• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මොනවා කළත් පවුල් ජීවිතයට මුල්තැන දෙනවා…

June 3, 2021
in Heart
Reading Time: 4 mins read
A A
මොනවා කළත් පවුල් ජීවිතයට මුල්තැන දෙනවා…
Share on WhatsAppShare on Facebook

මන්ත්‍රිවරුන්ගෙන් හරි කරදරයි…
FB එකේ දැකලා තමයි රඟපාන්න ආරාධනා ලැබුනෙ…

මේ දිනවල විකාශය වන ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘ආලෝකා’ චරිතය ඔබ දන්නවා ඇති. ඒ චරිතයට පණ පොවන ඇය නදුනි කරුණාතිලක. ඇගේ ආදරණීය සැමියාද ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඉතින් මේ දෙන්නාගේම නවතම කලා තොරතුරු දැනගන්න අපි නදුනි සමඟ කතාබහක නියැලුණා.

🔴 නදුනි මේ දවස්වල කොහොමද කාලය ගෙවෙන්නේ?
මේ දවස්වල විශේෂ වැඩක් නැහැ. පසුගිය දවස්වල මගේ සීයා නැති වුණා. සීයාගේ මළගෙදර වැඩකටයුතු සමග තමයි හිටියේ.

🔴 රාත්‍රියට ගොඩවෙන ඉස්කෝලේ ගැන කතා කළොත්?
‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ මම ආලෝකාගේ චරිතය තමයි රඟපාන්නේ. පාසල් ගුරුවරියක් ලෙස රඟපාන නිසා වයස් භේදයකින් තොරව හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

🔴 හැබැයි ඉතින් ආලෝකාට පාසලේ ගුරුවරුන්ගෙන් කරදර එහෙමත් තියෙනවා නේද?
මොකද සමහරු කැමැති ඉස්කෝලේ වැහිලා යනවාට. මම ඒකට විරුද්ධ නිසා ප්‍රශ්න මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි, මන්ත්‍රීවරුන්ගෙන්, ඒ වගේම සමහර ගම්වැසියන්ගෙනුත් ප්‍රශ්න මතුවෙනනවා. ඒ හැම දේකටම මුහුණ දෙමින් පාසල බේරාගන්න තමයි මම කටයුතු කරන්නේ.

🔴 ඔබ නිරූපණය කරන ආලෝකා චරිතය ගැන කතා කළොත්?
ආලෝකා කියන්නේ නුවර ප්‍රදේශයේ හැදුණු වැඩුණු කෙනෙක්. දුෂ්කර පාසලකට තමයි පත්වීම අරගෙන එන්නේ, විද්‍යා ගුරුවරියක් විදියට. ඉතින් ආලෝකාගේ ජීවිතයට සමාන ගති ලක්ෂණ මා තුළත් තිබෙන නිසා චරිතය නිරූපණය කිරීමට පුංචි පහසුවකුත් දැනෙනවා.

🔴 ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොමද?
මගේ ෆේස්බුක් එකේ පින්තූර දැකලා තමයි සම්බන්ධ වුණේ. මම මුලින්ම රඟපෑවේ ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ මාලිකාගේ චරිතය. පසුව ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යයේ රඟපෑවා.

🔴 ඔබේ ආදරණීය සැමියත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් නේද?
ඔව්, ඔහු දිනුෂ දිසානායක. හැබැයි අපි ආදරය කරන කොට කලාවට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. අවුරුදු හතරක් විතර ආදරය කරලා තමයි විවාහ වුණේ.

🔴 දිනුෂ සමග එකට රඟපෑම පහසුද?
අපි දෙන්නා එකට රඟපෑවේ ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යයේ. එතකොට අපි විවාහ වෙලා හිටියේ. හිතට පොඩි බයකුත් දැනුණා. නමුත් ඔහු ළඟ ඉන්න නිසා පොඩි සැහැල්ලුවකුත් දැනුණා.

🔴 වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ අහන්න ලැබෙන දේවල් එක්ක එකම ක්ෂේත්‍රයේ දෙන්නෙක් සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීම පහසුද?
අපි දෙන්නා අතර තිබෙන විශ්වාසයත් එක්ක අපට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොන ප්‍රශ්නයක් ආවත් අපි දෙන්නා ඒ දේවල් කතාබහ කරලා විසඳා ගන්නවා. අපි දෙන්නට දෙන්නා හොඳ අවබෝධයකින් තමයි වැඩ කරන්නේ.

🔴 ඔබගේ රඟපෑම් කටයුතුවලට දිනුෂගෙන් ලැබෙන සහාය කොයි වගේද?
මට නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණොත් ඔහුත් පිටපත සහ චරිතය ගැන කියවලා බලනවා. මට කරන්න පුළුවන් නම් කරන්න කියලා ඔහු නිදහස දීලා තියෙන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ.

🔴 රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන නිසා බිරියකගෙන් ඉටුවිය යුතු වගකීම මඟහැරෙනවාත් ඇති නේද?
මම කලින් කිව්වා වගේම මේ ක්ෂේත්‍රය ගැන අපි දෙන්නා හොඳ අවබෝධයකින් ඉන්නේ. මම ගෙදර නැති වෙලාවට දිනුෂ ඉන්න පුළුවන්. ඔහු ගෙදර නැති වෙලාවට මම ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා අපි අතර කිසි ප්‍රශ්නයක් නැහැ.ගෙදර වැඩකටයුතු වුණත් දෙන්නාම ඒ වෙලාවට කරගන්නවා. මම මොන දේ කළත් පවුල් ජීවිතයට මුල් තැන දෙමින් තමයි කටයුතු කරන්නේ.

🔴 නදුනිට හොඳට ගීත ගායනා කරන්න පුළුවන් කියලා ආරංචියි?
ඔව්, මම සංගීතය තමයි හැදෑරුවේ. දැනටමත් ගීත කිහිපයක් හදාගෙන යනවා. ඉදිරියේදී මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඒවා රසවිඳින්න පුළුවන් වේවි.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

වෛද්‍ය විද්‍යාවේ මහා පෙරළියක්! ඊශ්‍රායලය අවුරුදු 120ක් ජීවත් වෙන්න පුලුවන් බෙහෙතක් හදයි!

Next Post

කොළඹට එළවළු 12ක මල්ලක් රුපියල් 500ට!

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.