• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘සන්තෝසෙන්’ කිව්වේ තහරකට නෙවෙයි

May 1, 2021
in Heart
Reading Time: 2 mins read
A A
‘සන්තෝසෙන්’ කිව්වේ තහරකට නෙවෙයි
Share on WhatsAppShare on Facebook

⬤ තව කාලයක් යනකම් මම කියන්නේ බයිලා විතරයි…

⬤ සමහර විට ඉදිරියේදී සම්පූර්ණයෙන් වෙනස් වේවි…

උදාර කෞශල්‍ය කියන්නේ කවුද කියලා කාටවත් අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ.
පසුගිය හිරු ස්ටාර් කිරුළ දිනාගත් උදාර ඒ තරමටම හැමෝම අතර ජනප්‍රියයි. හිරු ස්ටාර් කිරුළ දිනාගැනීමෙන් පස්සේ උදාර ගායනා කළ පළමු ගීතය පසුගියදා අන්තර්ජාලයට එකතු වුණා. ඒ හරහා උදාරට තිබුණු ජනතා ආකර්ෂණය තවත් වැඩි වුණා කිව්වොත් හරි. ගීතය යූටියුබ් වෙත එකතු කරලා දින දෙකක් තුනක් යද්දි ඊට ලැබුණු ප්‍රතිචාර අති විශාලයි. ඒ හින්දා ඒ සන්තෝසය ගැන දැන ගන්න අපි උදාරට කතා කළා. සන්තෝසයි ගැන උදාර කතා කළේ මෙහෙමයි.


🔴 මුලින්ම “සන්තෝසයි”ට ලැබෙන ප්‍රතිචාර ගැන අහලම කතාව පටන් ගන්න අපිත් සන්තෝසයි?
ඇත්තටම ඉතාම හොඳයි. සිංදුව අන්තර්ජාලයට එකතු කරලා දවස් තුනක් යද්දි මිලියනය ඉක්මවා ගිය පිරිසක් ගීතය නරඹලා තිබුණා. ඒ වගේම දවස් තුනක් වෙද්දි ඔඍෑභෘෂභඨ 01 වෙන්නත් සන්තෝසයි ගීතයට පුළුවන් වුණා. ඉතිං ගොඩක් සන්තෝසයි.
🔴 සන්තෝසයි හැදුණු විදිය ගැනත් අපි පොඩ්ඩක් මතක් කරමු?
හිරු ආයතනයෙන් මට ගීත ඇල්බම් එකක් හදලා දෙනවා. හිරු ස්ටාර් වෙන හැමෝටම එහෙමයි. ඒ ඇල්බම් එකේ මුල්ම ගීතය තමයි මේක. චතුර වර්ණසේකර තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඇත්තටම චතුර අයියා බයිලා ආරට නිර්මාණය කළ මුල්ම ගීතයත් මේකයි. මං හිතන්නේ මගේ රසිකයෝ මගෙන් බලාපොරොත්තු වුණු විදියේ ගීතයක් මුලින්ම දෙන්න මට පුළුවන් වුණා. ඒ හින්දනේ මේ තරම් ප්‍රතිචාර ලැබෙන්නේ.
🔴 ගීතයේ පද මාලාව බැලුවමත් මේක ඔබටම සුවිශේෂී ගතියක් තියෙනවා වගේ?
ඇත්තටම ඔව්. මාව ඉහළට ගේන්න මගේ රසිකයෝ ගහපු අප්පුඩියට ස්තුති කරන එක තමයි මේ සිංදුවෙන් කරන්නේ. ඒ වගේම කැපිලි කෙටිලි ඔක්කොම දරාගෙන මම ආව ගමන ගැනත් මේකේ තියෙනවා. ඒ හින්දා මේක මටම ගැළපෙනවා කියලා තමයි හිරු එකෙන් හදලා දුන්නේ. හැබැයි මේක මට විතරක් අදාළ සිංදුවක් නෙවෙයි. ඉස්සරහට යන ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් එකක්.
🔴 හිරු ආයතනයෙන් ඔබට හදලා දෙන ඇල්බම් එකට ගීත කීයක් ඇතුළත් වෙනවාද?
ඒ ඇල්බම් එකට ගීත 12ක් ඇතුළත් වෙනවා.
🔴 කවදාද ඒ ටික එළියට එන්නේ?
මෙහෙමයි. ඒ සේරම එකසැරේ එළියට දාන්න මගේ අදහසක් නැහැ. දැන් ඒ අනිත් සිංදුවලත් වැඩ කරගෙන යනවා. කොහොමත් ඒ 12ම වැඩ ඉවර කරලා මගේ ළඟ තියා ගන්න තමයි මම හිතා ගෙන ඉන්නේ. ඒවා එකින් එක මිනිසුන්ට එපා නොවෙන විදියට එළියට දාන්න තමයි මට ඕනෑ.
🔴 අඩුම ගානේ ඊළඟ සිංදුවවත් එන දවස කියන්න බැරිද?
තවම කියන්න බැහැ. එක සිංදුවක් මිනිස්සු අතර තියෙනකම් වෙන එකක් දාන්න මගේ අදහසක් නැහැ. ඒකේ උපරිමයට ගියාට පස්සේ තමයි වෙන එකක් දෙන්නේ. ඒ හින්දා තවම ඊළඟ එක එන කාලය ගැන කියන්න බැහැ.
🔴 ඒ අනෙක් සිංදුත් මේ වගේම බයිලා සින්දුද?
ඔව්. ජනතාව මාව හඳුනා ගත්තේ බයිලා ගායකයෙක් විදියට. එක සැරේටම එතැනින් වෙනස් වෙන්න මට බැහැ. ඒ හින්දා මගේ මුල් ගීත 12ම බයිලා ආරට තමයි ගායනා කරන්නේ. ඒත් ඒ එකකට එකක් වෙනස්. මොකද බයිලා කලාවෙත් විවිධ වෙනස්කම් තියෙනවා. ඒ හැමදේම මම යොදා ගන්නවා. ඒ හින්දා මේ සිංදුවට වැඩිය ඊළඟ එක ගොඩක් වෙනස් වේවි.
🔴 ඒ කියන්නේ උදාර කෞශල්‍ය හැමදාම බයිලා ආරේ සින්දු විතරක් කියන ගායකයෙක් කියන එකද?
නැහැ. සමහරවිට ඉදිරියේදී මම සම්පූර්ණයෙන්ම වෙනස් විදියේ ගීත ගායනා කරන්න පුළුවන්. ඒත් ඒ දැන්ම නෙවෙයි. මිනිස්සු මට ආදරය කෙරුව විදියේ ගීත ටිකක් කියලා මම මගේම විදියට ඒ අය අතරට යන්න ඕනෑ. මගේ මුල්ම ඉලක්කය ඒකයි. එතැනින් පස්සේ මම ආශා විදියට වෙනස් වෙන්න පුළුවන්. ඒකට තව කාලයක් යාවි.
🔴 ඔබව මේ විදියට එක තැනකට කොටු කරලා තියෙන්නේ හිරු ආයතනයෙන්ද? ඒ අයද ඔබ කියන්න ඕනෑ මොන විදියේ ගීතද කියලා තීරණය කරන්නේ?
මාත් එක්ක කතා කරලා තමයි ඒ අය ඒ තීරණය ගන්නේ. ඒක මගේ තනි තීරණයවත්, හිරු එකේ තනි තීරණයවත් නෙවෙයි. අපි කතා කරලා ගන්න තීරණයක්. මේ වෙලාවේ වෙනස් විදියේ ගීත ගායනා කරන තරුණ පරපුරේ අය ඕනෑ තරම් ඉන්නවා. ඒත් බයිලා ගීත කියන අයගේ ලොකු අඩුවක් තියෙනවා. මට මේ තරම් ජනතා ප්‍රතිචාරයක් ලැබුණේ ඒ හින්දනේ. ඉතිං ඒ හින්දා ඒ අය ඉල්ලන දේ මේ වෙලාවේ මම දෙන්න ඕනෑ. හිරු එකෙන් කියන්නෙත් ඒකම තමයි.
🔴 “සන්තෝසයි” කියන්නේ උදාර ගායනා කරපු මුල්ම ගීතයද?
හිරු ස්ටාර් වුණාට පස්සේ මම ගායනා කළ පළමු ගීතය සන්තෝසයි. ඒත් ඊට කලින් මම ගීත කිහිපයක් ගායනා කරලා තියෙනවා. ඒත් ඒවා ජනතාව අතරට ගියේ නැහැ. සන්තෝසයි ගීතය නිර්මාණය කළ චතුර අයියාත් මට මීට කලින් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ මීට අවුරුදු 06කට විතර කලින්. ඒත් ඒක මගේ ආරට ගැළපෙන්නේ නැතිව ඇති. ඒ හින්දා ඒවා ජනප්‍රිය වුණේ නැහැ.
🔴 කොහොමද ඒ සම්බන්ධය නැවත ඇති වුණේ. මේ ගීතයට චතුරව සම්බන්ධ කර ගත්තේ ඔබද?
නැහැ. හිරු ආයතනයෙන් තමයි මට චතුර අයියාව සම්බන්ධ කරලා දුන්නේ. ඒත් මගේ වෙලාවට මම දන්නා කෙනෙක්ම මට හම්බ වුණා. ඒ වගේම චතුර අයියා මං වෙනුවෙන් මීට කලින් කරලා නැති වෙනස්ම විදියේ නිර්මාණයක් කළා. ඒකට හැමෝම කැමැති වුණා.
🔴 අවසන් වශයෙන් “සන්තෝසයි” ගැන තව මොනවාද කියන්න තියෙන්නේ?
මේක නම් කියන්නම ඕනෑ. මේ ගීතයේ තියෙන ඇතැම් පදවලින් මම ඇතැම් අයට ප්‍රහාර එල්ල කරනවා කියලා කතාවක් යනවා. මම පොඩ්ඩක් එහෙම හිතලා මේ ගායනා කරන්නේ නැහැ කියන එක කියන්නම ඕනෑ. දැන් නරි නාවන්නේ නැහැ කියන එක හැමෝටම පොදු කතාවක්. ඒකෙන් කියන්නේ අපි නැවත මෝඩ වැඩ කරන්නේ නැහැ කියන එකයි. එහෙම නැතිව ඒක කාටවත් එල්ල කරන ප්‍රහාරයක් නෙවෙයි. ඒ හින්දා එහෙම වැරැදි වැටහීමක් ඇති කර ගන්න එපා කියලා මම හැමෝගෙන්ම බොහොම ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම මොන දේ කිව්වත් මං කා එක්කවත් තරහා නැහැ කියන එකත් කියන්න ඕනෑ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සුනාමියකට සූදානම් වන්න!

Next Post

පාප ග්‍රහයොත් නරකම නැහැ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.