• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මියගිය රජරට තරුණයාගේ භූත ආත්මය ටෙලි නිලිය සොයා කොළඹ දෙවනත් කරයි

April 27, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
මියගිය රජරට තරුණයාගේ භූත ආත්මය  ටෙලි නිලිය සොයා  කොළඹ දෙවනත් කරයි
Share on WhatsAppShare on Facebook

නිතර නිතර රූපවාහිනි චැනල්වලින් පෙන්වන ටෙලිනාට්‍ය බහුතරයක සමන්තිගෙ රුව පෙනෙන්නට, දකින්නට පටන්ගත්තේ මෑතකදි වුවද ඇය ඉතා කෙටි කාලයක් තුළ රටේ ප්‍රසිද්ධම නිළියක බවට පත්වූවාය. ඇතැම් දිනවලදී චැනල් තුනහතරකම ඇය පෙනී සිටි ටෙලිනාට්‍ය එකම වෙලාවක පෙන්වන්නට තරම් ඇයව නැතිවම බැරි නිළියක බවට පත්වූයේද ඉතා කෙටි කලකිනි.

බාල, තරුණ, වැඩිහිටි කොයි කවුරුත් සමන්තිගේ රංගනයට ඇලුම් කළ අතර තරුණ පරපුර අතර ඇය අතිශය ජනප්‍රිය තරුවක් බවට පත්වූයේ ඇගේ තිබුණු අමුතුම සරාගී පෙනුමට යැයි සමන්තිව දකින ඕනෑම කෙනෙකුට සිතුණහොත් එහි පුදුම වන්නට දෙයක්ද නැත.

සමන්තිට තිබුණේ පැහැපත් සමකි. සිහින්, දිගටි ඇස් දෙකකි. දිගු ඇස්පිල්ලම් ඇගේ පෙනුම සරාගී කළාය. මනා තොල් ඊට අඩුවැඩිය එකතු කළා විය යුතුය. හැඩකාර සිරුර, ගමන් විලාෂය, රිද්මය මේ ආදී සියල්ලම ඇගේ ජනප්‍රියත්වයට හේතු නොවූවා යැයි කිසිවකුටත් තර්ක කළ නොහැක.

කෙසේ නමුත් සමන්තිගේ දින චර්යාව අතිශය කාර්යබහුල වුවද යහමින් අතමිට මුදල් ගැවැසුණද ඇය අනෙක් නිළියන් මෙන් උඩඟු නොවූ අතර කවදත් සාමාන්‍ය ජනතාවට ආදරේ කරන සාමාන්‍ය ජනතාව හා හරිහරියට ජීවත් වන්නට ඇය ආශා කළාය. රූගත කිරීම් සඳහා ගම්දනව්, නගර මෙන්ම රට රටවලද යන ඇය ඒ ඒ ජන කොටස් සමග බද්ධ වී කටයුතු කළේ ජන ජීවිතයට ඇති ළෙන්ගතුකමිනි.

ගමකට ගියද ගමේ මිනිසුන් සමග බද්ධ වුණු ඇය ඇළේ, දොළේ, ළිඳේ නාමින් ගමේ අලබතල, කොස්, දෙල් කමින් ගැමියන් හා හරිහරියට සබඳතා පැවැත්වූයේ කිසිදු අගයක්, ආඩම්බරයක් නැතිවමය. එනිසාම ඇතැම් ගම්පළාත්වල මිනිසුන් සමන්තිට ඉතා ගෞරවයෙන් සැලකුවේය. යන යන තැන ඇය ජනප්‍රියම චරිතයක් බවට පත්වූයේ එලෙසිනි.

මේ සියල්ල අතරේ සමන්ති තමන්ටම කියා සුපිරි නිවෙසක් කොළඹ ආසන්නයේ තනාගත් අතර සුපිරි වාහනයක්ද මිලයට ගත්තාය.

ඔය අතරේ කලාතුරකින් ලද විවේකයකදී ඇය සිය වාහනයේ නැඟී ගෝල්ෆේස් පිටිය අසලට පැමිණ නිදහසේ මුහුදු රළ දෙස බලාගෙන සැන්දෑ වන තුරුම සිටියාය. ඉන්පසුව ඇය වාහනය අසලට ආවේ සැහැල්ලුවෙනි. වාහනයේ පසුපස දොර හැර දමා තිබෙනු දුටුවද ඇය සිතුවේ එය තමාගේ අතපසු වීමක් ලෙසිනි. එය එතරම් ගණන් නොගත් සමන්ති වාහනයේ නැඟී නිවෙස බලා ආවාය. ඒ එන අතරේ ඇයට අමුතු හැඟීමක් මෙන්ම අමුතු සුවඳක්ද දැනුණාය. ඇයට සිහිපත් වූයේ වැවක බැස නාද්දි දැනුණු සුවඳකි.

එදින නිවෙසට පැමිණි ඇය වාහනය නතර කොට කෙළින්ම ගියේ නාන කාමරයටය. ඇඳුම් ලිහා තබා වතුර කරාමය විවර කරද්දී දොර ඉබේටම ඇරුණේය. එය හරි හැටි වැසී නොතෙබෙන්නට ඇතැයි සිතූ සමන්ති යළිත් දොර වසා දමා නාන්නට පටන් ගත්තාය. ඒ අතරේ ඇඳුම රඳවනයේ තිබූ ඇගේ ඇඳුමක් හේතුවකින් තොරව බිමට වැටුණේය. වතුර ෂවරය නවතා සිරුරේ සබන් ගාද්දී කැඩපත තුළින් ඇයට යම් අමුත්තක් පෙනුණද ඇය එය ගණනකට ගත්තේ නැත. අවසානයේ නාගෙන කාමරයට එද්දී කාමරයේ තිබූ ඇඳුම් එහා මෙහා වී ඇති බවක් පෙනුණද ඒ කිසිවක් සමන්ති එතරම් ගණන් ගත්තේම නැත.

කාලය සෙමින් සෙමින් ගෙවී ගියේය. මාසයක පමණ කාලයක ගෙවී යද්දී සමන්තිට මහා අමුතු අත්දැකීම් රාශියකට මුහුණ දෙන්නට සිදුවූවාය. නිවෙසේදීත් රූගතකිරීම්වලට ගිය තැන්වලදීත් දිය නාමින් සිටි විට නාන කාමරවල දොර – ජනෙල් ඉබේ විවර වීමේ අත්දැකීම් කිහිපයක් ඇයට විඳින්නට සිදුවූවාය. ඒවා සාමාන්‍ය දේවල් යැයි සිතා හිත හදාගත්තද පසුකාලීනව ඇයට යම් වදයක් බවට පත්වූ අතර, සමන්ති මේ බව සිය මවගේ සහෝදරියට දුරකතනයෙන් පැවැසූයේ යම් අමුත්තක් සිත තුළ රඳවා ගනිමිනි. එම ඇමැතුමත් සමගින් සමන්තිගේ සිරුරටද අමුත්තක් දැනෙන්නට පටන්ගත්තාය. වෙනදා සිනාමුසු මුහුණින් නිතරම සිටි ඇය ඒ මොහොතේ පටන් බලාගත් දෙසම බලාගෙන කල්පනා කරන්නට පටන්ගත්තාය.

ඊට දින කිහිපයකට පසු පැමිණි සමන්තිගේ මවගේ සහෝදරිය වන ජයන්ති සමන්තිගේ අමුත්ත හඳුනාගෙන කවුරුන් හෝ ඇයට හූනියමක් කර ඇතැයි සිතා ඇයව තමන් දන්නා කියන ප්‍රසිද්ධ කට්ටඩි මහතකු හමුවට රැගෙන ගියාය.

‘මළගිය ප්‍රාණකාරයෙක් වැහිලා’ කට්ටඩි මහතා සුළු පරීක්‍ෂාවකින් පසු තීන්දු කළේය. අවසානයේ දිනයක් නියම කරගත් හෙතෙම අදාළ පුදපූජා පවත්වා ප්‍රාණකාරයා ගෙන්වා ගැනීමට කටයුතු කළේ වැඩි ප්‍රසිද්ධියක් නැතිවමය. ඒ මොහොතේ සමන්ති කතා කළේ පිරිමියකු මෙනි.

‘උඹ ඇයි ආවේ කොහේ ඉඳලද ආවේ. මොකට මේ තැනැත්තිට කරදර කරන්නේ.’

කට්ටඩි මහතාගේ ප්‍රශ්නවලට පිළිතුර ලැබුණේ සමන්තිගෙන් වුවද ඒ හඬ පිරිමියෙකුගේ මෙනි.

‘මං අනුරාධපුරේ ඉඳලා ආවේ. ඔව් මං මෙයාට ආදරෙයි. මෙයා මහකනදරාවේ නානකොට තමයි මං ගහෙන් වැවට වැටුණේ. එදා ඉඳන් මං මෙයාව හෙව්වා, ගම පීරුවා. නැති තැන කොළඹට ආවා. ඔව්… මං මෙයාට ආදරෙයි. මං මෙයාට කරදර කරන්නෙ නැහැ. මං මෙයා නානකොට බලාගෙන ඉන්නවා විතරයි.

භූතාත්මය කියවාගෙන ගියේය. කට්ටඩි මහතා, අදාළ යන්ත්‍ර – මන්ත්‍ර කටයුතු කර අවසානයේ ආත්මය අල්ලා සිරකර තබා සමන්ති දෙසට හැරුණේ පෙරකී විස්තරය යළි කියමිනි.

‘ඕ… මට මතකයි… අපි ෂූටින් ගිය දවසක කෙනෙක් වැවට වැටිලා මැරුණා තමයි. අපි නෑවෙත් ඒ වැවෙන්ම තමයි. එතකොට…’

‘ඔව්… ඒ මනුස්සයා මිස් නාන දිහා බලාගෙන ඉඳලා ගහෙන් වැටිලා මැරිලා තියෙන්නේ’ ඊට පස්සේ පස්සෙන්ම ඇවිත්.’

සමන්තිට පුදුම සිතුණද එය පිළිනොගෙන ඉන්නට තරම් සාධාරණ කාරණයක් ඇයට ඉතිරි නොවීය. කෙසේ නමුත් මාස කිහිපයක් යනතුරු සිය පුංචි අම්මාව නිවෙසේ නතර කර ගන්නටත් යන යන තැන ඇයව කැඳවාගෙන යන්නටත් සමන්ති අමතක නොකළාය.

(සත්‍ය කතාවකි. සියලුම නම් – ගම් මනඃකල්පිතයි)
දිවයිනේ ප්‍රසිද්ධම ගුප්ත වෛiවරයකු පැවැසූ කතාවක් ඇසුරිනි.


සටහන – කුමාර රත්නායක

SendShareShare
Previous Post

ICU ඇඳන් උපරිමයට එයි! ඔක්සිජන් සමාගම්වලට සෞඛ්‍ය ප්‍රධානියාගෙන් ලිපියක්!!

Next Post

අලියාන්ස් ලංකා සිය කාන්තා සේවා නියුක්තිකයන් අගයයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.