පොලිසිය විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමේ සූදානමක් පවතින බවට අද (22) උදෑසන සිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල රාවයක් පැතිර යමින් තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සිදු කළ යම් යම් ප්‍රකාශයන්හි පරස්පරතා ඇති බව පව පවසමින් මෙම ප්‍රකාශය ගැනීමට සූදානම් වන බවද එම කතාබහෙන් කියවේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නොහැකි බවත්, එසේ ප්‍රශ්න කරන්නේ නම් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකරන බරපතළ හානියක් බවත්ය.
මේ සම්බන්ධයෙන් සිය පක්ෂය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මේ අතර තවත් ආරංචිමාර්ගයකින් කියවෙන්නේ ඊයේ දින පාර්ලිමේන්තුවේ හරීන් ප්‍රනාන්දු මහතා හා තිස්ස කුට්ටිආරච්චි මහතා අතර සිදුවූ බව කියන ගුටිබැට හුවමාරුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමේ සූදානමක්ද පවතින බවකි.
ඒ පිළිබදව පාර්ලිමේන්තු පොලිසිය ඊයේ දිනයේදී සීසීටීවී දත්ත පරීක්ෂාවක යෙදී ඇති බවද දැනගන්නට තිබේ.








