කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් ඩෝනීය ගුවන් යානයක් සහ වෝටර් ලිලී බෝට්ටුවක් අද රාත්‍රිය වන විට ආපදාවට පත්ව ඇති නෞකාව ආසන්නයට පැමිණීමට නියමිතය.
ගිනිගනිමන් පවතින නෞකාවේ බහලුමක අද උදෑසන පිපිරීමක් සිදු වු අතර එහිදී තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.
කෙසේවෙතත් ගින්න හේතුවෙන් මේ වනවිට නැව චෙකඩ වීමේ අනතුරක්ද මතුව තිබේ.
නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් සෙසු පිරිස නාවික හමුදාව මගින් නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන එනු ලැබීය.










