දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවමින් මෙරට කෘෂි අස්වැන්න සහ එය පාදකකරගත් නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු ඩීපී ග්ලෝබල් වෙන්චර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් (DPGV) අදවනවිට මෙරට ගොවියා තුළ මෙන්ම පාරිභෝගිකයින් තුළ ද විශ්වසනීය නමක් හිමිකරගෙන ඇත.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු ලෙසින් මෙරට සෑම මට්ටමකම ජනතාවට සමීප වෙමින් දිවයින පුරා විහිදුණු ගොවි නියෝජිත ජාලයක් පිහිටුවා ගැනීමට ඩී.පී. ග්ලෝබල් වෙන්චර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට මේ වන විට හැකියාව ලැබී ඇත.
කාබනික කෘෂිකර්මාන්තය පෙරටු කොට ගත් මෙම ගමනේදී ගොවිතැන සඳහා යොමු වී සිටින ගොවි ජනතාවට තම වගා කටයුතු සඳහා අවශ්‍ය දැනුම මෙන්ම ඔවුන්ගේ අස්වැන්නද හොඳ මිලකට මිලදී ගැනීම හරහා කෘෂිකර්මාන්තයට නව ගැම්මක් ලබාදීමට ද ගොවි ජනතාවගේ ඉදිරි පරම්පරාවද දියුණු තාක්ෂණ ක්‍රම ඔස්සේ ගොවිතැනට දිරිගැන්වීමද සිදු කර තිබේ.
ගොවීන්ගේ අතිරික්ත නිෂ්පාදන මිලදී ගෙන ගබඩා කරමින් අගය එකතු කළ ආහාර නිෂ්පාදන රැසක්ද මේ වන විට DPGV වෙතින් වෙළෙඳ පොළට නිකුත් කර ඇත.










