අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන්ට සිදුකළ පරීක්ෂණවලදී පුද්ගලයන් 101 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග පිළියන්දල නගරයේ පොදු වෙළඳ සංකීර්ණය දින නියමයක් නොමැතිව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
මීට පෙර පිළියන්දල නගරය ඇතුළු පිළියන්දල පොලිස් වසම හුදෙකලා කිරීමට තීරණය කළ නමුත් පැය 24 ක් ඉක්ම යාමට මත්තෙන් එය ග්‍රාම නිළධාරී වසම් කිහිපයකට පමණක් සීමා කිරීමට තීරණය විය.
ඒ, අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා බලධාරීන්ට කතාකොට එය යළිත් විවෘත කිරීමට මැදිහත් වීමත් සමගය.










