• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එය මට උරුමයි

April 24, 2021
in Heart
Reading Time: 2 mins read
A A
එය මට උරුමයි
Share on WhatsAppShare on Facebook

⬤ ඒක මගේ අනන්‍යතාවය…

⬤ මට අදහගන්නත් බැරිවුණා…

‘2021 සුමති ටෙලි සම්මාන’ උළෙල අවසන්ව සති කිහිපයක් ගෙවී ගියද ඇතැමුන් තවමත් ඒ ගැන රස තොරතුරු සහ වංහුං තැන තැන කතාබහ කරමින් සිටිති. මුහුණුපොතේද ‘සුමති’ ටෙලි උළෙල ගැන හරිම අපූරු පෝස්ටු පළවී තිබිණ. ඉන් එකක, මානෙල් වානගුරු නම් වූ ප්‍රවීණ නිළිය ඉතා අලංකාරව හිනැහී සිටින පෝස්ටුවක්ද විය. ඈ දෝත දරා සිටියේ, ශ්‍රී ලාංකේය කලාකරුවකුට හෝ කලාකාරියකට ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන සම්මානයයි. ආවට ගියාට එස්.එම්.එස්. ක්‍රමයට හෝ කූපන් ක්‍රමයට හිමි නොවන ඒ අගනා සම්මානය මානෙල් වානගුරුට හිමි වූයේ, වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් සේම සිංහල සිනමාව වෙනුවෙන්ද ඈ කළ අනූපමේය වූ සේවය ඇගැයීමටය. සත්තකින් මේ අපූරු රංගවේදිනිය පෝෂියා ලෙස වැනිසියේ වෙළෙන්දා තුළින් වේදිකාව වර්ණවත් කළ අපූර්වත්වය අමතක කරන්නට පුළුවන්ද? සේන සමරසිංහගේ චිත්‍රපට කලාව ඔස්සේ, නිල්ල සොයා වැනි නිර්මාණයන් හරහා ඈ මැවූ රංග කුසලතාව මනහරය. මුහුණු පොතේ පළවූ ඇගේ ලස්සන පෝස්ටුව වෙනුවෙන් සිත්කළු ‘කොමෙන්ටු’ විශාල ගණනක් පෙළ ගැසුණේද එනිසා වන්නට ඇත. ඉතින්.., ‘මව්රට’ අපටද මානෙල් වානගුරු හමුවේ මොහොතක් දොඩමළු වන්නට සිතක් පහළ වූයේ.., එවැන්නක් නොකිරීම නොමැනවයි සිතුණු නිසාමය.
🔴 පළමුව අපේ සුබපැතුම් පිළිගන්න ඔබ ලද කීර්තිමත් සම්මානය වෙනුවෙන්..?
බොහොමත්ම ස්තුතියි. ඇත්තෙන්ම තවමත් දුරකතනය ඔස්සේ පවා මට පැමිණෙන සුබපැතුම්වල කෙළවරක් නැහැ. මේ තරමට ප්‍රේක්‍ෂකයන් මට ආදරය කළා දැයි කියන පුදුමය තුළ තමයි මේ දවස්වල කල්ගෙවන්නේ.
🔴 ‘මුහුණු පොත’ පුරාද ඔබ ගැන හරිම අලංකාර කතා ගෙතී තිබුණා..?
ඔව්… මම දැක්කා මගේ ඇස්වලට කඳුළු එන තරමට ඒ ප්‍රතිචාර ආදරණීයයි. මට හිතාගන්න බැරි තරමේ පුදුමයක් දැනුණා.., ප්‍රේක්‍ෂකයන්ගේ මතකය තුළ මට තිබිලා තියෙන ඉඩ ප්‍රමාණය මම හිතුවාට වඩා හරිම විශාලයි.
🔴 ඔබේ දෝතට ලැබුණේ ඔබට උරුම වියයුතු සම්මානයක්..?
ඔව්… මම හිතන විදියට එය මට උරුමයි… එවැනි කිර්තිමත් සම්මානයකට යම් කෙනෙකු පාත්‍ර වන්නේ ජූරියේ විවිධ අදහස් සහ ඒකමතික තීරණය මතයි. ඔවුන් හැම දෙනෙකුම තීරණය කළා එයට මානෙල් වානගුරු නම් කලාකාරිය සුදුසු බව. අන්න ඒ සුදුසුකම තුළ ඒ අගනා සම්මානය මට ලැබුණා.
🔴 ඔබට වඩා ප්‍රවීණයන් ඒ සම්මානය වෙනුවෙන් නොමිනේට් වුණාලු..?
ඔව්… එය ඇත්තක්. ඒ වගේම මගේ රංගන හැකියාවන් ගැන ජූරිය දැඩි ප්‍රියමනාප බවක් දැක්වූ බව තමයි අසන්නට ලැබුණේ.
🔴 ඔබ සම්මානයට බඳුන් වන මොහොතේ ඔබේ සැමියා හදිසි සැත්කමකට මුහුණ දුන් කතාව ඇත්තක්ද..?
එය සම්පූර්ණ සත්‍යයක්. හරිම සංකීර්ණ අවස්ථා වකටයි මම මුහුණ දී සිටියේ. සම්මානයකට මගේ නම යෝජනා වී තිබුණු ආරංචිය තුළ සහ ලැබුණු ආරාධනය හමුවේ මම දැඩි ලෙස දෙගිඩියාවට පත්වුණා එකක් මගේ මහත්තයාගේ හදිසි රෝගාතුර බව, අනෙක් කාරණය සම්මාන උළෙලක සම්මානයක් සඳහා යෝජිත බවට ලැබුණු ආරාධනය. ඇත්තටම මම හිටියේ වේදනාවෙන්. තිලංග සුමතිපාල මහත්තයා තමයි මගේ මානසිකත්වය නිරවුල් වෙන විදියට හරිම කාරුණිකව කතාබහ කරලා සුමති සම්මාන උළෙලට එන තැනට මගේ හිත හැදුවේ. මම ඔහුට ස්තුති කරනවා. ඔහුගේ ඒ ලෙන්ගතුකමට වාගෙම මා වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමීම ගැනත්.
🔴 සම්මානවලින් කොහොමත් ඔබට හිඟයක් තිබුණෙ නැහැ..?
ඒක හැබෑව… වේදිකා නාට්‍ය කලාව තුළද මම කිහිප වතාවක්ම සම්මානයන්ට බඳුන් වුණා. සිනමාවට පැමිණි විගසම වාගේ යොවුන් කෙල්ලක අවදියේම මම හොඳම නැඟී එන නිළිය ලෙස දීපශිකා සම්මානය ගත්තා. ෂ්‍යාමා ආනන්ද සහ ශ්‍යාමා අල්ගමද නොමිනේට්ව සිටි ඒ සම්මානය දිනාගත්තේ මමයි.
🔴 ඔබ හරිම වාසනාවන්තයි, එහෙම නේද..?
ඔව්… මම හරිම ලකී, තවමත් මට නිර්මාණ සඳහා විවිධ චරිතවලට ආරාධනා ලැබෙනවා. මම රඟපානවා. මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ‘සංසාර සිහිනේ’ ටෙලිනාට්‍යයේ මා රඟන මානසික උපදේශකවරියගේ චරිතය ගැන කවුරුත් වාගේ කතාබහ කරනවා. ප්‍රේක්‍ෂකයන් අතරද එය ජනප්‍රියයි. කොටස් කිහිපයකට පමණක් සීමාවීමට ගිය එම චරිත නිරූපනය මුළු නාට්‍යය පුරාම විහිද යන ආකාරයට තිර පිටපත පවා වෙනස් වූයේ මම එය ඉදිරිපත් කරන ආකාරය ප්‍රියමනාප නිසයි මං හිතන්නේ.
🔴 ටෙලිනාට්‍ය සඳහා ඔබ භාවිතයට ගන්නේ, ඔබේම ඇඳුම් සහ ආලේප වර්ග යැයි කියන ආරංචිය ඇත්තක්ද..?
ඔව්… එය මම එදා සිටම ගෙන ආ පුරුද්දක්. මගේ ඇඳුම් පැලඳුම් විග් සහ මේක්අප් තමයි මම පාවිච්චි කරන්නේ. ‘සංසාර සිහිනේ’ ටෙලිනාට්‍යයේද එය එහෙමයි.
🔴 එය ඔබේ ආඩම්බරකමේ ස්වරූපයක්ද..?
නැහැ… එය මා සතු අනන්‍යතාවයයි. මා තුළ සහ ඒ පැවැත්මට මම ප්‍රිය කරනවා.
🔴 සෙට් එක තුළ වඩා නිහඬ චරිතයක් වන්නේත් ඒ අනන්‍යතාවය නිසාද..?
සෙට් එක තුළ නිහඬව සිටින්නේ පිටපත සමග කතා කළ යුතු නිසයි. එදිනට නියමිත රූගත කිරීම් ගැන තිරපිටපත සමග දැනුවත් වීමෙන් මම එයට අදාළ චරිතයට හොඳින් ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ පෙර සූදානම මට සාර්ථක පිටිවහළක්.
🔴 මේ කතාබහ තුළ ඔබට කියන්නට අතපසු වූ යමක් තව තියෙනවද..?
මගේම කියා නිර්මාණයකින් නිෂ්පාදනයට පිවිසීමේ පුංචි බලාපොරොත්තුවක් මා තුළ තිබෙනවා. නමුත් ඒ සඳහා සුදුසු කාලය තවම පැමිණිලා නැති බවයි මගේ හැඟීම. කලබලයක් නැතිව සන්සුන්ව ඒ දවස එනතුරු මම බලා සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘2021 ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ කොමර්ෂල් බැංකුවට

Next Post

වෙසක් පෝයට නිවාඩු ලැබුණු බෞද්ධ අයිතිය රැකීමට හේතුවුණු එංගලන්ත මහ රැජිනත් තිගැස්සූ කොටහේන කැරැල්ල

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.