අවුරුදු 120ක් නිරෝගීව ජීවත් විය හැකි ආකාරයේ ඖෂධයක් ඊශ්‍රායලය විසින් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
පර්යේෂණාගාර මීයන් යොදා කාලයක් තිස්සේ සිදු කරන ලද මෙම පරීක්ෂණයෙහි ප්‍රතිපලයක් ලෙස මෙම ඖෂධයෙන් මීයන්ගේ ආයු කාලය 23%කින් ඉහළ ගොස් ඇති බව තහවුරු වී ඇත.
SIRT6 යන ප්‍රෝටීනය වැඩිදියුණු කර මෙම ඖෂධය නිපදවා ඇති අතර එමගින් මීයන්ගේ ආයු කාලය පමණක් නොව නිරෝගී පැවැත්මද වැඩිදියුණු වී ඇති බව පැවසේ.
මෙම පර්යේෂණයේ ප්‍රධානියකු වන ඊශ්‍රායලයේ බාර්-ඉලාන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හයිම් කොහේන් මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් පුවත්පතකට සදහන් කොට තිබුණේ මීයන්ගේ මෙම ප්‍රතිඵල මිනිසුන්ට පරිවර්තනය කොට බැලුවහොත් ඉතා සිත් ගන්නා සුලු ප්‍රතිපල ලබා ගත හැති බවකි.
වැඩිදුරටත් ඔහු සදහන් කොට ඇත්තේ මෙම ප්‍රෝටීනය නිවැරදිව මිනිසුන්ට ලබා දිය හැකි නම් වසර 120ක් නිරෝගීව ජීවත් වීමේ හැකියාව ලබා ගත හැකි බවකි.













