• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

යාළුකම් වෙනයි, වෘත්තිය වෙනයි, ඒක තමයි අපේ රහස…

June 5, 2021
in Heart
Reading Time: 4 mins read
A A
යාළුකම් වෙනයි, වෘත්තිය වෙනයි, ඒක තමයි අපේ රහස…
Share on WhatsAppShare on Facebook

◼️ සංගීතය කෑම වගේ විවිධ රස තියෙන දෙයක්.‍‍‍‍‍‍‍‍‍‍‍‍..
◼️ අපේ ස්ටයිල් එක වෙනස්. ඒකට ආදරය කරන රසිකයෝ පිරිසක් ඉන්නවා…

සරිත්, සුරිත් කියන්නේ වයස් භේදයිකින් තොරව අපේ රටේ කවුරුත් ආදරය කරන චරිත දෙකක්. තමන්ට අනන්‍ය වූ අපූරු සංගීත රටාව හින්දා තමයි බොහෝ දෙනා මේ දෙන්නට ආදරය කරන්නේ. ඒ වගේම තමන්ගේ වයසට වැඩිය වැඩ පෙන්නුව කලාකරුවෝ දෙන්නෙක් විදිටයත් මේ දෙන්නා ප්‍රසිද්ධයි. හැමෝම ආදරය කරන සරිත් සුරිත් දෙන්නා එක්ක ටිකක් කතා කරන්න අපිත් තීරණය කළා.

🔴 අනිත් අයට ගෙදර ඉඳන් කරන්න දේවල් නැති වුණත් කලාකරුවන්ට එහෙම නෙවෙයි. ඔය දෙන්නා මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල ගෙදරට ඉඳන් කලින් පටන් අරගෙන තිබුණු අපේ සිංදු කිහිපයක වැඩ ඉවර කරගෙන යනවා.

🔴 ඒ කියන්නේ ළඟදිම අලුත් සිංදු කිහිපයක් අපිට අහන්න පුළුවන්?
ඔව්. ළඟදිම ඒ ටික අහන්න දෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

🔴 සරිත් සුරිත් දෙන්නා මේ වෙද්දි දිගු ගමනක් ඇවිල්ලා. මොකද දැන් ඒ ආව ගමන ගැන හිතෙන්නේ?
ඇත්තටම ලොකු සන්තෝෂයක් තියෙනවා. 2012දි තමයි අපි ගැන බොහෝ දෙනා දැන ගත්තේ. ඒ සිරසේ තිබුණු තරගාවලිය නිසා. ඒ වෙද්දි අපේ වයස අවුරුදු 12යි. දැන් අපි හොඳට වැඩ තියෙන බෑන්ඩ් එකක්. අපිට ආදරය කරන ලොකු පිරිසක් ඉන්නවා.

🔴 ඇත්තටම මේ වගේ තැනකට එන එක ඔබ දෙන්නගේ හීනයක් වෙලා තිබුණද?
මෙහෙමයි. මියුසික් බැක් ග්‍රවුන්ඩ් එක අපි දෙන්නටම පොඩි කාලේ ඉඳලාම ලැබුණා. මොකද අපේ තාත්තා මියුසික්වලට සම්බන්ධ කෙනෙක්. ඒ හින්දා මියුසික් එක්ක තමයි අපි දෙන්නා හැදුණේ. ඒත් කවදාහරි මේ වගේ තැනකට එනවා කියන හීනයක් අපිට තිබුණේ නැහැ.

🔴 ඒ වටපිටාව ඔබේ සංගීත ගමනට බලපෑවේ කොයි විදියටද කිව්වොත්?
ගෙදර ඒ වගේ වටපිටාවක් තිබුණත්, අපිට මේ දේ කරන්න කියලා කවුරුවත් බලපෑම් කළේ නැහැ. අපි වාදනය කරන සංගීත භාණ්ඩ පවා අපිමයි තෝරා ගත්තේ. අපි ගිටාර් එක ඩ්‍රම් එක ගහන්න ගත්තේ ස්කෝලේ යන්නත් කලින්. ස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ ඒ දේවල් හදාරන්න අපිට පුළුවන් වුණා. ඒත් ඒ තෝරා ගැනීම් අපි කළේ තනිවමමයි.

🔴 මං හිතන්නේ ඔබ කලින් කිව්ව තරගාවලිය තමයි ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වුණේ. ඒ හින්දා ඒ ගැන අපි තව ටිකක් විස්තර කතා කරමු?
අපි ඒ ගැන දැන ගත්තේ ටී. වී. එකෙන්. ඒක දැකලා නිකමට වගේ තමයි අයදුම්පත් දාන්න තීරණය කළේ. ඇත්තටම අපේ ජීවිතයේ හැමදෙයක්ම වෙනස් වුණේ එතැනින්. ඒක අදටත් අදහාගන්න බැරි වැඩක්. අපි ඒ වෙද්දි රූපවාහිනියේ දැකලා තිබුණු අයත් එක්ක එකට වාදනය කරන්න ඒ හරහා අපට අවස්ථාව ලැබුණා. ඒක අමුතුම හැඟීමක්. එතැන විවිධාකාරයේ ශෛලීන් තියෙන අය හිටියා. අපිට තිබුණේ වෙනම ශෛලියක්. ඒත් ඒ තරගාවලියේ ඒ තරම් දුරක් යන්න පුළුවන් වේවි කියලා අපට හිතුණේ නැහැ. කොහොම හරි අන්තිම වෙනකම් අපි ආවා. දැන් ආපහු හැරිලා බලද්දි ඒ ගැන පුදුමත් හිතෙනවා.

🔴 ලංකාවේ සංගීතය වෙනුවෙන් ඔබගේ දායකත්වය ලබා දෙන්නේ මොන විදියටද කියලා ඇහුවොත්?
සංගීතය කිව්වම ඒක විවිධාකාරයි. හරියට කෑම වගේ. ගමේ කෑම, චයිනීස් කෑම වගේ විවිධාකාරයේ ඒවා තියෙනවා. එතැන අපේ ස්ටයිල් එක වෙනස්. ඒකට ආදරය කරන රසිකයෝ පිරිසක් ඉන්නවා. ඒ පිරිස දිනෙන් දින වැඩි කරගන්න එක තමයි අපිට අවශ්‍ය. ඒ වගේම ඒ අය හැමදාම අපි එක්ක තියාගන්න එකත් අපේ වැඩක්.

🔴 සරිත් සුරිත්ට තියෙන්නේ වෙනමම අනන්‍යතාවයක් කිව්වොත් ඒක වැරැදි නැහැ. කොහොමද ඒක ගොඩනඟා ගත්තේ?
මං හිතන්නේ අපි පොඩි කාලේ ඉඳන් ආව විදිය තමයි ඒ. ඩ්‍රම්ස් සහ ගිටාර් කියන දේ තමයි අපේ මූලික වාද්‍ය භාණ්ඩ. ඒ ශබ්ද මුල්කර ගත්තු හඬක් තමයි අපිට තියෙන්නේ. ඒ ශබ්දය තමයි අපි එළියට දෙන්නේ. අපේ ඒ හඬට ආස පිරිස තමයි අපි එක්ක ඉන්නේ. අපි කවදාවත් කාවවත් අනුකරණය කරලා නැහැ. මං හිතන්නේ දැන් ඒ හඬ අපේ අනන්‍යතාවය බවට පත් වෙලා.

🔴 අපි දැන් සරිත් සුරිත් ඇන්ඩ් නිව්ස් ගැන කතා කරමු. කොහොමද සංගීත කණ්ඩායම හදන්න අඩිතාලම සැකසුනේ?
ඒ අදහස ආවේ අපි ස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න කාලේ. ඒ කියන්නේ 2015, 2016 විතර. ඒ වෙනකම් අපි දෙන්නා විතරයි ප්‍රසංග සඳහා සහභාගි වුණේ. ඒ වෙද්දිත් අපි දෙන්නට ආරාධනා රාශියක් තිබුණා. ඒ වගේම සංගීත කණ්ඩායමක් හදන්න කියලත් අපිට ඉල්ලීම් රාශියක් ඇවිත් තිබුණා. අපි ඒ වෙද්දි කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනමු ලැබුවේ. අපේ පාසලේම යාළුවෝ කිහිප දෙනෙක් සහ වෙනත් පාසලක යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන තමයි කණ්ඩායම පටන් ගත්තේ.

🔴 සංගීත කණ්ඩායමක නමට නිව්ස් කියන වචනය ආව එක බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම ඇයි නිව්ස් කියන එක සංගීත කණ්ඩායමට යොදා ගත්තේ?
ඒක අහම්බෙන් වුණු දෙයක්. අපි කණ්ඩායම හදලා පළමු ප්‍රසංගයේ අවසන් පුහුණුවීම් සඳහා යද්දිත් අපිට හරි නමක් තිබුණේ නැහැ. ඒත් එදා අපි නමක් දා ගත යුතු වුණා. ඒ වෙලාවේ තමයි ඔය නිව්ස් කියන නම යෝජනා වුණේ. වැඩිදුර හිතන්නේ නැතිව අපි ඒක දැම්මා. ඒක සාර්ථක වුණා. ඇත්තටම නිව්ස් කියන්නේ නිතරම අලුත් වෙන දෙයක්නේ. ඒ හින්දා ඒ නම අපිට හොඳට ගැලෙපෙනවා කියලා දැන් හිතෙනවා.

🔴 මේ තරම් පොඩි වයසකදි එකතු වුණු කණ්ඩායමක් මේ තරම් කාලයක් එකට ඉන්න එකත් ලොකු අභියෝගයක්. මොකක්ද ඒකට හේතුව?
ඇත්තටම දෙතුන් දෙනෙක් හැරුණම මුල් සාමාජිකයෝ කිහිප දෙනා අපි එක්ක තවම ඉන්නවා. අධ්‍යාපන කටයුතු හින්දා කාලෙකට ඈත් වුණත් ඒ අය නැවත අපි එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි හොඳ යාළුවෝ. ඒත් අපි කරන්නේ වෘත්තියක්. ඉතිං වෘත්තීය ජීවිතයට යාළුකම් පටලවා ගන්න බැහැ. කණ්ඩායමේ කළමණාකරු විදියට තාත්තා තමයි අපිට ඒ උපදේශය දුන්නේ. ඇත්තටම එතැනදි තාත්තා කටයුතු කරන්නේ අපි එයාගේ පුතාලා විදියට නෙවෙයි. එතැනදි වෘත්තියම විදියට තමයි තාත්තා කටයුතු කරන්නේ. මේ තරම් දුර එන්න අපිට පුළුවන් වුණේ ඒ හින්දා කියලයි මම හිතන්නේ.

🔴 අපි එහෙනම් කණ්ඩායමේ අනෙක් සාමාජිකයෝ ගැනත් මතක් කරමු?
අපි දෙන්නා ඇරුණම විහාර, රශ්මික, ලෙහාන්, වෙනුක්, තිලින සහ සෙනුරි තමයි අපේ කණ්ඩායමේ ඉන්නේ. ඇත්තටම මේ වෙලාවේ ඒ අයගේ පවුල්වල අයවත් මතක් කරන්න ඕනෑ. ලංකාවේ පාසල් වයසෙදි මේ වගේ දෙයක් කරන්න බොහෝ දෙමව්පියෝ ඉඩ දෙන්නේ නැහැ. ඒත් අපි හැමෝටම ඒ අවස්ථාව ලැබුණු හින්දයි අපි අද මෙතැන ඉන්නේ. ඒ ගැන අපේ දෙමව්පියන්ට වගේම ඒ දෙමව්පියන්ටත් ස්තුති කරන්න ඕනෑ.

🔴 අවසන් වශයෙන් අපි ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කතා කරමු?
එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මේ මොහොතේ නම් එකම බලාපොරොත්තුව පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න එක. ඊට අමතරව කලින් කිව්වා වගේ අලුත් සිංදු ටිකේ වැඩ ඉවර කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
– චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

වැස්ස බිලි 10ක් ගනී!

Next Post

චමුදිතට මරණ තර්ජන: ලියුමක සියල්ල ලියා තබයි! (VIDEO)

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.