දැඩි සෞඛ්‍ය කොන්දේසි මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට උදේ 5.00 සිට පස්වරු 5.00 දක්වා විවෘත කිරීමට තීරණය කොට ඇත.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මේජර් මානගේ, ප්‍රාදේශීය ලේකම්, සෞඛ්‍ය බලධාරීන් ඇතුලු සියලුම පාර්ශ්ව එක්ව අද දින පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන තිබේ.
ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින මාතලේ දිස්ත්‍රීක් ගොවීන් වෙනුවෙනුත් ඉන් අනතුරුව සමස්ත ගොවීන් වෙනුවෙනුත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට තීන්දු කර ඇත.
එහිදී එක් වෙළෙදසැලක සේවකයින් සිව් දෙනෙක්ට සහ වාහනයක සේවකයන් දෙදෙනකුට සීමා කිරීමටත්, නිතරම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටත් තීන්දු වී තිබේ.










