ලෝකය පුරා සන්නාම පිළිබඳ මත සහ ප්‍රවෘත්ති ලබාදෙන ලෝකයේ විශාලතම සන්නාම ප්‍රකාශනයක් වන එංගලන්තය පදනම් කරගත් ‘ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස්’ සඟරාව විසින් බැංකුකරණ සහ මූල්‍ය සම්මාන අංශය යටතේ ‘2021 ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව සම්මානයට පාත්‍රකර තිබේ.
ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් විසින් මෙම සම්මාන ලබාදීමේදී ඒ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා බාහිර පර්යේෂණ ආයතනයක් පත්කර තිබෙන අතර කොමර්ෂල් බැංකුවද එම ආයතනය විසින් ඇගයීමට ලක්කරන ලදී. මෙම ආයතනය විසින් ප්‍රසිද්ධියට පත්ව තිබෙන දත්ත භාවිතා කරමින් විවිධ අංශ යටතේ සම්මාන ලබාදිය යුතු සමාගම් පිළිබඳ තොරතුරු ග්ලෝබල් පබ්ලිකේෂන්ස් ලිමිටඩ් වෙත යවනු ලබයි.
බැංකුකරණ අංශයේ සුවිශේෂී සහ අතිවිශිෂ්ට සේවාවක් ලබාදුන් බැංකු සමූහයක් අතුරින් මෙම සම්මානය සඳහා කොමර්ෂල් බැංකුව තෝරා ගෙන තිබීම කැපී පෙනේ. මෙහිදී, කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ශක්තිමත් මූල්‍ය සන්නාමයක් බවට පත්වීමට සිදුකළ නවෝත්පාදනය, ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම, ඉහළ සන්නාමකරණ ක්‍රියාකාරකම්, ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පාරිභෝගික සේවා ලබාදීම් මෙම සම්මානය මගින් ඇගයීමට ලක්කර තිබේ.











