ඇතැම් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු සභාගැබේ කටයුතු සජීවීව සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ සහ සමාජ මාධ්‍ය ජාලාවල පළ කිරීමට කටයුතු කිරීම තහනම් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සියලුම මැතිඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී උපයෝගී කර ගන්නා භාෂාව පිළිබදව සැලකිළිමත් විය යුතු බවකි.
එමෙන්ම පාර්ලිමේන්තු කටයුතු සජීවිව විකාශය වන හෙයින් මන්ත්‍රීවරුන් විසින් වෙනම සජීවී විකාශයන් සිදු කිරීම අනවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.










