ලංකාවට එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා මාධ්‍ය හමුවේ පැවසූ කරුණු පිළිගත නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ මීට පෙර එන්නත් ගෙන්වීම භාරව සිටි ලලිත් වීරතුංග මහතාද මේ ආකාරයට එන්නත ගෙන එන බවට දින වකවානු කීවද ඒ කිසිවක් සිදු නොවූ බවකි.
ඒ අනුව ගුණසේන මහතා පිළිතුරු ලබා දිය යුතු ප්‍රශ්න රැසක් පැන නගින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් කැබිනට් මණ්ඩලය එන්නත් ගැනීම සදහා මුදල් සම්මත කර ඇත්තේද ඊයේ දින බවද ඒ මහතා පැවසීය.










