පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන ‘බොස්’ නමින් හැදින්වෙන පුද්ගලයා කව්ද යන්න ආණ්ඩුව වහාම සොයාබැලිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ‘බොස්’ නැමැත්තා ශිෂ්‍යත්වයක් ලබා ඉන්දියාවටත් ගොස් පැමිණ ඇති බවකි.
එමනිසා ආණ්ඩුව විපක්ෂයට චෝදනා නොකර ඒ පිළිබදව රටට හෙළිදරව් කළ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.










