• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මුල්කිරිගල අලුත් කතාව

September 30, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

බෙලිඅත්ත වීරකැටිය පාරේ බෙලිඅත්ත සිට කිලෝමීටර් 15ක් ඔබ්බෙන් මෙම සුප්‍රකට මුල්කිරිගල රජමහා විහාරය පිහිටා ඇත. පැරැණි වංශකතාවල සඳහන් නොවුවද මුල්කිරිගල විහාරය බොහෝ භික්ෂුන් වහන්සේලා නිවැසි ස්ථානයක්ව පැවැතිණි. ජනප්‍රවාද අනුව සඳහන් වන්නේ සද්ධාතිස්ස රජතුමා (ක්‍රි.පූ.137 – 119) මෙම පෙදෙසේ දඩයමේ යන විට පන්සලක් ඉදිකිරීමට යෝග්‍ය පර්වතයක් පවතින බව වැද්දෙකු විසින් පෙන්වා දෙන ලද බවයි. වැද්දා සමග එම ස්ථානයට ගොස් (මූ කිවු ගල) ඉතා යෝග්‍ය බව රජතුමාට පෙනී ගොස් ඇත.

‘මූ කිවු ගල’ පසුව ‘මුල්කිරිගල’ වූ බව පිළිගැනේ. තවත් පුරාවෘත්තයක් අනුව මෙම විහාරය හක්මන උමංගල පන්සල සමග සම්බන්ධ කොට ඇත. මෙම විහාර දෙක සම්බන්ධ වන උමගක් නා රජකු විසින් නිර්මාණය කරන ලදැයි විශ්වාස කෙරේ. මෙම ලෙන් විහාරයේ ආරම්භය ක්‍රිස්තු පූර්ව දෙවැනි ශත වර්ෂය දක්වා අතීතයකට සම්බන්ධ වුවද වංශකතාව මේ ගැන සඳහන් නොකරයි. දීමනාවක් වාර්තා වන හත්වැනි සියවසට අයත් මුල්කිරිගල ශිලා ලේඛනයක් අනුව මෙම යුගයේ දී මේ විහාරය සම්භාව්‍ය තත්ත්වයෙන් පැවැති බව තහවුරු වේ. දොළොස් වැනි සියවසට අයිති ශිලා ලේඛනයක මුදුන්ගිරි නමින් හඳුන්වාදී ඇත. ක්‍රි.පූ. දෙවැනි සියවසේදී කාවන්තිස්ස රජ ඉදිකළ සමුද්දගිරි වෙහෙර මෙය විය හැකිය. විහාරයේ ආරම්භය එතරම් පැහැදිලි නොවූවද මුල්කිරිගල රාජ්‍ය අනුග්‍රහයට පාත්‍ර වූ තැනක් බව ඉතා පැහැදිලිය. අවට පවත්නා ලෙන් පද්ධතිය හා විහාරය ඉදිකිරීමට දරන ලද පරිශ්‍රමය අනුව පෙනී යන්නේ මුල් ඓතිහාසික යුගයේදී මෙම සිද්ධස්ථානයේ පැවැති වැදගත්කමයි. පළාතේ වෙනත් විහාර මෙන් මෙම වෙහෙරද අගනුවර තෙත් කලාපයට වෙනස්වීම නිසා අභාවයට යන්නට ඇත. මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයේදී විහාරය ප්‍රතිසංස්කරණය කොට ලෙන් රාශියක චිත්‍ර ඇඳ ඇත. සබරගමුවේ දිසාපති ධුරය දැරූ ජෝර්ජ් ටර්නර් විහාරය සතුව තිබු පුස්තකාලය පළමු වරට සොයාගන්නා ලදී. මෙහි අනුස්මරණීය සිද්ධියක් වන්නේ 1838 වර්ෂයේදී මහාවංශයේ පිටපතක් මුල්කිරිගලින් සොයාගැනීමට හැකි වී තිබීමය. ලන්දේසි යුගයේදි මෙම විහාරය ඇඩම්ස් බර්ග් නමින් හඳුන්වාදී ඇත. ක්‍රි.ව.1863 සිට 66 වර්ෂවල ශ්‍රී ලංකාවේ සේවය කළ ඩැනියෙල් පාර්තේ මෙම විහාරය ගැන විස්තර කථනයක් දක්වා ඇත. ඇඩම් බර්ග් සහ මුල්කිරිගල නමින් හැදින්වූයේ එකම ස්ථානය බව හෙවිඞ් කර ඇති විස්තර කථනයෙන් සහ රේඛා සටහන්වලින් සනාථ වෙයි. (ආචාර්ය එච්.ඒ.පී. අභයවර්ධන මැතිතුමාගේ රුහුණු ප්‍රවේණිය 2001 ග්‍රන්ථයෙන් උපුටා ගැනීමකි.)
මේ පිළිබද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පල්ලත්තර මහා විදුහලේ සේවය කළ ගුරුවරයකු වූ උපාලි විජයලත් මහතා කරනු ලැබූ ගවේෂණයකින් පසු හෙළිකරණු ලබන නව මතයක් මෙසේ වෙයි.

1838 දී මහාවංශයේ පිටපතක් සොයාගත්තේ යැයි කියන මුල්කිරිගල පුරාණ රජමහා විහාරය පිළිබඳ ජනප්‍රවාද කිහිපයක් ඇත. එම ජනප්‍රවාදවල කුමක් සඳහන් වුවද, ඉතාමත් විමසිල්ලෙන් මෙම පර්වතයේ ලෙන් ආශ්‍රිත විහාර පිළිබඳ සොයා බැලීමේදී මෙම විහාරයේ ලෙන් ස්ථර තුනකට පිහිටා ඇති බව පෙනේ. පර්වත මුදුනේ පිහිටි ලෙන් තුළ දහඅට රියන් සැතපෙන බුදුපිළිම හතරක් නිර්මාණය කර ඇත. මැද පිහිටි ලෙනේ සැතපෙන බුදුපිළිම එකකි. පහළම ස්ථරයේ සැතැපෙන බුදුපිළිම දෙකකි. මෙම බුදුපිළිම නිර්මාණය කර ඇති පර්වතය වානර ගෝත්‍රිකයකු වන උණහපුළුවකුගේ හිස් කබල යැයි අපි යෝජනා කරමු. වානර ගෝත්‍රයට ගෝරිල්ලා, චිම්පන්සියා, වඳුරා, රිළවා, උණහපුළුවා, මිනිසා යන සත්ව කොට්ඨාස අයත් වෙයි. උණහපුළුවාගේ ඇස් දෙක අනෙකුත් වානර ගෝත්‍රිකයන්ගේ ඇස්වලට වඩා සාපේක්ෂව විශාල වෙයි. නාසය කුඩාය. මුව දිගැටිය. රාවණ පරපුරේ එක් මධ්‍යස්ථානයක් වූ ගිරුවාපත්තුව තුළ මෙම පර්වතය පිහිටා ඇත. එබැවින් මෙම මුල්කිරිගල විහාරය ක්‍රි.පූ. දෙවැනි යුගවලට පෙර විසුවේ යැයි කියන යක්ෂ ග්‍රෝත්‍රිකයන්ගේ නිර්මාණයක් විමටද ඉඩ තිබේ.

දැන් අපි මෙම පර්වතයේ උණහපුළු වානර මුහුණක් නිර්මාණය කර ඇද්දැයි විමසිලිමත්ව බලමු. ඒ සදහා මේ අවට පිහිටි ග්‍රාම නාමවලින් යම් ප්‍රයෝජනවත් හෝඩුවාවන් ලබාගැනිමට උත්සාහ කරමු. මෙම ගල් පර්වතයේ පහළින්ම සමීපව පිහිටා ඇත්තේ ඉහළ සහ පහළ බෙලිගල්ල යන ගම්ය. ගල් පර්වතයට දකුණු දිසාවට බරව දුරින් පිහිටා ඇත්තේ බෙලිඅත්ත නගරයයි. බෙලිගල්ල ගම වානරයාගේ බෙල්ල යැයි උපකල්පනය කරන විට බෙල්ල ළඟින් ඉහළට එසවූ දකුණු අත බෙලිඅත වේ. එය බෙලිඅත්ත විමට ඉඩක් නැද්ද? පර්වතයට වම් පසින් ඈතින් පල්ලත්තර ගම පිහිටා තිබේ. එය උණහපුළු වානරයාගේ පහළට යොමු අත පල්ලත්තර විය නොහැකිද? පහළ+අත = පල්ලත්තර. බෙලිඅත්තේ සිට වීරකැටියට යන පාරේ කොන්දගල හමුවෙයි. කොන්දගලින් උණහපුළු වානරයාගේ කොන්ද නිරූපණය විය නොහැකිද? වීරකැටියේ වීර රකුසා ජීවත් වූ ප්‍රදේශය බවද, වීර රකුසාගේ මාලිගය කොන්දගල පිහිටා තිබූ බවද පත පොතේ දැක්වෙයි. බෙලිඅත්තේ සිට පල්ලත්තර හරහා වලස්මුල්ල නගරයට යන මාර්ගයේ මොදරවාන ගම් පියස හමුවෙයි. මොදරවාන යන ග්‍රාම නාමයේ අකුරු මෙසේ පද පෙරළිය කළ පසු වානර-දමෝ= වානරදම හෙවත් වානරයකුගේ හැඩරුව ගත් ගිරිදඹයක් (පර්වත ශිඛරයක් ) යන ඉඟිය නොලැබෙන්නේද? මොදරවාන පසු කළ විට වලස්මුල්ල හමුවෙයි. වලස්මුල්ල යන අකුරු පද පෙරළා බලමු. වල-ඇස-මුල යන්න පෙනේ. මුල්කිරිගල ගල්පර්වතයේ ඉහළ ස්ථරයේ ලෙන් අභ්‍යන්තරයෙන් ගැඹුරු උමගක් හක්මන උමංගල විහාරය දක්වා ඇති බව පැවසේ (උමංගල ලිපිය.) වල=ඇස=මුල යන්න ඇස=මුල=වල යන්නම වෙයි. පර්වතයේ ඉහළින්ම ඇත්තේ උණහපුළු වානරයාගේ ඇස් නම් සහ ඒ තුළ වළක් ඇත්නම් ඇස=මුල=වල යන්න යෙදීම සුදුසු යැයි හඟිමි. මේ ආකාරයට ව්‍යංගාර්ථයෙන් සඟවා ඇති අරුත් ඒකරාශී කළ විට සමස්තය තුළින් වානරයා නිර්මාණය නො වෙයිද? බෙලිඅත්ත ආසන්නයේ උණා (කූරු)ව නම් ගමකි. උණ(හපුළු)ව යන්න පද පෙරළියෙන් උණාකූරුව නම් නාමය දී ඇතැයි විශ්වාසකළ නොහැකිද?

පරිණාමවාදයේ පියා යැයි විරුදාවලිය ලත් යුරෝපීය ජාතික චාල්ස් ඩාවින් මිනිසා පැවැත එන්නෙ වානරයාගෙන් බව පළමුවරට ලොවට හෙළිකළ විද්වතා බව සුප්‍රසිද්ධය. දෙවුන්දරතුඩුවට සමීපව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට නොදුරින් පිහිටි අසාමාන්‍ය ගිරිශිඛරයක මුල්කිරිගල වානර රුව දැකිය හැකිය. ලෝක ගෝල සිතියමේ පහළින්ම ඇන්ටාක්ටිකාව පිහිටා ඇත. එහි නැඟෙනහිර අක්ෂාංශ 80හි දකුණේ සිට උතුරට යන විට ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව හමුවෙයි. සාගරයේ සිට ගොඩබිමට සංක්‍රමණය වූ ජලජ ජීවීන් උභය ජීවින් ලෙස විකරණය වී පසුව ක්‍රම ක්‍රමයෙන් අදියර කිහිපයකින් පසු වානරයන් බවට පත් වී මිනිසා බිහිවිය. මුල්කිරිගල වානරයා නිර්මාණය කර ඇත්තේ දෙවැනි සියවසට පෙර නම් මිනිසා පැවැත එන්නේ වානරයන්ගෙන් බව අපේ ආදි හෙළයන් ලොවට ඒ බව පළමුවෙන්ම සංනිවේදනය කළ බව මෙම ගිරි ශිඛරය දෙස් නොදෙන්නේද? මේ අනුව අපේ මහාවංශ පුස්තකයද මුල්කිරිගලින් පළමුව හමුවීම කොතරම් ආශ්චර්යයක් වෙයිද?

රැග් විජයසිරි

SendShareShare
Previous Post

මහපොළොව යට වවුල් රජදහන

Next Post

OPPO A Series හඳුන්වාදීමට සුපිරි තරු එක්වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.