• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඩමි නැහැ ඔක්කොම වැඩකිඩ මගේ

May 1, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ඩමි නැහැ ඔක්කොම වැඩකිඩ මගේ
Share on WhatsAppShare on Facebook

⬤ අපේ නිෂ්පාදකවරු රැකගන්න ඕනෙ…

⬤ ඒක අභියෝගයක්…

සිනමාවේ විවිධ චරිත නිරූපණය කරමින් ඔබට සමීපවුණු අමිල කරුණානායක දැන් ‘හිරෝ’ කෙනෙක් ලෙස රඟපානවා. ‘කබඩි’ චිත්‍රපටයේ ‘මනුරංග’ ලෙසින් ප්‍රධාන චරිතය නිරූපණය කරනා අතර, ඉදිරියේදී ඔහු රඟන රජ දහන, ගුත්තිල, කෞෂි චිත්‍රපට තුළින්ද ඔහුගේ රංගනයන් විවිධ පැතිකඩවලින් අපට දැකගන්න පුළුවන්.

🔴 අමිල දැන් රිතී තිරයේ ‘හීරෝ’ කෙනෙක් වෙලා නේද?
මේ දිනවල තිරගත වන ‘කබඩි’ චිත්‍රපටයේ මම සමග සෙනාලි ප්‍රධාන චරිතය රඟපානවා. මම මේ චිත්‍රපටයේ ‘මනුරංග’ ලෙසට තමයි රඟපාන්නේ. මේ චරිතය සඳහා මාව සුදුසුයි කියලා මාව තෝරාගත්ත චිත්‍රපට අධ්‍යක්‍ෂ හර්ෂ උඩකන්දට වගේම චිත්‍රපටයේ නිෂ්පාදක නිශාන්ත ජයවර්ධනට විශේෂ ස්තුතිය පුදකරනවා. මොකද ‘මනුරංග’ තුළින් මාව වෙනත් මාවතකට ගෙන ගියාට. ‘කබඩි’ චිත්‍රපටය මගේ රංගන දිවියේ විශේෂ සන්ධිස්ථානයක් ලෙසට හඳුන්වන්නට පුළුවන්. මම වීරයෙක් නොවුණත් සිනමාවට වීරයෙක් ලෙස මුහුණ දෙන පළමු අවස්ථාව නිසා.
🔴 ‘මනුරංග’ ලෙස ඔබට අභියෝගයක් වුණත්, තවත් පැත්තකින් ඔබට පහසුවක් වන්නට ඇති ඔබත් ක්‍රීඩකයෙක් නිසා?
පාසල් කාලයේ ඉඳලම මම ෆුට්බෝල් ක්‍රීඩාවට ගොඩාක් දක්‍ෂයි. මගේ දක්‍ෂතාවය පැත්තෙන් සම්බන්ධ වෙන්න හොඳ නිර්මාණයක් ලැබෙනකම් මම ආශාවෙන් මගබලාගෙන හිටියේ. ඉතින් ‘කබඩි’ චිත්‍රපටය ෆුට්බෝල් පැත්තෙන් කතාවෙන චිත්‍රපටයක් නිසා මම ගොඩාක් ආශාවෙන් වැඩ කළා.
🔴 මේ චිත්‍රපටය හරහා ත්‍රාසජනක අවස්ථාවක් දැකගන්නට තිබෙනවා. කොහොමද ඔබ එයට මුහුණ දුන්නේ?
ලංකාවේ සිනමාව පැත්තෙන් ලොකු තාක්‍ෂණ පහසුකම් නැහැ. ලයිට්හවුස් එක උඩ ඉඳලා මුහුදට පනින ජවනිකා තිබුණා. රිවස්ටන් කඳු මුදුන්වල ඉඳලා පෙරළෙන දර්ශන තිබුණා කරන්න. ඉතින් ඒ කිසිවකට අපි කිසිම ඩමියක් භාවිත කළේ නැහැ. මොකද නිෂ්පාදන පැත්තෙන් ලොකු මුදලක් වැය කිරීමට තිබෙන නිසා. චිත්‍රපට නිෂ්පාදකවරයත් රැකගත යුතුයි. අපේ හැකියාවන් පෙන්විය යුතු නිසා මමත්, සෙනාලිත් හැම අභියෝගයක්ම බාරගෙන මුහුණ දීලා සාර්ථක චිත්‍රපටයක් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට රසවිඳීමට අපේ චිත්‍රපට කණ්ඩායම සැලැස්සුවා.
🔴 සෙනාලි ෆොන්සේකා සමග ඔබ රඟපාන පළමු අවස්ථාව තමයි මේ. ඇයගෙන් ලැබුණු සහාය ගැන කතා කළොත්?
අපේ සිනමාවේ නිළි රැජන මාලනී ෆොන්සේකාගේ දියණියක් ලෙස සෙනාලිව හඳුන්වනවා හැමෝම. මාලනී මිස් සිනමාව වෙනුවෙන් ගොඩාක් කැපවීම් කරල ජාත්‍යන්තර සම්මාන ගත්ත රංගන ශිල්පිනියක්. ඒ ජානම සෙනාලිටත් තිබෙන බව මම මේ ‘කබඩි’ චිත්‍රපටය හරහා දැක්කා. ඇයත් කිසිම බයක් සැකයක් නැතුව ‘මනුරංග’ ජීවත් කරවීමට මට වගේම චිත්‍රපට කණ්ඩායමටම ලොකු සහායක් දුන්නා කියලා කියන්න පුළුවන්.
🔴 නැවැත මතුවේගෙන යන ‘කොරෝනා’ වසංගතයත් එක්ක ‘කබඩි’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
‘කබඩි’ චිත්‍රපටය තිරගත වීමට අරන් වැඩි කාලයක් නැහැ. හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඉතින් නැවැත කොරෝනා ප්‍රශ්න නිසා ජනතාව නැවැත භීතියක් දක්වනවා. ඉතින් මම ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය නීති-රීති අනුගමනය කරමින් ආරක්‍ෂාකාරීව ඇවිල්ලා ‘කබඩි’ චිත්‍රපටය නරඹන්න කියලා. යම්කිසි හේතුවක් මත සිනමා ශාලා වසා දැමුවොත් නැවැත අපි ‘කබඩි’ තිරගත කරනවා.
🔴 සිනමාවේ වීරයෝ අද ටෙලිනාට්‍ය පැත්තට යොමුවෙලා?
එයට විශේෂ හේතූන් කිහිපයක් තිබෙනවා. මම ගැන කතා කළොත් මම ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙන්නේ චරිත කිරීමට තිබෙන ආශාව නිසා. ඒ වගේම ආර්ථික පැත්තෙනුත් ප්‍රශ්න තිබෙනවා. මොකද කලාවෙන් ජීවත් වෙන නිසා. හැබැයි මම මෙගා නාට්‍ය සඳහා සම්බන්ධ වීමට අදහසක් නැහැ. මම සම්බන්ධ වුණු ‘සංසාර සිහිනේ’ ටෙලිනාට්‍ය රඟපෑවා කියලා මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ආපු සිනමා ගමනට හානියක් නොවන විදියට හොඳ ටෙලිනාට්‍ය සඳහා මම සම්බන්ධ වෙනවා. ඉදිරියේදී මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය කිහිපයක් තිබෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

තරුණ නළුවො එක්ක රඟපාන්නෙ නැත්තෙ ගයාන්ගෙ කීමටද

Next Post

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව අගමැතිතුමාට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.