• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කඩිමුඩියේ හැදෙන ටෙලි ආලින්දයේ සිනමාව විකාරයක් කරලා…

May 9, 2021
in Heart
Reading Time: 5 mins read
A A
කඩිමුඩියේ හැදෙන ටෙලි ආලින්දයේ සිනමාව විකාරයක් කරලා…
Share on WhatsAppShare on Facebook

හොඳ නිර්මාණයකට සංයමය සහ ඉවසීම අවශ්‍යයි…

චරිතයක් සාර්ථක වන්නේ එහි පෙනී සිටිනවාට වඩා එය ප්‍රති නිර්මාණය කිරීම තුළයි…

ශනිදාවේ සහ ඉරු දිනයෙහි ගොම්මන් යාමය ආලින්දයේ සිනමාවට කෙමෙන් කෙමෙන් යහපත් කාල වේලාවක් උදාකොට දී ඇත. යුග විලක්කුව, අසංවර වැස්සක්, මහ පොළොව සහ දුන්හිඳ අද්දර ඔස්සේ පැමිණි ඒ හෝරා කාලය පසුගිය සතියක ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සකර්ම’ ටෙලියටද 8.30 වේලාව හිමිකොට දුන්නේ ටෙලි ප්‍රේක්‍ෂකයන්ගේ හිතට, මනසට හොඳ යමක් නැරැඹීමේ වාසනා මහිමය උදාකරලමිනි. ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායකයන්ගේ ‘පරඬැල්’ කෘතිය ඇසුරෙන් නිමවුණු ‘සකර්ම’ අති දක්‍ෂ රංගවේදීන් කිහිපදෙනෙකුගේ සියුම් නිරූපණයන් හරහා ගොඩනැඟුණු ප්‍රශස්ත නිර්මාණයකි. ප්‍රියංකර රත්නායකද ඒ සියුම් නිරූපණයන් අතර එක් නිරූපණයක් දියත් කරන්නෙකි. චරිත ගොන්නක් බාරගෙන සතිය පුරාවට පැය විසි තිස් ගණනකදී ආලින්දයට වරින් වර එබී බලන්නට මනාප නැති ප්‍රියංකර.., වසරකට චරිතයක් හෝ දෙක තුනක් රඟ දක්වන්නේ ප්‍රේක්‍ෂකයාට කිසි විටෙක අමතක කරන්නට බැරි මතකයක් ඉතිරි කර තබමින්ය. මෑතකදී ඔහු දුන් ඒ මතකය තුළ ‘කැන් යූ හියර්මි’ හී බේබදු තාත්තා එක් අයෙකි. දෙවනුව දැන් ඒ හා සමව ගොඩනැඟෙන්නේ ‘සකර්ම’ හී දරු පස් දෙනෙකු පිරිවරා ගත් දුප්පත් ‘ගොවි තාත්තාය.’ ඉතින්.., ඒ කදිම ගොවි තාත්තාව ‘මව්රට’හි ‘හදවත’ට කැන්දා ගෙන ඒමට අපට දැනුණු සිත්කලු පිපාසයක ප්‍රතිඵලයයි මේ ඔබ අත්විඳින්නේ.

🔴 ඉතින්… කියන්න ප්‍රියංකර… කොතැනින්ද ඔබ හා කතාබහට අප ආරම්භය දෙන්නේ?
ඔබ දෙන ආරම්භය කොයිකද මම ඒ සමග මගේ හඬ අවදි කරන්නම්.

🔴 එහෙනම් ‘රතු වෙස්මුහුණු’ ගැන ටිකක් කතා කරමු?
ඛේදනීය කතාවකටයි ඔබ මුල පිරුවේ. ‘රතු වෙස් මුහුණු’ වේදිකා නාට්‍ය මම ඉතාම ප්‍රියතාවයෙන් කළ අධ්‍යක්‍ෂණයක්. මංගල දර්ශනයත් සමග එය වේදිකාගත කිරීමට හැකි වූයේ දර්ශන වාර දෙකක් පමණයි. එයට පසු කොවිඩ් පළමු රැල්ල නිසා එය අතරමග නතර වුණා.

🔴 රතු වෙස්මුහුණු නාට්‍ය තුළ තේමාව වූයේද ‘වසංගත’ කාල සීමාවක සිදුවීමක්?
ඔව්… එය පුදුමයක්. ඇත්තෙන්ම, ‘ඊඩිපස්’ යන නිර්මාණය පාදක කොට ගෙන මා තුළ ‘රතු වෙස් මුහුණු’ තුළ වූයේ වසංගත කාලයකට නොසැලී මුහුණ දෙන අභිමානවත් කතා පුවතක්. හොඳ නිර්මාණයක්. දර්ශන වාර දෙකකට සීමාවීම කනගාටුවක් ඇත්තෙන්ම.

🔴 ඔබ ‘රතු වෙස්මුහුණු’ වලට නැවතීම තැබුවාද?
මම එච්චර අධෛර්ය සම්පන්න නැහැ. දෙවැනි කොවිඩ් රැල්ල සමග ඉතාම අවදානම්ව පැතිර යන තුන් වැනි කොවිඩ් රැල්ලෙන්ද එයට බාධා පැමිණියාට කවදාක හෝ මම ‘රතු වෙස්මුහුණු’ නැවැත වේදිකා ගත කරනවා.

🔴 ‘සකර්ම’ තුළින් ඔබ නැවැතත් චරිත නිරූපණයට ඇවිදින්?
කිසිවිටෙක මම රංගනයට තිත තැබුවේ නැහැ. හොඳ නිර්මාණයක් මා හමුවට පැමිණියහොත් ස්ථිරවම මම එය සතුටින් බාර ගන්නවා.

🔴 ‘කැන් යූ හියර් මී’ සහ ‘සකර්ම’ ඔබව සොයා ආ හොඳ නිර්මාණද?
අනිවාර්යයෙන්ම එය එහෙමයි. මම ඉතාම ආත්මතෘප්තියෙන් යුක්තව එම චරිත නිරූපණයන් සඳහා මැදිවූවා.

🔴 ‘ගැමි ගොවි තාත්තා’ සහ ‘බේබදු තාත්තා’ එකිනෙකට වෙනස් චරිතයන්?
රංගන වේදියකුට හිමි වන වාසනාව එයයි. එක් චරිත නිරූපණයට ඊළඟ චරිත නිරූපණය එකිනෙකට පරස්පර විරෝධී නම් එය ඉතාම අපූරු සංසිද්ධියක්. සුවිශේෂීව මම එයට හුඟාක්ම මනාපයි.

🔴 ඔබට ආරාධනය ලැබුණේ, ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන්?
ඔව්… මම ඔහුව හොඳින්ම අඳුනනවා. වසර 15කට පළමුව මම ඔහුගේ ඒකාංගික ටෙලිනාට්‍යයක රඟපෑවා. එයට පසු මම රඟ පෑ ‘ගිරිකුල’ ටෙලිනාට්‍යයේ සම අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළා. එනිසා ඔහු සමග වැඩ කිරීම අපහසු වුණේ නැහැ. ඒ අතරම සකර්ම තිරපිටපත කඩිනමින් මගේ සිත ගත්තාය කිව්වොත් තවත් නිවැරැදියි.

🔴 ඔබ බොහෝ විට චරිතයක් තුළ දී තිරපිටපතකට එහා ගිය දේ කරනවා?
එතැන ඇත්තේ තිරපිටපතට එහා ගිය යමක් නෙවෙයි. තිරපිටපතකට රංගනවේදියකු විසින් කරන සාධාරණයයි. සරලවම කියනවා නම් තිර පිටපතක් කියන්නේ අපට හිමිවන චරිතය හඳුන්වා දෙන තැන සහ එහි කාලය කොපමණයිද, අවසානය කොතැනද කියා හඳුන්වා දෙන තැන පමණයි. අපේ හැසිරීම, කතා බහ සහ අංග චලනයන් ගැන තිරපිටපතෙහි සඳහන්ව නැහැ. තිර පිටපතක් අතට ගත් විට මම එක හුස්මට එය කියවන්නේ නැහැ. සියුම්ව ඒ තුළ අසුන් ගන්නවා. දැන් ඒ අසුනේ ඉඳගෙන මා ඉදිරියේ තිබෙන මගේ චරිතය ගැන මම අධ්‍යයනය කරනවා. එයට පසු මම මෙහි මට කළ හැකි උපරිමය කොයිතරම්ද කියා හිතනවා. එතැනින් පසුව සෙට් එකට පැමිණීමෙන් අනතුරුව අධ්‍යක්‍ෂවරයා දුන් මූලාශ්‍ර හරහා ‘චරිතය තුළ පෙනී හිටිනවාට වඩා යමක් මම කරන්නට උත්සාහ ගන්නවා. චරිතයක් සාර්ථක වන්නේ එහි පෙනී සිටිනවාට වඩා එය ප්‍රති නිර්මාණය කිරීම තුළයි. ‘සකර්ම’ ටෙලිනාට්‍ය නිදසුනකට ගන්න. ප්‍රියරත්න ප්‍රනාන්දු එහි ‘ගොවි තාත්තා’ ලෙස රඟපාන මට කියනවා ‘ඔයා මෙතැනදී අර නුග ගහ දිහා බලාගෙන ඉන්න’ කියලා. එතැනදී මම නුග ගහ දිහා බලන්න ගන්නේ මම කැමැති කෝණයට සිටයි. ඇසිපිය ගහනවද, සුසුම් හෙළනවද, ඔළුව කසනවද කියන තීරණය කරන්නේ මගේ නිරූපණ හැකියාවයි. අනෙක අර කී නුගගහදමය යම් චරිත වස්තුවක්. මම ඒ දෙස බලන්නේ මට සහායට පැමිණි ‘තවත් හුස්ම වැටෙන ජීවියකු දෙස බලන විදියටයි. අන්න එවැනි සිතුවිලි තුළ රංගනවේදියකුට නම් චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්.

🔴 රූගත කිරීමකට පළමුව ඔබ සහායක චරිත නිරූපකයන් සමග අදහස් හුවමාරු කර ගන්නවලු?
නැතුව කොහොමද අපි අපේ චරිතය සාර්ථක කර ගන්නෙ. ‘සකර්ම’ තුළ එක්රොක්ව සිටින අති දක්‍ෂ රංගන ශිල්පීන් හැමෝම එම අදහස් හුවමාරුවෙහි නියැලුණා. මම, චම්පා ශ්‍රියාණි, උමාලි, ප්‍රසන්නජිත් වාගේම අනෙක් හැමෝම එවැන්නක නියැලුණ නිසයි ප්‍රියන්ත ප්‍රනාන්දු නම් ප්‍රවීණයාට තම සාර්ථක නිර්මාණය අලංකාරව ප්‍රේක්‍ෂකයා වෙත ඉදිරිපත් කරන්න අවැසි මෙවලම් ලැබුණේ.

🔴 සාර්ථක නිර්මාණයකට ඉවසීම සහ සංයමයද අවැසි බව ඔබ කොතැනක හෝ කියා තිබුණා?
මෙතැනදිත් මම එය කියනවා. ආලින්දයේ සිනමාව විකාරයක් බවට පත් කළ මෙගා රැල්ලට නිමවෙන නාට්‍ය කඩිමුඩියේ නිම කළාට හොඳ නිර්මාණයකට සංයමය සහ ඉවසීම අවශ්‍යයි. ‘සකර්ම’ නාට්‍ය කොරෝනා අවදානමට නිතර හසුවුවත් එය අඛණ්ඩව කරගෙන යෑමට අපට නොහැකි වුණා. කඩින් කඩ නතර කරමින් වසරක් පුරා එය ඇදී ගියා. හිතලා බලන්න අප කායිකව, මානසිකව කොයිතරම් නම් එතැනදී ඇදවැටෙන්න තිබුණද? නමුත් අප ඒ ඇදවැටීමට බඳුන් වූයේ නැහැ. ප්‍රියන්ත නිෂ්පාදක චන්දන ඇතුළුව අපි හැමෝම ඉවසීමෙන්, සංයමයෙන් මෙහි අවසානය දෙස බලා සිටියා. එයට කල් දුන්නා. ඒ වාගෙම අප හැමෝම කල්මැරුවා. කැපවීම කියන්නේ එයයි.

🔴 මෙගා රැල්ල තුළ ඒ කැපවීම නැති බවද ඔබ කියන්නේ?
මෙගා නාට්‍ය රැල්ල උසස්ය කියන ටෙලිනාට්‍ය කලාවට වඩා වෙනස් ‘සකර්ම’ හෝ ‘මහපොළොව’ වැනි නාට්‍ය දවසකට රූගත කිරීම් පහක් හෝ හයක් කරනවා නම් මෙගා රැල්ලට හැදෙන නාට්‍ය කලාව එක දවසකට රූගත කිරීම් 15ක් හෝ 20 – 25ක් කරනවා. ළඟකදී මට මෙගා නාට්‍යයකට ආරාධනා ලැබුණා. එතැනදී ඔවුන් මට කියා සිටියා, දර්ශන 15ක්, 20ක් එක දිනයකට කරනවා කියා. මම පුදුම වුණා. මම ඒ අයගෙන් ඇහුවා කොහොමද එහෙම කරන්නේ කියලා. ඇත්තෙන්ම එය ඔවුනට හරිම සුළු දෙයක් වාගේ පෙනුණේ.

🔴 ඔබ එය අතහැර දැමුවද?
ඔව්… මම කාරුණිකව එය ප්‍රතික්‍ෂේප කළා. මොකද මම නාට්‍ය කලාව හැදෑරුවේ වසන්ත ඔබේසේකර සහ තිස්ස අබේසේකර වැනි ප්‍රවීණයන් හමුවේ. ඔවුන්ගෙන් ලද ගුරුහරුකම් තුළයි. ඔවුන්ගෙන් මම ඉගෙනගත්තේ කැමරා ශිල්පය සහ ‘සෙට්’ එක තුළ සහ ඒ ආදළ නිර්මාණය තුළ ඇප කැපවී සිටින නිර්මාණ කලාවත්, දවසක රූගත කිරීම් 20 – 25ක් කරන කලාවට වඩා එය හරිම සියුම්. ඒ සියුම් බව තමයි හොඳ නිර්මාණවලට ජීවය දෙන්නේ.

🔴 ඔබ ගරු කරන හෝ ආදර්ශය කරගත් රංගවේදියකු සිටින්නේ නම් ඒ කවුරුන් විය හැකිද?
මම කිසිවකු අනුකරණය නොකරන බව මෙහිදී ඔබට පළමුව කියා සිටිනවා. ඒ වාගේම මම යමක් ඉගෙනගත් රංගවේදීන් කිහිපදෙනෙකු වේ නම් ඒ අතර ගාමිණී ෆොන්සේකා, මාලන් බ්‍රැන්ඩෝ සහ චාලි චැප්ලින් විශේෂයි.

🔴 ඒ සුවිශේෂී බවට හේතු දැක්විය හැකිද?
මම ඔය ප්‍රශ්නයට උත්තරය ඔබට ඉහතක දුන්නා. නැවැත කියන්නම්. මා නම් සඳහන් කළ ඒ විශිෂ්ට රංගවේදීන් කවදාකවත් යම් නිර්මාණයක පෙනී සිටීමක් කළේ නැහැ. ඔවුන් හැමදාමත් කළේ තම චරිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. අධ්‍යක්‍ෂවරයාගෙන් ලද මූලාශ්‍ර හමුවේ ඔවුන් හැමෝම ඉතාම සියුම්ව තම තමන්ගේ චරිත නිරූපණයන්ට තමන්ට අවැසි අඩුවැඩිය අපූරුවට දුන්නා. මමද ඒ දීමනාව තුළ බොහෝ දෑ ඉගෙනගත්තා, එච්චරයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දැනදැනම කොරෝනා හැදුණු සිසුවා ‘ලන්ඩන් ඕලෙවල්’ ලියන්න BMICH යවලා!

Next Post

ලොකුගේ ඇරපු පිළියන්දල මාකට් එකෙන් ආසාදිතයන් 101ක් අහම්බෙන් හමුවෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.