාවලින් බොහෝ දුරට ඈත් වෙලා තිබුණා.

ඔය වගේ වටපිටාවක තමයි අපි මේ කතා කරන සිනමා රැල්ලේ පළමු නිර්මාණය වුණු “ඇගේ වෛරය” චිත්‍රපටය තිරගත වුණේ. ඒ 1995 වසරේදී. ඇත්තටම ඇගේ වෛරය අපේ සිනමා කර්මාන්තයට ගිනි පුළුඟුවක් බවට පත් වුණා. වසර ගණනාවකට පසු සිනමා ශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. ඇගේ වෛරයේ ප්‍රචාරක දැන්වීම් හේතුවෙන් රිය අනතුරු පවා සිද්ධ වුණු බව වාර්තා වුණා.

චන්දි රසිකා තමයි ඇගේ වෛරයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවේ. ලුවී වැන්ඩස්ට්‍රාටන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සම නිෂ්පාදිකාව විදියටත් චන්දි රසිකා කටයුතු කරලා තිබුණා. කරූ දිසානායක තමයි එහි අනෙක් සම නිෂ්පාදකවරයා වුණේ. තිලක් ජයවීර එහි ප්‍රධාන නළුවාගේ භූමිකාවට පණ පෙව්වා. ඇගේ වෛරය අපේ සිනමාවට කරපු බලපෑම කොයිතරම්ද කියනවානම් 1996 වසරේදී ලංකාවේ ජනප්‍රියම චිත්‍රපටය බවට පත් වෙන්නත් එයට හැකි වුණා. 1995 වසරේ අග භාගයේදී ප්‍රදර්ශනය ආරම්භ කළ ඇගේ වෛරය අතිශය ජනප්‍රියත්වයට පත් වෙමින් 1996 වසර පුරාවටම දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වුණා.

ඒ කාලය තුළදී ඇගේ වෛරයට එල්ල වුණු විවේචනත් සුළුපටු නැහැ. එහි ප්‍රධාන චරිතය රඟපෑ චන්දි රසිකාට ඉතා දැඩි විවේචන සමාජයෙන් එල්ල වුණා. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයෙන් ඇයට දරාගත නොහැකි බලපෑමක් එල්ල වුණා කිව්වොත් හරි.

ඇගේ වෛරය පළමු චිත්‍රපටයේ උණුසුම මැකී යන්නත් කලින්ම එහි දෙවැනි කොටස සිනමා ශාලා වෙතට පැමිණුනා. ඒ 1997 වසරේ ජනවාරි මාසයේදී. එයටත් හිමිවුණේ අති විශාල ජනප්‍රියත්වයක්. එහිත් අධ්‍යක්ෂවරයා ලෙස ලූවී වැන්ඩස්ට්‍රාටන් කටයුතු කරද්දී, සිංහල සිනමාවේ දැවැන්ත නිෂ්පාදක යුවළක් වුණු සෝනියා සහ සුනිල් ටී. දෙපළ එහි නිෂ්පාදකයන් ලෙස කටයුතු කරලා තිබුණා.

ඇගේ වෛරය දෙවැනි කොටසෙත් ප්‍රධාන නළු නිළියන් ලෙස චන්දි රසිකා සහ තිලක් ජයවීර තමයි රංගනයෙන් දායක වුණේ. ඒත් ඒ වෙද්දි ඇගේ වෛරය සම්බන්ධයෙන් චන්දි රසිකා විසින්ම නීතිමය ක්‍රියාමාර්ග ගන්න තත්ත්වයකුත් ඇති වෙලා තිබුණා. ඇගේ වෛරය පළමු චිත්‍රපටයේ නිරුවත් දර්ශන ඇයගේ අවසරයකින් තොරව ඇතුළත් කළ බව තමයි ඇය පවසලා තිබුණේ. ඒ බව නොදැන එහි දෙවැනි කොටස සඳහා ගිවිසුම් අස්සන් කළ බවත් ඇය ප්‍රකාශ කරලා තිබුණා. ඒත් ඒ කිසිවකින් චිත්‍රපටයේ ජනප්‍රියත්වයට බාධා වුණේ නැහැ.

ඒ එක්කම 1997 වසරේ මැද භාගයේදී අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය ගැසූ තවත් චිත්‍රපට දෙකක් ප්‍රචාරණය ආරම්භ කළා. ඒ රාගයේ උණුසුම සහ වියරු ගැහැනියක්. ඇගේ වෛරය පළමු චිත්‍රපටයේ සම නිෂ්පාදකයා ලෙස කටයුතු කළ කරූ දිසානායක තමයි රාගයේ උණුසුම අධ්‍යක්ෂණය කළේ. සිංහල සිනමාවේ කාම ධේනුව ලෙස අදටත් හඳුන්වන සුමනා ගෝමස් පළමු වරට ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය තමයි රාගයේ උණුසුම. ඇය ඊට පෙර ඇගේ වෛරය දෙවැනි කොටස සඳහාත් රංගනයෙන් දායක වෙලා තිබුණා.

වියරු ගැහැනියක් චිත්‍රපටයත් ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ අධ්‍යක්ෂණයක්. මෙරට සිනමා වංශකතාවේ තවත් ආන්දෝලනයකට ලක් වුණු නිළියක් වන අනූෂා දමයන්ති පළමු වරට ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටය තමයි වියරු ගැහැණියක්. ඇය ඒ වෙද්දි ඉතාම ළාබාල වයසේ රංගන ශිල්පිනියක්. ඒ හේතුවෙන් වැඩිහිටියන්ට පමණයි සිනමාවට ඇයගේ එක්වීම බොහෝ දෙනාගේ කතාබහට හේතු වෙලා තිබුණා. තමන්ට රංගනයෙන් දායක වීම සඳහා වෙනත් චිත්‍රපට නොමැති වීම හේතුවෙන් එවැනි චිත්‍රපට සඳහා සම්බන්ධ වූ බව ඇය පසුකලෙක ප්‍රකාශ කරලා තිබුණා.

මේ චිත්‍රපට දෙකේම ප්‍රධාන නළුවා ලෙස රඟපෑවේ තිස්ස විජේසුරේන්ද්‍ර. 70 දශකයේ අගභාගයේ සිට 80 දශකයේ මුල්භාගය දක්වා මෙරට තරුණියන්ගේ සිහින කුමරා බවට පත්ව සිටි තිස්ස විජේසුරේන්ද්‍ර වැනි නළුවන්ටත් මෙවැනි චිත්‍රපට සමඟ සම්බන්ධ වීමට සිදුවන තරමටම ඒ රැල්ල ඒ වෙද්දි සිනමාවට බලපෑම් කරලා තිබුණා.

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ අපේ රටේ නිර්මාණය වුණු පළමු චිත්‍රපට කිහිපයේම රඟපෑ චන්කි ඉපිලවත්තවත් මෙහිදී අමතක කරන්න බැහැ. ඇගේ වෛරය පළමු කොටස් දෙකට වගේම වියරු ගැහැනියක් චිත්‍රපයටත් ඇය රංගනයෙන් දායක වුණා. ඒත් එතැනින් පසු ඇය ගැන කිසිම තොරතුරක් වාර්තා නොවීමත් විශේෂ කාරණයක්.

1998 වසර අපේ සිනමා වංශ කතාවට සුවිශේෂී වසරක්. අදටත් බොහෝ දෙනකු කතා කරන උදයකාන්ත වර්ණසූරියගේ ගිනි අවි සහ ගිණි කෙළි චිත්‍රපටය එළි දැක්වුණේ ඒ වසරේදී. ඒ වගේම අපේ රටේ පැතිර ගිය තවත් සිනමා රැල්ලක් ලෙස සැලකෙන ටෙනිසන් බන්දු යුගලයේ විකට සිනමා රැල්ලේ සම්ප්‍රාප්තිය විදියට හැඳින්වන රෑ දැනියෙල් දවල් මිගෙල් චිත්‍රපටය නිකුත් වුණෙත් 1998දි. ඒත් ඒ සියල්ල අභිභවමින් එම වසරේදී නිකුත් වුණු අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය ගැසූ චිත්‍රපට ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා.

98 වසරට අයත් එම ලේබලය ගැසූ පළමු චිත්‍රපටය වුණේ අක්කයි නංගියි. සුනිල් ටී. ප්‍රනාන්දු තමයි එහි අධ්‍යක්ෂවරයා වුණේ. සුමනා ගෝමස් එහි ප්‍රධාන චරිතය රඟපාද්දි, පළමු වරට එවැනි චිත්‍රපටයක රඟපෑ නීතා කුමාරිත් බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. එතැනින් පස්සේ ලූවී වැන්ඩස්ට්‍රාටන්ගේ ඇගේ වෛරය 3 චිත්‍රපටය නිකුත් වුණා. එහිත් ප්‍රධාන නිළිය වුණේ සුමනා ගෝමස්.

ඉන් අනතුරුව එම වසරේදීම මොහොතින් මොහොත චිත්‍රපටයත් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගත වුණා. එතෙක් පවුලේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් බවට පත් සිටි සුනිල් සෝම පීරිස් තමයි එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. සිංහල සිනමාවේ තරුවක් බවට පත්ව සිටි රන්ජන් රාමනායක එහි ප්‍රධාන චරිතය රඟපාද්දී, සිංහල සිනමාවේ බිහි වූ තවත් ගිනි සිළුවක් වූ ෂෙහාරා ජයවීර පළමු වරට ප්‍රධාන නිළිය ලෙස එයට රංගනයෙන් දායක වුණා.

1999 වසර ආරම්භ වුණේ මෙරට සිනමා රසික රසිකාවියන් පුදුමයෙන් පුදුමයට පත් කළ චිත්‍රපටයක් සමඟින් යැයි කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ. ඒ තමයි බහුබාර්යා. උදයකාන්ත වර්ණසූරිය තමයි එය අධ්‍යක්ෂණය කළේ. රන්ජන් රාමනායක ප්‍රධාන නළුවාගේ භූමිකාවට පණ පෙවූ එහි ප්‍රධාන නිළියන් දෙපළ ලෙස සංගීතා වීරරත්න සහ වසන්ති චතුරාණි රංගනයෙන් දායක වුණා. ඇත්තටම බහු බාර්යා, ඇගේ වෛරය තරමටම කතාබහට ලක් වුණු චිත්‍රපටයක් කිව්වොත් ඒක තමයි ඇත්ත. කිසිවකු විශ්වාස නොකළ ආකාරයෙන් සංගීතා සහ වසන්ති අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය ගැසූ චිත්‍රපටයකට එකතු වීම තමයි ඊට හේතුව.

ඒ හරහා ඇති වුණු පීඩනය හේතුවෙන් ඔවුන් දෙදෙනාම කලක් ශ්‍රී ලංකාවෙන් පිටතට ගොස් සිටි බවත් වාර්තා වුණා. ඒ වගේම සිංහල සිනමාව වැඩිහිටි රැල්ලට බිලි වී ඇති බැවින් එවැනි චිත්‍රපටවලට සම්බන්ධ වීම හැර වෙනත් විකල්පයක් රංගන ශිල්පීන්ට නොමැති බවට විචාර පවා ඒ දිනවල දැක ගන්න ලැබුණා. ඒ හේතුවෙන් උදයකාන්ත වැනි ප්‍රවීණයන් අධ්‍යක්ෂණය කරන එවැනි චිත්‍රපට සඳහා සම්බන්ධ වීම වැරැද්දක් නොවන බව තමයි විචාරකයන්ගේ අදහස වෙලා තිබුණේ. කොහොම වෙතත් බහුබාර්යාට අති විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. තම සිනමා ශාලාවල එය දෙවැනිවරට ප්‍රදර්ශනය කරන්න පවා සිනමා ශාලා හිමියන් කටයුතු කළා. “බොහෝ දෙනාගේ ඉල්ලීම මත නැවත තිරගත වේ” කියන ප්‍රචාරණ දැන්වීම ඔස්සේ තමයි එය දෙවැනිවර තිරගත වුණේ.

බහුබාර්යා විතරක් නෙවෙයි ඒ වසරේදීම තිරගත වුණු සළුපට අහසට චිත්‍රපටයටත් අතිවිශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. ඒ වගේම එය දැඩි කතාබහකටත් ලක් වුණු නිර්මාණයක්. මාරියෝ ජයතුංග අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන නිළි චරිතයන් රඟපෑවේ වීනා ජයකොඩි සහ ගයනා සුදර්ශනී. වීනා ජයකොඩි ඒ වෙද්දි ප්‍රවීණ නිළියක්. ඒ වගේම ගයනා ඒ වෙද්දි ටෙලිනාට්‍ය හරහා විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගෙන තිබූ නිළියක්. ඒ හේතුවෙන් එම චිත්‍රපටයත් දැඩි ආන්දෝලනයකට ලක් වුණා. තමන් එම රංගනයට එක් වීම පිළිබඳ කනගාටුවන බව පසු කාලෙක ගයනා සුදර්ශනී ප්‍රකාශ කරලා තිබුණා.
සීත රෑ චිත්‍රපටය තිරගත වුණේ ඉන් අනතුරුව. ෂෙහාරා ජයවීර තමයි එහිත් ප්‍රධාන නිළිය ලෙස කටයුතු කළේ. එහි අධ්‍යක්ෂවරයා වුණේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ. ඇත්තටම එහි අධ්‍යක්ෂවරයා හින්දා තමයි ඒ චිත්‍රපටයට බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ. ඉන් අනතුරුව සුනිල් ටී. ගේ උණුසුම් රාත්‍රිය තිරගත වුණා. සුමනා ගෝමස් තමයි එහි ප්‍රධාන චරිතය රඟපෑවේ.

2000 දශකයේ ආරම්භයත් එක්කම වැඩිහිටියන්ට පමණක් සීමා වූ සිනමා රැල්ල අභිභවා විකට සිනමා රැල්ල ඉස්මතු වෙමින් තිබුණා. ඒත් එතැනින් පසුවත් අතිශය ජනප්‍රියත්වයට පත් වුණු වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට කිහිපයක්මත් දැක ගන්න ලැබුණා.

තිසරාවී, ඇගේ වෛරය 04 සහ සළුපට අහසට 02 ඒ අතරට අයත්. ඒ වගේම 2001 වසරේදී තිරගත වුණු එරංග සේනාරත්නගේ ගිනිගත් මදුසමයත් දැඩි කතාබහට ලක් වුණු චිත්‍රපටයක්. එහි අනවසරයෙන් තමන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් කර තිබෙන බවට ප්‍රධාන නිළිය ලෙස රඟපෑ අනූෂා දමයන්ති විසින් චෝදනා කිරීම තමයි එයට හේතු වුණේ.
කොහොම වුණත් මේ කාලය වෙද්දි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට කලාවේ ප්‍රමිතිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් තිබුණා. ඉංග්‍රීසි චිත්‍රපට අමු අමුවේ කොපි කරන බවට වූ චෝදනාව තමයි ඒ අතරින් ප්‍රධාන. ඒ යුගයේදී වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඉංග්‍රීසි චිත්‍රපට වගේම දෙමළ චිත්‍රපටත් අපේ සිනමා ශාලාවල තිරගත වුණා. තමන් නැරඹූ ඉංග්‍රීසි චිත්‍රපටයේම සිංහල කොපිය ඉන් දින කිහිපයකට පසුව නැවත වරක් එම සිනමා ශාලාවේදීම නැරඹීමට සිදුවීමේ අත්දැකීම ඒ කාලේ ප්‍රේක්ෂකයන් කිහිප වරක්ම අත්වින්දා.

ඒත් එහෙමයි කියලා එම චිත්‍රපට රැල්ල නැත්තටම නැති වුණේ නැහැ. කන්‍යාවියකගේ රාත්‍රිය, බලකාමය, කුමරි බඹසර හැඬූදා, සුන්දර වරද, දරු උපත, පතිනියකගේ හෝරාව, මඟුල් සක්වල, විශ්ම රාත්‍රිය, සරාගී, ඇගේ දෛවය වැනි චිත්‍රපට රාශියක් ඉන් අනතුරුවත් අතිශයින්ම වැඩිහිටියන් පමණයි ලේබලය යටතේ තිරගත වුණා. අනූෂා සොනාලි, නිලූෂි හල්පිට, තනුජා නිරෝශනී වැනි නිළියන් කිහිප දෙනෙක් තමයි එම චිත්‍රපටවලට ප්‍රධාන නිළියන් ලෙස සම්බන්ධ වුණේ. ඒ චිත්‍රපට බොහොමයක ප්‍රධාන නළු චරිතයට පණ පෙව්වේ අර්ජුන කමලනාත්. ඒ වගේම ජනප්‍රිය ටෙලිනාට්‍ය රොජර් සෙනවිරත්නත් ඒ චිත්‍රපට කිහිපයක ප්‍රධාන නළුවා ලෙස කටයුතු කළා.

ඒ අතර කාලයේදී දැඩි ආන්දෝලනයට තුඩු දුන් චිත්‍රපට කිහිපයක් ගැනත් මතක් කළ යුතුයි. ඒ අතරින් එකක් ලෙස සුදේශ් වසන්ත පීරිස්ගේ මමත් ගැහැණියක් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. සමලිංගික කතා තේමාවක් රැගත් එහි ප්‍රධාන නිළියන් ලෙස අනූෂා දමයන්ති සහ ගයනා සුදර්ශනී රංගනයෙන් දායක වුණා.

ඒ වගේම සුනිල් ටී. ගේ කාම සූත්‍රත් ඒ අතර තිරගත වුණු දැඩි කතාබහට ලක් වුණු චිත්‍රපටයක්. සුමනා ගෝමස් ප්‍රධාන චරිතය රඟපාන එහි ප්‍රධාන නළුවා ලෙස රොෂාන් පිලපිටිය කටයුත-ු කිරීම තමයි ඊට හේතුව. කාම සූත්‍ර චිත්‍රපටය ඊට වසර කිහිපයකට පෙර රූගත කර තිබූවක්. නමුත් විවිධ හේතු මත එය තිරගත වීම පමා වෙලා තිබුණා. ඒ වෙද්දි රොෂාන් අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙක්. ඒ හේතුවෙන් රොෂාන් මෙවැනි ආකාරයක රංගනයක නිරත වීම බොහෝ දෙනාට සිතාගත නොහැකි කාරණයක් වුණා. රංගනයට පිවිසි මුල්කාලයේ දායක වුණු එම රංගනය සම්බන්ධයෙන් තම රසිකයන්ගෙන් සමාව ඉල්ලීමට පවා ඒ කාලයේදී රොෂාන් සිදු වුණා.

එරංග සේනාරත්නගේ රෝස පැටික්කී වගේම මාරියෝ ජයතුංගගේ සුරපුරට කන්‍යාවියක් චිත්‍රපටයත් 2000 වසරෙන් පසුව ජනප්‍රියත්වයට පත් වූ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට ලෙස හඳුන්වන්න පුළුවන්. රෝස පැටික්කී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ වීනා ජයකොඩි. ඒ වගේම සුරපුරට කන්‍යාවියක් චිත්‍රපටයේ ප්‍රධාන නිළියන් ලෙස වීනා, ගයනා සමඟ දිල්හානි ඒකනායකත් රංගනයෙන් දායක වුණා. ඒ හේතුවෙන් එම චිත්‍රපටයත් බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.
මොන විවේචන තිබුණත් වැහෙන්න ඔන්න මෙන්න තිබුණු සිනමා ශාලා රාශියක් තවත් කාලයක් පවත්වා ගෙන යන්න මේ වැඩිහිටියන් පමණක් සීමා වූ චිත්‍රපට රැල්ල උපකාරී වුණා කියන එක විවාදයකින් තොරව පිළිගත යුතු දෙයක්.

හැබැයි මේ බොහොමයක් චිත්‍රපටවල කලාත්මක අගය පසෙකලා මුදල් ඉපයීම පමණක්ම අරමුණ වෙලා තිබුණා කියන එකත් බොරුවක් නෙවෙයි. ඒ වගේම තව දෙයක්. අපේ රටේ තියෙන සංස්කෘතිය අනුව මේ චිත්‍රපටවල රඟපෑ බොහෝ නිළියන් විවිධ අපහසුතාවයන්ටත් පත් වුණා. ඇතැම් අය ඒ ගැන සමාව ගත්තා. තමන් නොදැනුවත්මව ඒ දේවල් වුණා කියලා ඇතැම් අය කිව්වා. ඒත් මේ චිත්‍රපට පෙළ අතරින් වැඩිම ප්‍රමාණයකට රංගනයෙන් දායක වුණු සුමනා ගෝමස් ඒ හැම ප්‍රතිචාරයකටම යකඩ ගැහැණියක් ලෙසින් පිළිතුරු දුන්නා. ඇය කිසිම වෙලාවක ඒ දේවල්වලට පිළිතුරු දෙන්න පැකිලුණේ නැහැ. රංගනයේදී වගේම ඒ විවේචනවලට පිළිතුරු දෙන්නත් ඇයට හොඳ ආත්ම ශක්තියක් තිබුණා. ඒ හින්දා වැඩිහිටියන්ට පමණක් සීමාවූ සිංහල චිත්‍රපට කලාවේ නිළි රැජින ලෙස අවිවාදයෙන්ම ඇයව හැඳින්විය හැකියි.

ඒත් එහෙමයි කියලා එම චිත්‍රපට රැල්ල නැත්තටම නැති වුණේ නැහැ. කන්‍යාවියකගේ රාත්‍රිය, බලකාමය, කුමරි බඹසර හැඬූදා, සුන්දර වරද, දරු උපත, පතිනියකගේ හෝරාව, මඟුල් සක්වල, විශ්ම රාත්‍රිය, සරාගී, ඇගේ දෛවය වැනි චිත්‍රපට රාශියක් ඉන් අනතුරුවත් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ තිරගත වුණා. අනූෂා සොනාලි, නිලූෂි හල්පිට, තනුජා නිරෝශනී වැනි නිළියන් කිහිප දෙනෙක් තමයි එම චිත්‍රපටවලට ප්‍රධාන නිළියන් ලෙස සම්බන්ධ වුණේ. ඒ චිත්‍රපට බොහොමයක ප්‍රධාන නළු චරිතයට පණ පෙව්වේ අර්ජුන කමලනාත්. ඒ වගේම ජනප්‍රිය ටෙලිනාට්‍ය රොජර් සෙනවිරත්නත් ඒ චිත්‍රපට කිහිපයක ප්‍රධාන නළුවා ලෙස කටයුතු කළා.

ඒ අතර කාලයේදී දැඩි ආන්දෝලනයට තුඩු දුන් චිත්‍රපට කිහිපයක් ගැනත් මතක් කළ යුතුයි. ඒ අතරින් එකක් ලෙස සුදේශ් වසන්ත පීරිස්ගේ මමත් ගැහැනියක් චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. සමලිංගික කතා තේමාවක් රැගත් එහි ප්‍රධාන නිළියන් ලෙස අනූෂා දමයන්ති සහ ගයනා සුදර්ශනී රංගනයෙන් දායක වුණා.

ඒ වගේම සුනිල් ටී. ගේ කාම සූත්‍රත් ඒ අතර තිරගත වුණු දැඩි කතාබහට ලක් වුණු චිත්‍රපටයක්. සුමනා ගෝමස් ප්‍රධාන චරිතය රඟපාන එහි ප්‍රධාන නළුවා ලෙස රොෂාන් පිලපිටිය කටයුතු කිරීම තමයි ඊට හේතුව. කාම සූත්‍ර චිත්‍රපටය ඊට වසර කිහිපයකට පෙර රූගත කර තිබූවක්. නමුත් විවිධ හේතු මත එය තිරගත වීම පමා වෙලා තිබුණා. ඒ වෙද්දි රොෂාන් අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙක්. ඒ හේතුවෙන් රොෂාන් මෙවැනි ආකාරයක රංගනයක නිරත වීම බොහෝ දෙනාට සිතාගත නොහැකි කාරණයක් වුණා. රංගනයට පිවිසි මුල්කාලයේ දායක වුණු එම රංගනය සම්බන්ධයෙන් තම රසිකයන්ගෙන් සමාව ඉල්ලීමට පවා ඒ කාලයේදී රොෂාන්ට සිදු වුණා.

එරංග සේනාරත්නගේ රෝස පැටික්කී වගේම මාරියෝ ජයතුංගගේ සුරපුරට කන්‍යාවියක් චිත්‍රපටයත් 2000 වසරෙන් පසුව ජනප්‍රියත්වයට පත් වූ වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපට ලෙස හඳුන්වන්න පුළුවන්. රෝස පැටික්කී චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ වීනා ජයකොඩි. ඒ වගේම සුරපුරට කන්‍යාවියක් චිත්‍රපටයේ ප්‍රධාන නිළියන් ලෙස වීනා, ගයනා සමඟ දිල්හානි ඒකනායකත් රංගනයෙන් දායක වුණා. ඒ හේතුවෙන් එම චිත්‍රපටයත් බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.
මොන විවේචන තිබුණත් වැහෙන්න ඔන්න මෙන්න තිබුණු සිනමා ශාලා රාශියක් තවත් කාලයක් පවත්වා ගෙන යන්න මේ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට රැල්ල උපකාරී වුණා කියන එක විවාදයකින් තොරව පිළිගත යුතු දෙයක්. හැබැයි මේ බොහොමයක් චිත්‍රපටවල කලාත්මක අගය පසෙකලා මුදල් ඉපයීම පමණක්ම අරමුණ වෙලා තිබුණා කියන එකත් බොරුවක් නෙවෙයි. ඒ වගේම තව දෙයක්. අපේ රටේ තියෙන සංස්කෘතිය අනුව මේ චිත්‍රපටවල රඟපෑ බොහෝ නිළියන් විවිධ අපහසුතාවයන්ටත් පත් වුණා. ඇතැම් අය ඒ ගැන සමාව ගත්තා.

තමන් නොදැනුවත්මව ඒ දේවල් වුණා කියලා ඇතැම් අය කිව්වා. ඒත් මේ චිත්‍රපට පෙළ අතරින් වැඩිම ප්‍රමාණයකට රංගනයෙන් දායක වුණු සුමනා ගෝමස් ඒ හැම ප්‍රතිචාරයකටම යකඩ ගැහැනියක් ලෙසින් පිළිතුරු දුන්නා. ඇය කිසිම වෙලාවක ඒ දේවල්වලට පිළිතුරු දෙන්න පැකිලුණේ නැහැ. රංගනයේදී වගේම ඒ විවේචනවලට පිළිතුරු දෙන්නත් ඇයට හොඳ ආත්මශක්තියක් තිබුණා. ඒ හින්දා වැඩිහිටියන්ට පමණක් සීමාවූ සිංහල චිත්‍රපට කලාවේ නිළි රැජින ලෙස අවිවාදයෙන්ම ඇයව හැඳින්විය හැකියි.

–චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ප්‍රේමදාසලාට පිස්සුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

‌තෙල් වැඩි කළා නම් ගාණත් වැඩි කරන්න! නැත්නම් බස් කම්බස්!!

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.