මෙරට ප්‍රධාන පෙළේ බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුවේ NDB කොටස් විශාල ප්‍රමාණයක් නෝර්වේ රාජ්‍ය විසින් මිලට ගැනීම සම්බන්ධයෙන් දේශප්‍රේමී ජනතාව නිහඬව සිටීම බරපතළ ගැටලුවක් බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
මේ ආකාරයට ශ්‍රී ලංකාවේ බැංකුවක කොටස් විශාල ප්‍රමාණයක් විදෙස් රාජ්‍යයක් විසින් මිලදී ගනු ලැබුවේ ඉතිහාසයේ පළමු වතාවටය.
නෝර්වේ විදේශ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘නෝර්ෆන්ඩ්’ ආයතනය මඟින් භෘඊ බැංකුවේ කොටස් මිලට ගෙන තිබිණ. මෙම ‘නෝර්ෆන්ඩ්’ ආයතනය ලංකාවේ සිදුකළ පළමු ආයෝජනය ලෙසද මෙය සැලකේ.
කෙසේ වෙතත් පසුගිය යුද සමයේ සිටම නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වූ අතර, එවකදී දේශප්‍රේමී ජනතාවගෙන් නෝර්වේ රාජ්‍යයට එල්ලවූයේ බරපතළ විරෝධයකි. දේශප්‍රේමී ජනතාව නෝර්වේ රාජ්‍ය දුටුවේ ලංකාව දෙකඩ කිරීමට පැමිණි අධිරාජ්‍යවාදී බලවේගයක් ලෙසිනි.
එමෙන්ම එවකදී නෝර්වේ රාජ්‍ය ලංකාවේ විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට සහ පුද්ගලයන්ට විශාල ලෙස මූල්‍ය අරමුදල් සැපයූ බවටද එකල චෝදනා එල්ලවිය.
නමුත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ එදා නෝර්වේ රාජ්‍යයට විරෝධය පෑ මෙම දේශප්‍රේමීන් අද නෝර්වේ රාජ්‍ය විසින් ලංකාවේ ප්‍රධාන බැංකුවක කොටස් මිලදී ගනිද්දී නිහඬව සිටීම පුදුම උපදවන කරුණක් යැයි කියාය.










