ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස මහතා අතර සවස පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව රාත්‍රි දක්වා කල් දැමීමට සිදුව තිබේ.
ඒ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ පැය 7කට අධික කාලයක් සාක්ෂි ලබා දීමට සිදුවීම නිසාය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නීත්‍යානුකූල නොවන ලෙස සේවකයන් බදවා ගැනීම හේතුවෙන් මෙසේ සජිත් ප්‍රේමදාස මහතා කොමිසම ඉදිරියට කැදවා තිබිණ.
මේ හේතුවෙන් අද සවස් භාගයේ අරලියගහ මන්දිරයේ පැවැති පූර්ව කැබිනට් රැස්වීමට පවා සජිත් ප්‍රේමදාස මහතා සහභාගිව සිටියේ නැත.










