• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

වැරදුණත් ආ මඟ සුන්දරයි ගොම්බානිය

May 11, 2021
in Holiday
Reading Time: 1 min read
A A
වැරදුණත් ආ මඟ සුන්දරයි ගොම්බානිය
Share on WhatsAppShare on Facebook

මාර්තු මාසයේ සති අන්තයේ ඉරිදා දිනක ලද නිවාඩුවත් සමග හදිස්සියේම මා ඇතුළු යහලුවන් කිහිප දෙනෙකු එකතු වූයේ නකල්ස් වනයේ තවත් එක් සුන්දර කඳු මුදුනක් තරණය කිරිමටය. කිසිදු පෙර සුදානමකින් තොරව සංවිධානය වු මෙම ගමනේ අපගේ ගමනාන්තය වුයේ සුන්දර නකල්ස් කඳු පන්තියේ උසම කඳු මුදුන වන ගොම්බානිය තරණයටය. මෙහි උස මීටර් 1906 හෙවත් අඩි 6248කට පමණ වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ හුලුගඟ නගරයේ අලකොළවත්ත වතුයායට ආසන්නව මෙම කඳු මුදුන පිහිටා ඇති අතර කන්ද පාමුලටම යාමට මාර්ගයක් ඇතත් එම මාර්ගය දැඩි ලෙස අබලන්වී තිබුණි. හුලු ගග ප්‍රදේශය ඉතා අලංකාර දිය ඇලි, කදු පන්ති වලින් සමන්විත සුන්දර ප්‍රදේශයකි.
උදෑසන 7ට පමණ වත්තේගම නගරයට එක් වු මා ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම උදේ ආහාරද ගෙන හුලුගඟ නගරයට පැමිණි අතර එයින් දහවල් ආහාර සදහා අවශ්‍ය ද්‍රව්‍ය ගෙන අළකොලවත්තේ අවසානය දක්වා ගමන් කෙරුණි. කිලෝ මීටර් 6ක් පමණ වු මෙම දුර ගමන් කිරිමට පැයකට ආසන්න කාලයක් ගියේ මාර්ගයේ වූ අබලන් තත්වය නිසාවෙනි. සමහරක් ස්ථාන වල පයින්ද ගමන් කිරිමට සිදුවිය.

ඉන්පසු අලකොලවත්තේ අවසන් ලයිම් කාමර අසල වු බිමක අපගේ යතුරුපැදි දමා උදෑසන 10ට පමණ ගමන ආරම්භ කරන ලදි. වැසි රහිත පැහැදිලි කළගුණයක් පැවතුණද මෙම ප්‍රදේශයේ කාළගුණය සැනකින් වෙනස් වන බව අප පෙරසිටම දන්නා කරුණක් විය. කෙමෙන් කෙමෙන් අප උණ බට ගස් අතරින් වටවු මාර්ගයකින් ඉහලට ඇදුනු අතර අතරමග හමුවු ගල්තලාවක විනඩි කිහිපයක් විඩාව නිවාගත්තේය. නැවත ඉහලට ගමන් කල අපට හරිත වර්ණයෙන් පිරුණු නකල්ස් කඳු පන්තියේ සුන්දරත්වය මනාව දක්නට ලැබුණි.

මේ සුන්දරවය විදිමින් ඉහලට ඇදුනු අපට කදු මුදුනට පැමිණිමට පෙරම කාළගුණය හරස්විය. එය නකල්ස් වලට ආවේණිකය. කුඩා හිරිපොදක් ඇද හැලෙන්නට වූ අතර ක්‍රමක් ක්‍රමයෙන් සුළග සහ මීදුමද වැඩිවිය. මීදුම නිසා නිවැරැදි මාර්ගය සොයා ගැනීමට පවා සමහර ස්ථානය වලදි අපහසු විය. මාර්ගය බොහෝ ස්ථාන වල අපට වඩා උසකින් යුත් උණ බට හා තවත් උස් ගස් වලින් යුත් මාර්ගයක් විය. ඉහලට යාමේදි කදු මුදුන් මිදුමෙන් වැසෙන දර්ශනය ඉතා අලංකාරයි. මීදුම හා වර්ෂාව මධ්‍යයයේ පැය 4කට ආසන්න ගමනකින් පසු අප ගොම්බානිය කදු මුදුනට ලගාවිය.

ගොම්බානියට ඉදිරියෙන් යකුන්ගේහෙල නිම්නයයි. යකුන්ගේහෙල බෑවුම අඩි 1000කට ආසන්න ප්‍රපාතයකි. මෙය ලංකාවේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකි. ප්‍රධාන ගංගා, ඇල දොළ කිහිපයකටම අවශ්‍ය මුල් දියවර ලැබෙන්නේ මේ ප්‍රදේශයෙනි. පැහැදිලි දවසක නම් මෙහි සිට ඇති අවට දර්ශනය ඉතා සුන්දර බව මා ඡයාරූප වලින් දැක ඇත.

කදු මුදුනට මදක් පහලින් මද බෑවුමකින් යුත් ගල් තලාවකි. කදු නගින්නන් බොහොමයක් කදවුරු බැදිම සිදු කරන්නේ මෙම ස්ථානයේය. ගල් තලාව මත සිට අප ගෙන ආ බිස්කට්, චොකලට් වර්ග ආහාරයට ගත් අතර වර්ෂාව තව තවත් වැඩිවිය. අවට කිසිදු පැහැදිලි දර්ශනයක් නොවීය. සෑම ප්‍රදේශයක්ම දැඩි මීදුමකින් වටවී තිබිණි. යකුන්ගේහෙලෙන් එන සුළගේ ශබ්දයද තවත් වැඩිවිය. මීදුම කොතරම්ද කියනවා නම් මාගේ අසල සිටින මිතුරන් පවා හදුනාගැනීමට අපහසුය. පැයකට ආසන්න කාලයක් ඉහල රැදි සිටි අප මෙම අයහපත් කාළගුණය නිසා තීරණය කලේ තවත් මෙම ස්ථානයේ සිට පලක් නොමැති බවයි. එම නිසා නැවතත් රැගෙනා ආ සියලුම දෑ සමග පහලට බැසිමට තිරණය විය.

මද දුරක් පහලට බැසීමේදි පහල ඇති ගල් තලාවක් මතට පැමිණි අපට මාර්ගය සොයාගැනිමට අපහසු වූයේ දැඩි මීදුම නිසාවෙනි. වල් ඌරන් සහ අනෙක් සතුන් එහා මෙහා ගිය පාරවල් සෑම තැනම විය. සියලුමදෙනා එක් තිරණයකට පැමිණ එක් මාර්ගයක ගමන් කිරිමට කටයුතු කල අතර එහි පහලට යාමේදි එය වැරදි මාර්ගයක් බව අපට වැටහුනි. ඉන්පසු නැවත අප සිටි ගල් තලාව මතට පැමිණ තවත් මාර්ගයක් ඔස්සේ පහලට බැසිමට උත්සාහ කල අතර එය නිවැරදි මාර්ගය බව තේරුනේ අතරමග හමුවු ස්ථාන අප කලින් පසුකර ඇති තැන් බව සියල්ලන්ටම තේරුණු නිසාවෙනි. පැයක පමණ ගමනකින් අනතුරුව අප වේගයෙන් පහලට පැමිණියේ වර්ෂාව හා මීදුමේ කිසිදු අඩුවක් නොමැති නිසාවෙනි.

ගිය සැමගේම ගමන් මලු සහ ඇදුම් තෙතබරිත වී තිබුණි. පහළ ලයිම අසල පිහිටි පොකුණක් වැනි වතුර රැදුන ස්ථානය අප නා ගැනිමට තිරණය කලේ එහි සිටි අයගේ අවසරය මතය. විනාඩි 15ක් පමණ ඉතා සීතල වතුරේම නා ගත් අප ඉක්මනින් නැවතත් වත්තේගම නගරයට පිටත් වීමට අප යතුරුපැදි දැමු ස්ථානයට පැමිණියහ. සවස 04ට පමණ වත්තේගමට නගරයට පැමිණි අප තවත් එක් සුන්දර චාරිකවක් නිමා කර සියල්ලන්ම තමන්ගේ නිවෙස් වෙත පිටත්විය.

සංජීව දිලාන් රත්නසිරි

SendShareShare
Previous Post

මිහින්තලේ රාජ්‍ය බැංකුව මහ රෑ කඩයි

Next Post

එන්නත ගැන එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.