අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද පෙරවරුවේ මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ පියා, මව, පුතා සහ දියණියගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇත.
මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 07කට බලපෑ අයහපත් කාලගුණයෙන් මේ වන විට පුද්ගලයින් එක් ලක්ෂ 83,503 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසීය.










