• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිලියන 3.7ක් යනවා! කරන්න දෙයක් ඇත්තෙම නෑ!! මන්ත්‍රීවරු 225ටම වාහන දෙනවා!!!

June 9, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
මන්ත්‍රී කාර් පර්මිට් ගැන බුදුගල හිමිගෙන් ගෝඨාට ලියුමක්
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන් ඇතුලු ආණ්ඩුවේ පාවිච්චිය සදහා රුපියල් බිලියන 3.7 ක වියදමින් සුපිරි වාහන 399ක් ආනයනය කිරීම සඳහා කලින් ගෙන තිබූ තීරණය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය සහ සම-කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

සඳුදා (7) හිරු ‘සලකුණ’ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් චමුදිත සමරවික්‍රම විසින් විමසන ලද අවසාන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් රඹුක්වැල්ල මහතා කියා සිටියේ එය ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් බැවින් එමේ අවලංගු කළ නොහැකි බවකි.

රාජ්‍ය බැංකු හරහා ණයවර ලිපි විවෘත කර ඇති බැවින් ඒකපාර්ශවිකව අවලංගු කළ නොහැකි බවද අමාත්‍ය රඹුක්වැල්ල එහිදී පිළිගත්තේය.

මෙම වාහන 399න් 225 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ අතර ඒවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‌ට 145ක්, සමගි ජන බලවේගයට 54ක්, දෙමළ ජාතික සන්ධානයට 19ක්, ජාතික ජන බලවේගයට 3ක්, ඒඅයිටීසී 2, ඊපීඩීපී 2, යූඑන්පී 1, එස්එල්එෆ්පී 1 සහ හ ඕපීපීපී, ටීඑම්වීපී, එම්එන්ඒ, ටීඑම්ටීකේ, ඒසීඑම්සී, එන්සී සහ එස්.එල්.එම්.සී. යන පක්ෂවලට එක රථය බැගින් ‌ලබා දීමට නියමිතය.

මෙහි දක්නට ඇති විශේෂම සිදුවීම වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය තවමත් පුරවා නැති තත්ත්වයක් යටතේ පවා එම පක්ෂයට සුපිරි වාහනයක් වෙන් කොට තිබීමය.

මෙසේ ගෙන්වීමට නියමිත වාහන අතර නවතම ටොයොටා ලෑන්ඩ් කෲසර් 227 ක්, නවතම ටොයොටා හයිලක්ස් ෆෝ වීල් ඩබල් කැබ් 17 ක්, නවතම ටොයොටා ලෑන්ඩ් කෲසර් (V 8), නවතම හිනෝ ඉන්ටර්කූලර් ටර්බෝ කැබ් 52 ක්, නවතම ටොයොටා හයිලක්ස් 4 WD ඉන්ටර්කූලර් සහිත කැබ් රථ, ඉන්ටර්කූලර් සහිත නවතම ටොයොටා හයිලක්ස් 4 WVD සහ නවතම ටොයොටා ඉහළ වහල ගිලන්රථ 50 ක්ය.

සාමාජිකයින් 225 දෙනෙකු සඳහා නවතම ටොයොටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ 227 ක් ආනයනය කළේ මන්දැයි ‘සලකුණ’ කණ්ඩායම විමසූ විට, අමාත්‍ය රඹුක්වැල්ල මහතා එම වාහන ලබන්නන් පිළිබඳ කිසිවක් කීම ප්‍රතික්ෂේප කළේය. V8 රථ ඇනවුම් කර ඇත්තේ කා වෙනුවෙන්දැයි තමන් නොදන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

කෙසේවෙතත් 2019 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වසර තුනක කාලයක් සඳහා ආනයනය නොකරන බවට ප්‍රතිඥාවක් දී තිබිණ.

මෙම වැඩසටහනේදී ජපාන‌යෙන් නොව සිංගප්පූරුව පදනම් කරගත් ආයතනයකින් වාහන ඇනවුම් කර ඇති බව දැකගන්නට ලැබිණ.

කෙසේවෙතත් රට බරපතළ විදේශ විනිමය අර්බූදයක ගිලී සිටියදී සහ සියලු අනවශ්‍ය ආනයන අත්හිටුවා තිබියදී මේ ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුපිරි වාහන ගෙන්වීම සම්බන්ධයෙන් විශාල සමාජ විරෝධයක් මතුවෙමින් පවතින ආකාරයක්ද දැකගන්නට ඇත.

SendShareShare
Previous Post

ආදරය කරන්න ගියාම රැවටෙනවා…

Next Post

ඩී.එස්. ඉඩම පවරා ගැනීමේ ගේම ගැහුවේ කව්ද? මන්ත්‍රී ලියුමෙන් සියල්ල එළියට!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.