• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආදරය කරන්න ගියාම රැවටෙනවා…

June 9, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ආදරය කරන්න ගියාම රැවටෙනවා…
Share on WhatsAppShare on Facebook

මමත් ගමේ හැදුණ වැඩුණ කෙල්ලෙක්…
හොඳම යාළුවන්ට නම් කපුකම් කරනවා…

ශ්‍රී වික්‍රම චිත්‍රපටය තුළින් කුමාරිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු ඇයව අපට මුලින්ම දැකගන්න ලැබුණේ ‘සිහිනි’ ටෙලිනාට්‍යයේ නෙතාරා ලෙසටයි. නුදුරු දිනෙකදී සිනමාවට අවතීර්ණ වන ඇය නැවත අපට හමුවන්නේ මේ දවස්වල විකාශය වන ‘පිං කෙත’ ටෙලිනාට්‍යයේ නිකිණි ලෙසටයි. ඉතින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සිහින දකින අමන්දා සිරිවර්ධන ප්‍රථම වතාවට ජාතික පුවත්පතකට කතා කළේ මේ විදියට.

🔴 අමන්දා කොහොමද ඉතින් ඔබගේ මේ දවස්වල කලා කටයුතු?
මේ දවස්වල කියන්න තරම් ලොකුවට කලා කටයුතුවලට සම්බන්ධ වෙලා නැහැ. මම රඟපාන ‘පිං කෙත’ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. එහි අවසාන අදියර තමයි මේ දවස්වල විකාශය වෙන්නේ.

🔴 නිකිණි තරමටම ඔබත් අහිංසකද?
ටිකක් විතර. මමත් ගමේ හැදුණු වැඩුණු කෙල්ලෙක් නේ. ඉතින් සමාජයේ ජීවත්වෙන්න ඕනෙ විදිය ගැන මම හොඳට දන්නවා. නිකිණි දුප්පත්, අහිංසක චරිතයක්. රස්සාවක් හොයාගෙන ගිහින් එහිදී සිදුවන ගැටලු එක්ක තමයි නිකිණිට ජීවත් වීමට තියෙන්නේ.

🔴 ලැබෙන ප්‍රතිචාරත් එක්ක තව තවත් හොඳ නිර්මාණවලින් ආරාධනා ලැබෙනවා ඇති නේද?
ප්‍රතිචාර නම් හොඳට ලැබෙනවා. ඒ වගේම නිර්මාණවලිනුත් ආරාධනා ලැබෙනවා. හැබැයි මට හොඳ ප්‍රතිචාර ලැබුණේ ‘සිහිනි’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ නෙතාරා චරිතයට තමයි. අදටත් මට ගොඩ දෙනෙක් කතා කරන්නේ නෙතාරා කියලා. ඒ තරමට ගොඩ දෙනෙක් සිහිනි ටෙලිනාට්‍යය වැළඳගෙන තිබෙනවා.

🔴 ප්‍රේම සම්බන්ධතාවලට කපුකම් කරලා හොදට පුරුදුයි වගෙයි?
නැතුව නැතුව, මගේ හොඳම යාළුවන්ගේ ආදර සම්බන්ධතාවලට උදව් කරනවා. ඉස්සර වගේ ඉතින් පෙම් හසුන් ගෙනියන්න නැහැ නේ ඉතින්. මොනවා හරි පණිවුඩ හුවමාරුවක් තමයි කරන්නේ.

🔴 එහෙම කපුකම් කරන්න ගිහින් වැරැදුණු අවස්ථා එහෙමත් තියෙනවද?
අපෝ එහෙම නැහැ. හොඳ විශ්වාසවන්ත ආදරයකට තමයි උදව් කරන්නේ. සමහරු ආදරය කරන්න ගියාම රවට්ටනවානේ. එහෙම වුණාම කොහෙවත් ඉන්න අපිත් වැරැදිකාරයෝ වෙනවා. හොඳට හොයලා බලලා උදව් කරනවා. කවදාවත් මම ආදර සම්බන්ධතාවකට අකුල් හෙළන කෙනෙක් නෙවෙයි.

🔴 අමන්දාගේ සැබෑ ආදරවන්තයා කලා ක්ෂේත්‍රයේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන බව ගොඩ දෙනෙක් දන්න රහසක්.අපි කැමැතියි ඒ ගැනත් දැනගන්න?
මම මගේ ආදරය ගැන මාධ්‍යයට කියන්න කැමැති නැහැ. ඒත් මගේ පෙම්වතාව ඔයා හොඳට දන්න කෙනෙක් නිසා මට ඒ ගැන නොකියා ඉන්න බැහැ. වෙන කවුරු හරි මගෙන් ඇහුවා නම් මම මේ ගැන කතාකරන්න කැමැති නැහැ. ඔහු තමයි එරංග තිලකරත්න. කලා ක්ෂේත්‍රයේ අවුරුදු ගණනාවක් සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන කෙනෙක්. ඔහුගේම නිර්මාණයක් කිරීම සඳහා මේ දිනවල සැලසුම් කරගෙන යනවා. මට ඔහුව අඳුනගන්න ලැබුණේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට පස්සේ. අපේ ආදර සම්බන්ධයට පවුල්වලින් විරුද්ධත්වයක් නැහැ. අපි දෙන්නම මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකින් ඉන්න නිසා අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ වැඩකටයුතු සඳහා අයියාගෙන් ලොකු සහායක් ලැබෙනවා.

🔴 ඔබේ ආදරවන්තයාගේ නිර්මාණයේ ප්‍රධාන චරිතය ඔබ වෙයි කියලා හිතනවද?
මම කවදාවත් එහෙම හිතලා නැහැ. ඒ වගේම මාව ගන්න කියලත් නැහැ. ඔහු මගේ දක්ෂතාව දන්න කෙනෙක්. මට ගැළපෙන චරිතයක් තිබුණොත් මාව සම්බන්ධ කරගනීවි. එහෙම නොවුණොත් අවුලක් නැහැ. ඔහුගේ වැඩකටයුතුවලට මට කළ හැකි උපරිම සහාය ලබාදෙනවා. මොකද එකමුතුව ගමනක් යනකොට හරිම සුන්දරයි කියලා තමයි මම හිතන්නේ.

🔴 ඔබව වඩාත්ම තෝරා ගන්නේ ගැමි චරිත සඳහා. එහෙම සිදුවන්නේ අමන්දාගේ කැමැත්ත අනුවද?
ගැමි චරිත සඳහා මාව විශේෂයෙන්ම තෝරාගැනීමට හේතුව මගේ බාහිර පෙනුම වෙන්න ඇති. හැබැයි එවැනි චරිත කරන්න මම ගොඩක් කැමැතියි. ඒ වගේම ගොඩක් පහසුයි. මොකද ගැමි චරිත රඟපෑමෙන් අපට යම් අධ්‍යයනයක් ලැබෙනවා. චරිත ස්වභාවය, චරිත ලක්ෂණ වගේ දැනුමක්. ඉතින් අපේ ඉදිරි ගමනට එය සම්මානයක් වගෙයි කියලා තමයි මම හිතන්නේ.

🔴 ඔබට මේ ක්ෂේත්‍රය පිළිබඳ යම් දැනුමක් තිබෙන කෙනෙක්. ඒ නිසා ඒ ගැනත් යමක් පැවැසුවොත්?
ඇත්තටම මේ ක්ෂේත්‍රය ගැන එළියෙදි අපට අහන්න ලැබුණේ විවිධ දේවල්. මගේ හිතෙත් බයක් තිබුණා.නමුත් ඇවිත් වැඩකරන්න ගත්තාම තමයි තේරුණේ මේකෙ තියෙන සුන්දරත්වය. ගැහැනු ළමයකුට දෙන ආරක්ෂාව හොඳට තියෙනවා. හරියටම පැවසුවොත් අපිව මවුපියන් රකිනවා වගේම ආරක්ෂාවක් අපට තියෙනවා.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කැස්බෑවේ හෝටලයක බර්ත්ඩේ පාටියක් දැමූ 10ක් අල්ලයි: ෂැංග්‍රිලාවට වූ දෙයම වෙයිද?

Next Post

බිලියන 3.7ක් යනවා! කරන්න දෙයක් ඇත්තෙම නෑ!! මන්ත්‍රීවරු 225ටම වාහන දෙනවා!!!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.