• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

හැමදාම යන්න බැරි එක වගේ ගමනක්

April 20, 2021
in Holiday
Reading Time: 5 mins read
A A
හැමදාම යන්න බැරි එක වගේ ගමනක්
Share on WhatsAppShare on Facebook

මේ ගමන අපි ගියේ ගිය අවුරුද්දේ. ඒත් මේ අවුරුද්දේ මේ ගමන් යන්න කාටවත්ම අවස්ථාව ලැබුණේ නැහැ. ආයේ කවදා ඒ අවස්ථාව ලැබේවිද දන්නේ නැහැ. ඒ හින්දා ඒ මතක ආපහු සැරයක් බෙදා ගන්න අපිට හිතුණා. සෙල්සියස් අංශක 40කට ආසන්න උෂ්ණිත්වයකින් මුළු පරිසරයම උණුසුම් කෙරුව ඉර තමන්ගේ එදා දවසේ වැඩ මුරය නිමා කරලා බටහිර අහසෙන් ක්ෂිතිජය යටින් මැකී යන්න හදනවා. මුළු දවසෙම වින්ද වෙහෙස අමතක කරන්න වගේ ඒ වෙලාවට අහස පුරා අපූරු වර්ණ රටා මැවෙනවා.

ඉර සම්පූර්ණයෙන් බැහැලා යන්නත් කලින් අහසට ආව හඳ, වටපිටාව වහ ගත්ත කළුවර එක්ක තරග වදිනවා. ඉර බැහැගෙන යන පැත්තට වෙලා සිකුරු තරුව දිලෙන්නේ හරියට ඒ වැඩේට හඳට උදව්වක් වෙන්න වගෙයි. ස්වභාවධර්මයේ මේ සුන්දරත්වය විඳින ගමන් අපි වැරදුණු මඟ හොයා ගෙන ලංකාවේ බටහිර වෙරළ දිගේ උතුරට ගමන් කරනවා. ඒ අත්දැකීම හරිම සුන්දරයි. ඒත් ඒ සුන්දරත්වය අතරින් මොන වගේ අත්දැකීමකට මුහුණු දෙන්න වේවිද කියලා හිත ඇතුළෙන් දහසක් ප්‍රශ්න නැඟෙනවා.

කාත් කවුරුවත් නැති මහ මුහුද මැදි තනිවුණු යාත්ත්‍රිකයකුගේ අත්දැකීම මොන වගේද? 100%ක් ඒ විදියටම නැතත්, යම් තරමකින් හරි ඒ අත්දැකීම විඳ ගන්න නොසිතූ විදියට ගිය සතියෙදී අපිට අවස්ථාව ලැබුණා. කිසිම කරදරයක් නොවී ආපහු ගොඩ බිමට ආවට පස්සේ ඒක නැවත මතක් කර කර රස විඳින්න පුළුවන් දෙයක්. ඒත් ඒ වෙලාවේ නම් ඒක ඊට ටිකක් එහාට ගිය දෙයක්. ත්‍රාසය, භීතිය, කුතුහලය විතරක් නෙවෙයි බඩගින්න, වතුර තිබහා වගේ හැම දෙයක්ම ඒ වෙලාවේ ඒ ගමනෙදි අපි අත් දැක්කා.

අපි මේ අත්දැකීමට මුහුණු දුන්නේ කච්චතිව් දූපතේ ඉඳන් ආපහු එද්දී. මේ වසරේ කච්චතිව් මංගල්ලය සඳහා ගිහින් ආපහු එද්දී. ඇත්තටම මේ ගමනෙදි අපිට පාර වැරදුණා කිව්වොත් ඒක වැරැදියි. නොසැලකිල්ල සහ භාෂා නිපුණත්වය මදි වීම හින්දා දැන දැනම පාර වරදින හැටි අපිට බලන් ඉන්න වුණා කිව්වොත් තමයි හරි. ඒ විස්තර පස්සේ කතා කරන්න තියාගෙන අපි මුල ඉඳන්ම ගමන් පටන් ගමු. අන්තිම හරිය විතරක් නෙවෙයි. මේ කතාවේ මුලත් හරිම රසවත්.
කච්චතිව් මංගල්ල්‍යය කියන්නේ මේ වෙද්දී අපේ රටේ ගොඩ දෙනෙක් අතර ප්‍රසිද්ධ දෙයක්. වසරකට එක් වරක් විතරක් ශාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් පැවැත්වෙන කච්චතිව් මංගල්ල්‍යය සඳහා මේ වසරේ සහභාගි වුණු පිරිස 10,000කට අධික බව තමයි නාවුක හමුදාව ප්‍රකාශ කළේ. ඒ අතරින් බහුතරය ශ්‍රී ලාංකිකයන්. ඒ වගේම ඉන්දියාවෙනුත් සැලකිය යුතු පිරිසක් මේ සඳහා සහභාගි වෙනවා. මහ මුහුද මැද ධීවර කටයුතුවල නිරත වෙන ධීවරයන්ගේ ආරක්ෂකයා විදියට තමයි ශාන්තා ආනා මුනිතුමන් සැලකෙන්නේ. ඒ හින්දා කතෝලික ධීවර ප්‍රජාව තමයි කච්චතිව් මංගල්ල්‍යය සඳහා වැඩි වශයෙන් සහභාගි වෙන්නේ. හැබැයි මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කච්චතිව් දූපතේ සිරි අසිරි විඳ ගැනීම සඳහා යන සංචාරකයන් සැලකිය යුතු ප්‍රමාණයකුත් ඒ අතර ඉන්නවා.

කච්චතිව් තමයි ලංකාවට ඈතින්ම පිහිටි දූපත. ඒ හින්දා භෞමික වශයෙන් කච්චතිව් අපිට හරිම වැදගත්. ඒ වගේම කච්චතිව් කියන්නේ ලංකාව සහ ඉන්දියාව අතරේ කාලයක් පුරා මතභේද ඇති කරවන්න සමත් වුණු තැනක්. ඒ හින්දා දේශපාලනික වශයෙනුත් කච්චතිව් අපිට හරිම වැදගත්. කන්කසන්තුරය වරායේ සිට කච්චතිව් දූපතට ඇති දුර නාවුක සැතපුම් 40ක් කියලයි කියන්නේ. ඒ වගේම කවුරුත් දන්න ඩෙල්ෆ්ට් දූපතේ ඉඳන් කච්චතිව් දූපතට ඇති දුර කිලෝමීටර් 20කට වැඩියි. කච්චතිව් දූපත ගැන මුලින්ම තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ පෘතුග්‍රීසි යුගයේදී බව ඉතිහාස තොරතුරු පරීක්ෂා කිරීමේදී පෙනී යනවා. එතැනින් පස්සේ ක්‍රි. ව. 1857දී සහ 1860දී අඳින ලද ලංකාවේ සිතියම්වලත් කච්චතිව් දූපත දක්වලා තියෙනවා. ඒත් ඩෙල්ෆ්ට් තරම් මේ දූපත අධිරාජ්‍යවාදීන්ගේ ආකර්ෂණයට හේතු වෙලා නැහැ. දූපත අක්කර 285ක කුඩා භූමි ප්‍රමාණයකින් යුක්ත වීමත්, ජලය වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමත් ඒ සඳහා හේතු වෙන්න ඇති.

කොහොම වුණත් කච්චතිව් දූපතේ වර්තමාන කතාබහ ඇරඹෙන්න අඩිතාලම වැටිලා තියෙන්නේ මීට අවුරුදු 112කට විතර කලින්. ඒ 1908 අවුරුද්දෙදි. ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරළෙන් ධීවර කටයුතු සඳහා පිටත් වුණු ධීවරයන් දෙදෙනෙක් මුහුදේ අතරමං වෙලා තියෙනවා. තමන්ව හැකි ඉක්මනින් ගොඩ බිමකට ගෙන යන ලෙස ඒ වෙලාවේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිහිට පැතූ ඔවුන් දෙදෙනා, එසේ වුවහොත් ඒ ගොඩබිමේ එතුමන් වෙනුවෙන් දේවස්ථානයක් ඉදි කරන බවට බාරයක් වෙලා තියෙනවා. මුහුදේ ගසා ගෙන ගිය එම ධීවරයෙන් දෙන්නේ කච්චතිව් වෙරළට තමයි ගොඩ බැහැලා තියෙන්නේ. අවසානයේ නැවත වරක් ඉන්දියාවට ගිය ඔවුන් තම බාරය ඔප්පු කිරීම සඳහා ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිළිරුවක් කච්චතිව් දූපතට රැගෙන ගිහින් තියෙනවා. කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදි කිරීමේ පළමු පියවර තමයි ඒ.

කොහොම වුණත් එදා ඉඳන් අද වෙනකම්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ දූපතේ අයිතිය සම්බන්ධයෙන් විවිධ මතවාද ඇති වෙලා තියෙනවා. කලක් කච්චතිව් දූපතේ පාලනය තමිල්නාඩුවේ රාමනාත පුරම්හි රාමනාද් රජ පෙළපතට අයත්ව තිබීම හින්දා නිදහස ලැබීමෙන් පසුවත් තමිල්නාඩුවත් මේ දූපත තමන්ට ලැබිය යුතු බව ප්‍රකාශ කරලා තියෙනවා. අවසානයේදී 1974 වසරේදී ශ්‍රී ලංකාවේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමඟ පැවැති මිතු
දමේ ප්‍රතිඵලයක් විදියට මේ දූපත ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලවම පවරා දෙන්න එවකට ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනියට කටයුතු කරනවා. ඒත් වර්තමානයේදීත් විශේෂයෙන් තමිල්නාඩුවේ මැතිවරණ කාලවලදී කච්චතිව් දූපතේ අයිතිය දේශපාලන වේදිකාවට ගෙන එන්න ඉන්දීය දේශපාලකයන් කටයුතු කරනවා.

මෙවර කච්චතිව් වාර්ෂික මංගල්ල්‍යය පැවැත්වුණේ පසුගිය 07 වැනිදා. ඒ සඳහා සහභාගි වෙන්න පසුගිය 05 වැනිදා රාත්‍රියේ තමයි අපි කොළඹින් පිටත් වුණේ. කොළඹ කොටුවෙන් රාත්‍රී 9ට පිටත් වුණු තැපැල් දුම්රිය යාපනයට යද්දී උදේ 07යි. යාපනේ දන්න කියන දෙමළ කඩයකින් උදේ ආහාරය අරගෙන දවල්ට කන්න කෑමත් ඔතාගෙන වෑන් එකකින් තමයි අපි යාපනේ ඉඳන් කුරිකඩ්ඩුවන් ජැටිය වෙත ගියේ. නාගදීපේ හරි ඩෙල්ෆ්ට් හරි ගිහින් තියෙන කෙනෙක් නම් මේ කුරිකඩ්ඩුවාන් ජැටිය ගැන දන්නවා. මොකද නාගදීපේ සහ ඩෙල්ෆ්ට් යන බෝට්ටු ගමන පටන් ගන්නේ මෙතැනින්. අපි කුරිකඩ්ඩුවාන්වලට යද්දී උදේ 9යි. ඒත් මේ සැරේ වෙනදට වැඩිය නාවුක හමුදා පරීක්ෂා කිරීම් ටිකක් වැඩියි. ඒ හින්දා සාමාන්‍ය ජනතාවට මේ සැරේ වෙනදට වැඩි වෙලාවක් කුරිකඩ්ඩුවාන් ජැටියේ ගත කරන්න සිද්ධ වුණා. ඇත්තටම කිව්වොත් කච්චතිව් මංගල්ල්‍යයට යන මාධ්‍යවේදීන් සඳහා වෙනම පහසුකම් නාවුක හමුදාව ලබා දෙනවා. කොළඹ සිට යාපනේටත්, එතැන ඉඳන් දූපතට ගිහින් ආපසු එන්නත් සියලු පහසුකම් නාවුක හමුදාව ලබා දෙනවා. ඒත් සංචාරයට ප්‍රිය කරන අය විදියට අපි මේ ගමන ගියේ සාමාන්‍ය විදියට. සාමාන්‍ය ජනතාව එක්ක. එතකොට තමයි ඒක නියම සංචාරයක් වෙන්නේ.

පැය 04ක මුහුදු ගමනකින් පස්සේ අපි හවස් වෙන්න කලින් කච්චතිව් වෙත ළඟා වුණා. ඒ වෙද්දී මංගල්ලයට සහභාගි වෙන බොහෝ දෙනෙක් කච්චතිවු වෙත ඇවිත්. දූපත දිගේ නවත්තලා තියෙන එක එක විදියේ බෝට්ටු ඈතටම පේන්න ගත්තා. තාවකාලික ජැටියෙන් ගොඩ බැහැලා දූපතට යද්දීම ඈතින් දෙමළ හඬින් පල්ලියේ යාතිකා ඇහෙන්න ගත්තා. මඟ දෙපස කූඩාරම් අටවා ගත්ත බැතිමතුන් වෙහෙස නිවනවා. කූඩාරම් කිව්වට ඒ බොහොමයක තිබුණේ ඉහළින් ඇදපු ඉටි රෙද්දක් විතරයි. පල්ලියට ළං වෙද්දී මඟ දෙපස තොරම්බෝල දකින්න තිබුණා. පල්ලියට ළං වෙන්න වෙන්න තිබුණු තදබදයත් බොහොම වැඩියි. මංගල්ලයට සහභාගි වෙන බොහෝ දෙනෙක් පල්ලිය ළඟින්ම නතර වෙන්න උත්සාහ කරන එක තමයි ඒකට හේතුව. මේ ඔක්කොම පහු කර ගෙන අපි දූපත මැදින් වැටිලා තියෙන පාරෙන් දූපතේ අනෙක් පැත්තට ගමන් කළා. ජනතාව අඩු පැත්තකට ගිහින් මුහුද අයිනේ අපේ කූඩාරම් ඉදි කර ගන්න තමයි අපිට ඕනෑ වුණේ.

කොහොම වුණත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇති වුණු සිද්ධීන් එක්ක මේ සැරේ දූපතේ අනෙක් පැත්තේ මුහුදු වෙරළ සංචාරකයන් තහනම් කරලා. ඒ හින්දා ගිය අවුරුද්දේ කච්චතිව් දූපතේ කූඩාරම් අටවපු පැත්තට යන්න මේ පාර අපිට අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් මුහුද පේන මානයේ නිස්කලංක තැනක කූඩාරම් අටවා ගන්න අපිට පුළුවන් වුණා. මුළු දවසෙම අව්වේ කර වෙලා හිටිය අපිට ඒ වෙලාවේ ඕනෑ වුණේ වතුරේ බැහැලා ඉන්න. ඒ හින්දා කූඩාරම් අටවා ගත්ත ගමන්ම අපි මුලින්ම කළේ මුහුදට බහින එක. මේ දූපත වටේම තියෙන්නේ හිරි ගල් තට්ටුවක්. ඒ හින්දා මුහුදේ වතුර හරිම පිරිසුදුයි. පැය ගානක් වුණත් ඒ වතුරේ බැහැලා ඉන්න පුළුවන්.
සාමාන්‍යයෙන් කච්චතිව් යන හැමෝටම නාවුක හමුදාව මඟින් කෑම සහ වතුර ලබා දෙනවා. ඒත් වෙනස් අත්දැකීමක් ලබා ගන්නත් එක්ක මේ ගමනෙදි කෑම උයා ගන්න තමයි අපි තීරණය කරලා තිබුණේ. කෑමත් කාලා ආයෙත් පල්ලිය පැත්තට ගිය අපිට දකින්න ලැබුණේ හරිම ලස්සන දර්ශනයක්. මංගල්ලය වෙනුවෙන් විදුලි බුබුළෙන් සැරසුව පල්ලියේ දර්ශනය හරිම විචිත්‍රවත් එකක්. මුහුදු හුළඟ වදින ඉසව්වක, නිදහසේ කූඩාරමකට වෙලා එදා ලැබුව නින්දත් හරිම සුවදායකයි. ඒකත් ජීවිතේ අමතක නොවන එක රැයක්.

මාර්තු 07 වැනිදා උදෑසන තමයි කච්චතිව් දූපතේ මංගල්ල්‍යය පැවැත්වුණේ. එතැනින් පස්සේ දූපතට ගිය හැම දෙනාම ආපහු එන්න ඕනෑ. උදේටත් උයාගෙන කාලා උදේ 10ට විතර ආපහු එන්න හිතා ගෙන අපිත් ජැටිය ළඟට ආවා. පෝලිමේ තෙරපිලා බෝට්ටුවට නැඟලා අපි සුන්දර කච්චතිව් දූපතට සමු දෙද්දී දවල් 12ටත් ළං වෙලා තියෙන්න ඇති. මේ ගමන උඩු යටිකුරු කෙරුව රසවත්ම කතාව පටන් ගන්නේ දැන්.

කච්චතිව් ඉඳන් ආපහු එන ජනතාවගේ ප්‍රමාණය වැඩි හින්දම යද්දී හිටියාටත් වඩා වැඩි ප්‍රමාණයක් බෝට්ටුව වලට නග්ගවන්න නාවුක හමුදාව කටයුතු කළා. නාවුක හමුදා අධීක්ෂණය යටතේ වුණත්, මේ සඳහා යොදා ගන්නේ සාමාන්‍ය ජනතාවට අයත් සාමාන්‍ය බෝට්ටු. ඔවුන්ම තමයි ඒවාගේ ධාවකයන් වෙන්නෙත්. තට්ටු දෙකකින් යුතු අපි නැගපු බෝට්ටුව 80කට වැඩි පිරිසක් හිටියා. කච්චතිව්ිවලින් පිටත් වුණු බෝට්ටුව ටිකෙන් ටික ඉදිරියට ගියා. දූපතෙන් තරමක් ඈතට ගියත් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පල්ලිය පැහැදිලිව පේන්න තිබුණා. අපේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානය එළැඹුණේ එතැනින්. අපේ බෝට්ටුව පදවපු තරුණයා එක පාරට අංශක 90කින් ගමන් මාර්ගය වෙනස් කළා. අවුරුදු 20ක 25ක තරුණයෙක් වෙච්ච ඔහු ඒ වැඩේ හිතා මතා කරපු දෙයක් නෙවෙයි. සමහර විට ඔහු හිතුවට වඩා හැරවුම වැඩි වෙන්න ඇති. ඇත්තටම මේ බෝට්ටුවල කිසිම තාක්ෂණික පහසුකමක් නැහැ. යන දිශාව බලන්න විදියක් නැහැ. තමන්ගේ හිතේ මිම්මට තමයි ඒ ගමන යන්නේ.

කොහොම වුණත් මේ යන පාර වැරැදියි කියන එක නම් අපි හොඳටම තේරුණා. රට වටේ, ගහේ කොළේ, පාරවල් හොයා ගෙන යන අපිට උදවු කරන ගූගල් සිතියම මුහුද මැදදිත් අපිට උදවු කරන්න සූදානමින් හිටියා. දුරකතන සිග්නල් නැති වුණත්, ගූගල් සිතියම ඒ වෙලාවෙත් හොඳටම වැඩ කළා. මේ පාර වැරැදියි කියන එක අපේ බෝට්ටු නියමුවාට කිව්වත්, ඒක පිළිගන්න ඔහු පොඩ්ඩවක්වත් සූදානම් වුණේ නැහැ. භාෂා දෙකක් කතා කරන ඔහු සහ අපිට අපේ අදහස් සන්නිවේදනය කරගන්නත් ලොකු බාධාවක් තිබුණා. ඔහුගේ හිතුමනාපයට ගමන් කෙරුව බෝට්ටුව කච්චතිව් පහු කර ගෙන ධනුෂ්කොඩි මායිමෙන් තලෙයි මන්නාරම දෙසට ගමන් කෙරුවා. හොඳම වැඩේ කියන්නේ අපේ පස්සෙන් ආව තවත් බෝට්ටු හතරකුත් මේ වැරැදි පාරෙම ආවා.

සාමාන්‍යයෙන් කච්චතිව් ගිහින් එද්දී මාර්ගය හොයා ගන්න පහසුම සලකුණ තමයි ඩෙල්ෆ්ට් දූපත. කච්චතිව් ඉඳන් පැය 2ක් විතර ගමන් කරද්දී ඈතින් ඩෙල්ෆ්ට් පේන්න ගන්නවා. ඒත් එදා එහෙම වුණේ නැහැ. අපිට ඈතින් දූපතක් පේන්න පැය 3ක් විතර ගියා. ගූගල් සිතියම පෙන්වා පෙන්වා මේ පාර වැරැදියි කෝ ඩෙල්ෆ්ට් කියලා අපි අහද්දී, අර ඈතින් පේන ගොඩබිම ඩෙල්ෆ්ට් කියලයි ධාවකයා අපි එක්ක කිව්වේ. ඒත් ඒ පේන්නේ තලෙයි මන්නාරම කියලා අපි හොඳටම දැනගෙන හිටියා. කමක් නැහැ. අපිට තලෙයි මන්නාරමෙන් බහින්න පුළුවන්. තලෙයි
මන්නාරමෙන් හවස 06ට කොළඹ යන තැපැල් දුම්රියේ යන්නත් පුළුවන්. මඟ වැරැදුණු එකේ උපරිම ප්‍රයෝජනය අපි ගන්න හිතුවේ එහෙමයි. ඒ පේන්නේ ඩෙල්ෆ්ට් නෙවෙයි කියලා ඒ වෙද්දිත් අපේ ධාවකයා සහ ඔහුගේ සහායකයන් පිළි ගත්තේ නැහැ. ඒත් ටික වෙලාවකින් අපි හරියි කියලා ඔවුන්ට පිළි ගන්න සිද්ධ වුණා. ගොඩබිමෙන් තලෙයි මන්නාරම ලයිට් හවුස් එක් පේන්න ගත්තා. තමන්ට වැරැදුණා කියලා තේරුම් ගත්ත ධාවකයා බෝට්ටුව පදින එක පැත්තකට දාල අත්දෙක ඔළුවේ තියන් වාඩි වුණා.

දැන් එතැන එක යුද්ධයයි. අපි කියන්නේ අපිව තලෙයි මන්නාරමට බස්සවන්න කියලා. ආපහු යාපනේ යමු කියලා තව කට්ටියක් කියනවා. ඒත් එහෙම කිව්ව ගොඩ දෙනකුට ඒ ගමන ගැන අවබෝධයක් තිබුණේ නැහැ. මොකද එතැන ඉඳන් ආපහු බෝට්ටුවේ යාපනේ යන්න තව පැය 6ක්වත් ගත වෙන බව අපි දැන ගෙන හිටියා. වෙලාවට ඒ හරියේ ෆෝන් එකට සිග්නල් තිබුණු හින්දා තලෙයි මන්නාරම නාවුක හමුදා කඳවුරට මේ සිද්ධිය ගැන දැනුම් දෙන්න අපිට පුළුවන් වුණා. ඒත් කුරිකඩ්ඩුවාන් ජැටියෙන් ආව කට්ටිය නැවත ඒ වෙතටම යා යුතු බව තමයි නාවුක හමුදාව අපිට කිව්වේ. ඒ වෙලාවේ බෝට්ටුවේ ධාවකයත් දුරකතන ඇමතුම් කිහිපයක්ම ගත්තා. කොහොම හරි නැවත කුරිකඩ්ඩුවාන් වෙත එන ලෙස තමයි ඒ අයත් ඔහුට කියලා තිබුණේ.

තව පැය හයක මුහුදු ගමනක්. එතකොට වෙලාව හවස හතරයි. අපි දවල්ට කාලත් නැහැ. කන්න ළඟ තිබුණු ඔක්කොව ඉවරයි. ඒ මදිවට අපේ වතුර බෝතල් බෝට්ටුවේ හිටපු අනෙක් අය බීලා. බොන්න වතුරත් නැහැ. යාපනේට යන්න ඩීසල් තියෙයිද? ඇන්ජින් එක රත්වෙලා නතර වෙයිද? කළුවරේ යන එකේ අනතුර මොන වගේද? ඔය වගේ ප්‍රශ්න ගොඩක් තිබුණත්, තලෙයි මන්නාරමට ගොඩ බහින අදහස අත් හැරලා වෙන දෙයක් වුණාදෙන් කියලා ආපහු යාපනේ යන්න අපිට සිද්ධ වුණා. හැබැයි ඊට පස්සේ එක හොඳ දෙයක් වුණා. මොකද අපේ ධාවකයා එතැන ඉඳන් අඩියෙන් අඩියට පාර හරිද කියලා අපෙන් අහන්න ගත්තා. එතැන ඉඳන් ඩෙල්ෆ්ට් පේන තෙක්ම ඒ ගමන ආවේ අපේ උපදෙස් උඩ. අපේ ඇමතුමට ක්‍රියාත්මක වුණු නාවුක හමුදාව ඊට පැයකට විතර පස්සේ අපිව හොයා ගෙන ඇවිත් ආපහු යන පාර පෙන්නුවා. එතැන ඉඳන් යාපනේට එනකම් විඳපු අත්දැකීම මුලදීම කිව්වනේ. ඒ හින්දා ඒ ගැන ආයමත් කියන්න ඕනෑ නැහැ. අපි හිතුවා වගේම ආපහු කුරිකඩ්ඩුවාන් ජැටියට ගොඩ බහිද්දී වෙලාව රෑ10යි. කච්චතිව් ගිහින් ආපහු ආව නැති බෝට්ටු හතර එනකම් නාවුක හමුදාව මඟ බලා ගෙන හිටියා. කුරිකඩ්ඩුවාන් ජැටියේ ඒ වෙද්දී ගිලන් රථ පවා සූදානම් කරලා තිබුණා.

ජීවිතේට අමතක නොවන තවත් එක ගමනකින් පස්සේ අපි කුරිකඩ්ඩුවාන් වෙතින් ගොඩබිමට ගොඩ බැස්සා. කොහොම හරි ඒ අතරමං වුණු බෝට්ටු හතරින් එකක් තලෙයි මන්නාරමට ගොඩ බස්සපු බවත් අපිට දැන ගන්න ලැබුණා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කොටුවේ හාමුදුරුවෝ හිටිහැටියේ එළියට එයි: ගෝඨාගේ-බැසිල්ගේ දරුවන්ට බනින්න එපා කියයි (VIDEO)

Next Post

පෝට්සිටි තීන්දුව දැනුම් දෙන්න ජනාධිපති ආණ්ඩුවම කැඳවයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.