• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හෙයා ස්ටයිල් එක වෙනස් කළේ නැහැ… ඒක ඉබේම වුණා…

May 24, 2021
in Heart
Reading Time: 2 mins read
A A
හෙයා ස්ටයිල් එක වෙනස් කළේ නැහැ… ඒක ඉබේම වුණා…
Share on WhatsAppShare on Facebook

මේක තමයි ඉන්දියන් ඇක්ටර්ස්ලාගේ ස්ටයිල් එක…
කට්ටියටම මොරාල් එකක් දෙන්න මමත් තට්ටෙ ගෑවා…

“කොවිඩ්-19 උවදුරත් සමග කලාකරුවනට රාහුකාලය උදාවෙලා” කියලා පහුගිය සතියක ප්‍රවීණ රංගනවේදියකු රියැලිටි ෂෝ එකකදී බොහෝ සංවේගදායි ලෙස පවසා තිබුණා. “ෂූටිං අතරමඟ නතර වෙලා. අපි ගෙවල්වල” කියා තවත් ප්‍රවීණ කලාකරුවන් කිහිප දෙනකුම කියා තිබුණා. හැබැයි, කොවිඩ්-19 උවදුර මැද ලැබෙන යම් විරාමයන් තුළ දඩිබිඩි කලාවට හෝ කොහොම කොහොම හරි වෙලාවට කලාවට වැඩ ඉවරකර ගන්නා පිරිසක් නැත්තේම නැහැ. සුජීව ප්‍රියාල් සහ දුලීකා මාරපන ඇතුළු අසංක සායක්කාර ‘ඉන්ටර්නැසනල්’ ටෙලිනාට්‍ය කණ්ඩායමද ඒ පිරිස අතර ලහිලහියේ දුව පනින කලාකරුවන් පිරිසකි. ‘ඉන්ටර්නැසනල්’ දෙවැනි පියවර ගැන තොරතුරු දැනගන්නට වාගේම තව තව විස්තර අලුතින් කතාබහ කරන්නටත් සුජීව ප්‍රියාල් හෙවත් ‘නාඩි’හි ‘මාදිවෙල සීනා’ සොයා අප පැමිණි සුහද හෝරාවයි මේ. කතාබහට එන්නට පළමුව සුජීව අපට කිව්වේ ‘ප්‍රියලාල්’ නොකියා ‘ප්‍රියාල්’ යනුවෙන් ඔහුගේ නම සඳහන් කරන්නටැයි කියාය.

🔴 ඉතින් ප්‍රියාල් ‘සංචරණ සීමා’ මැද ‘ඉන්ටර්නැසනල්’ දෙවැනි පියවර වැඩ පටන් අරගෙනලු නේද්?
ඔව්. හැම දේම සමථයකට පත්වෙන තුරු බලා ඉන්න ගියොත් හැමදේම එතැනම තමයි. ඒ නිසා මේ දවස්වල ‘ඉන්ටර්නැසනල්’ දෙවැනි අංගයෙහි ෂූටිං ලහිලහියේ සිදුවෙනවා.
🔴 දෙවැනි පියවරට ආවේ පළමු පියවර හිට් වූ නිසාද?
නැතුව, ඉල්ලුමක් නොතිබුණා නම් ‘ඉන්ටර්නැෂනල්’ දෙවැන්න නිර්මාණය වන්නේ නැහැ. අනෙක ප්‍රේක්‍ෂකයන්ට වාගේම ස්වාධීන රූපවාහිනියටත් ‘ඉන්ටර්නැසනල්’ දෙවැනි පියවරට කඩිනමින් යෑමේ ඕනෑකමක් වාගේම අසීමිත උනන්දුවකුත් තිබුණා.
🔴 දෙවැන්න සඳහාත් ‘ඉන්ටර්නැසනල්’ට ලැබෙන්නේ හවස 6 හෝරාවද?
සවස 6 හෝරාව තුළ අපට ‘ඉන්ටර්නැසනල්’ පෙන්වීමේ යෝජනාව ඔවුන් කළේ අලුත් බෙල්ට් එකක් ප්‍රේක්‍ෂකයාට හඳුන්වා දෙන්නයි.
🔴 ඒ හඳුන්වා දීම සාර්ථක වුණාද ප්‍රියාල්?
ස්වාධීන රූපවාහිනිය ‘ඉන්ටර්නැසනල්’ සවස 6 හෝරාවට විකාශනය කිරීම තුළ ඔවුනගේ බෙල්ට් එකේ නවතාව මත සාර්ථක කරගත්තා. ඇත්තෙන්ම එය අපට ලොකු සතුටක්. නමුත් ‘ඉන්ටර්නැසනල්’ වාගේ සමාජයට පාඩමක් ගෙනදිය හැකි ටෙලි කතාවක් හවස 6 වාගේ ප්‍රේක්‍ෂකයා ආලින්දයට එක් නොවන අවස්ථාවක විකාශය කිරීම ගැන ඇතැම් අය අපට චෝදනා කළා.
🔴 ඒ චෝදනාවෙහි අදහස ‘ඉන්ටර්නැසනල්’ දෙවැනි පියවර සඳහා වෙනත් වේලාවක් බලාපොරොත්තු වන බවද?
එවැනි අවධානයක් මේ සඳහා යොමු වෙනවා නම් වඩා හොඳයි කියන මතය තුළ අසංක සායක්කාර, මම සහ දුලීකා සිටිනවා.
දසවස 6 හෝරාව තුළ විකාශනය වුවද ‘ඉන්ටර්නැසනල්’ සුමති උළෙලෙහි ජනප්‍රියම ටෙලිනාට්‍ය පෙළට තේරී තිබුණා?
සත්තකින් එහි විවාදයක් නැහැ. මොකද ‘යූටියුබ්’ හරහා අසීමාන්තිකව ප්‍රේක්‍ෂකයන් එය නරඹා තිබුණා. විශේෂයෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් එයට ඉතාම ප්‍රියමනාප ප්‍රතිචාර දැක්වූවා.
🔴 හිතෙන්නෙ නැද්ද ප්‍රියාල් ජනප්‍රියම සම්මානය හිමිවිය යුතුව තිබුණේ ‘ඉන්ටර්නැසනල්’ ටෙලිනාට්‍යයට කියලා?
සම්මාන, තිළිණ දීම ගැන විවේචනය කරන්නට ගියොත් මා කුහකයකු ලෙස ලේබල් ගැසෙන්නට පුළුවන්. ඒ නිසා ඒ ගැන අපි කතා නොකර ඉඳිමු. ඒ වගේම මම එස්.එම්.එස්. මනාප ක්‍රමය ගැන එතරම් පැහැදීමක්ද නැහැ. අනෙක් කාරණය ‘ඉන්ටර්නැසනල්’ ප්‍රේක්‍ෂකයා අතරට ගියා. ඔවුන් එය හිස්මුදුනින්ම පිළිගෙන හුරේ පාරක්ද දමා අවසන්. දෙවැනි පියවරට ස්වාධීන රූපවාහිනිය විසින්ම ‘ඉන්ටර්නැසනල්’ට ආරාධනා ලැබුණේද ඒ නිසයි. ඉතින්, තව මොන සම්මානදැයි කියා මම ඔබෙන් අහනවා.
🔴 ‘ඉන්ටර්නැසනල්’ දෙවැනි පියවර සඳහා ගන්නේ අලුත් මුහුණුමද?
බොහෝ විට ‘ඉන්ටර්නැසනල්’ පළමු පියවරේදී වාගේම දෙවැන්නේදීද අලුත් මුහුණු කැන්දාගෙන ආවා. අලුත් මුහුණුය කිව්වාට ඔවුන් වේදිකාවෙන් ආභාසය ලබාගත් වේදිකා නාට්‍ය කලාව ඇසුරු කළ පිරිසක්. නිදසුනක් දෙනවා නම් සිලිඳු රන්වල රාජ්‍ය නාට්‍ය උළෙලෙහි හොඳම නිළි සම්මානය දිනූ රංගවේදිනියක්. දිලිනි ජයමාලි ඇතුළු අනෙකුත් රංගනවේදීන්ද ඒ අතර සම්මානනීයයයි. අසංක, මම සහ දුලීකා වෙතින් සිදුවූයේ, අලුත් සහ යමක් දැනෙන්නට කළ හැකි පිරිසක් ටෙලි කලාවට හඳුන්වා දීමයි.
🔴 ඔබ හිතන්නේ ටෙලියක් ජනප්‍රිය කරලීමට තරු අවැසි නැතැයි කියාද?
අපොයි නැහැ. මම එහෙම කියන්නේ නැහැ. ‘තරු’ අවශ්‍යයි. ඒ අතරට අලුත් දැක්මක් සහ වෙනසක්ද අවශ්‍යයි.
හෙයා ස්ටයිල් එක වෙනස් කළේ ඒ වාගේ අලුත් දැක්මකටද?
හෙයා ස්ටයිල් එක වෙනස් කළේ නැහැ. ඒක ඉබේම වෙනස් වුණා.
🔴 කතාව තිබුණේ නම් ඔබ ‘මාදිවෙල සීනා’ වෙනුවෙන් එය වෙනස්කර ගත්තා කියලයි?
එහෙම ආරංචියක් නම් තිබුණා තමයි. හැබැයි සිද්ධ වුණේ වෙන දෙයක්. මෙන්න මේකයි ඒ කතාව. මම ඩිරෙක්ට් කළ ‘සුපර්ණා’ ෆිල්ම් එකේ රංගවේදීන් පිරිසකට කොණ්ඩෙ තට්ටෙ ගාන්න සිද්ධ වුණා. ඒ අතර විශ්වජිත් ගුණසේකර, දර්ශන් ධර්මරාජ් ඇතුළු තව පිරිසක්ම හිටියා. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ හැටියට මටත් හිතුණා මගේ කොණ්ඩෙත් තට්ටෙ ගාලා එහි රංගනවේදීන්ට පුංචි පහේ ‘මොරාල්’ එකක් දෙන්න. ඔන්න ඉතින් මම හොඳට තට්ටෙ ගෑවා. මෙන්න වදේ ටික ටික කොණ්ඩ ගස් එනවා. කළුපාට වෙනුවට අමුතු ‘ග්‍රේ’ පාටකට. ඒක දැකලා මගේ නෝනා දුලීකා කියනවා, මාර ලස්සන කලර් එකක් ප්‍රියාල්. ඔහොමම වැවෙන්න දෙන්න. අද ඕක තමයි ඉන්දියන් ඇක්ටර්ස්ලගෙත් ස්ටයිල් එක කියලා. කියන්නත් වාගේ මට ඔළුවට ආවේ කොලිවුඩ් සිනමාවේ ‘අජිත් කුමාර්’ව. ඒ වගේම මගේ හෙයා ඩේ‍රසර් රවීත් කිව්වා මාර ලස්සන කලර් එකක් ඕක, ඔහොමම තියමු කියලා. ඔන්න ඕක තමයි මගේ හෙයා ස්ටයිල් එකේ ඇත්ත කතාව.
🔴 ලිලන්ත කුමාරසිරි ‘මාදිවෙල සීනා’ගේ චරිතයට’ ඔබව තෝරාගන්න එය හේතු වුණේ නැතිද?
අන්න ඒ කතාව නම් හරි. ලිලන්ත කුමාරසිරි මගේ කොණ්ඩෙ පාට දැකලා තමයි මුලින්ම මම තමයි ‘මාදිවෙල සීනා’ කියලා තීරණය කරලා තිබුණේ.
🔴 ඔබ රඟපෑ කැමැතිම චරිතය ‘මාදිවෙල සීනා’ද?
එහෙම කියන්න බැහැ. මම රඟපෑ චරිත කිහිපයකටම මම ආසයි. හැබැයි පුන පුනා කතාකරන්න පුළුවන් ‘මම යමක් කළා’ යැයි ආඩම්බර වෙන්න පුළුවන් චරිත නිරූපණයක් මට තවම ලැබිලා නැහැ මම හිතන්නේ.
🔴 ඔබ කනස්සල්ලෙන්ද ඉන්නෙ ඒ ගැන?
කනස්සල්ලක් නම් නැහැ. හැබැයි එහෙම චරිත නිරූපණයක් මම හොයමින් සිටිනවා කිව්වොත් හරි. මේ චරිතයට ආසයි, අහවල් චරිතය හොඳයි කියා තෘප්තිමත් වෙනවාට වඩා, ඒ සොයා යෑම තුළ මම හිතන්නේ මට පුළුවනි තව තව සාර්ථක වෙන්න.
🔴 කලාකරුවකු හැටියට ඔබේ බලාපොරොත්තු එපමණයිද ප්‍රියාල්?
නවතම වේදිකා නිර්මාණයක් සඳහා යම් කතා වස්තූන් මා සතුව තිබෙනවා. එයට නිසි කාලය පැමිණෙන තුරු මම බලා සිටිනවා.
– දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බැසිල් ‘සූම්’ එකෙන් මෙහේ වැඩ!

Next Post

ජනතාවට නැති නිසා සජිත් එන්නත එපා කීවා! (VIDEO)

MORE NEWS

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News
Heart

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.