ඉකුත් ආණ්ඩුව සමයේ තමන් දේශපාලන වශයෙන් සිරගත කළ බවත්, සිරගතව සිටියදී කිසිදු රෝගයක් නොතිබූ සිය පියා එම සිදුවීම දරාගත නොහැකිව මිය ගිය බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
සිය පියා දෙසතියක් රෝහල්ගතව සිට ඇති බවත්, අවම වශයෙන් එය හෝ තමන්ට දැන්වීමට පවුලේ අය කටයුතු නොකළ බවත් මන්ත්‍රීවරයා කීය.
එම නිසා කිසිවකුටත් එවැනි අත්දැකීමක් ලැබිය යුතු නැති බවද මන්ත්‍රීවරයා කීය.
මෙම අවස්ථාවේදී සංවේදී වූ මන්ත්‍රීවරයාගේ දෑසින් කදුලු කඩා වැටෙන ආකාරයක් දැකගත හැකි විය.










