• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නම අහන්නත් බය විෂ කන්‍යාවෝ

April 20, 2021
in Astrology
Reading Time: 2 mins read
A A
නම අහන්නත් බය විෂ කන්‍යාවෝ
Share on WhatsAppShare on Facebook

බොහෝ ආදරය කර දහසක් ප්‍රාර්ථනා පොදිබැඳ ගනිමින් එක්වන යුවළක් මුළු දිවිය පුරාම සතුටින්, සමගියෙන්, සෙනෙහසින් මෙන්ම උතුරා ගිය ආදරයෙන් ජීවත් වීමට සිහින දකියි. නමුත් විවාහ වන බොහෝදෙනකුට එම සිහිනය සිහිනයක්ම වනු දැකිය හැක. දෙදෙනකු විවාහ වීමට යෑමේදී දෙදෙනාගේ පෙරොන්දම් පමණක් පරීක්ෂා කර ප්‍රතිශතය කීමට බොහෝ අය පුරුදුව සිටී. නමුත් දෙදෙනාගේ පොරොන්දම් 100%ක් ගැළපුණද විවාහය සිදු නොකළ යුතුයි. විවාහ වීමට බලාපොරොත්තු වන තරුණියගේ හා තරුණයාගේ නිවැරැදි උපන් වේලාවට සෑදූ ජන්ම පත්‍රවල ග්‍රහ පිහිටීම් එකිනෙකට ගැළපේදැයි පරීක්ෂා කළ යුතුයි. එසේ පරීක්ෂා කළ යුතු ග්‍රහ පිහිටීම් ගණනාවක් ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඒවා විවාහ දෝෂ ලෙසද හඳුන්වයි. එසේ පරීක්ෂා කරන විවාහ දෝෂ ගණනාවකි. ඒවා අතර කුජ – ශුක්‍ර යෝගය වැනි සරාගී යෝග, වඳ යෝග, කළුකුමාර දෝෂය, පිළිසිඳගැනීමේ දෝෂ, තුන්කුලුඳුල් දෝෂය, කුජ දෝෂය, කඩහංදි දෝෂය, නාශාංශක දෝෂය, බහු විවාහ යෝග, වැන්දඹු දෝෂය, ශනි මංගල දෝෂය, විෂ කන්‍යා යෝගය ආදිය ප්‍රධාන තැනක් ගනී.

මෙම දෝෂ අතරත් ඉතා දරුණුම දෝෂය ලෙස විෂ කන්‍යා දෝෂය ගැනිය හැක. මෙය ඉතා අසුබ යෝගයකි. මෙම යෝගයේ විශේෂත්වය වනුයේ කාන්තා පාර්ශ්වයට පමණක් පිහිටීමයි. මෙම විෂ කන්‍යා යෝගය පමණක් නොව අපගේ ජන්ම පත්‍රය තුළ පිහිටා ඇති සුබ යෝග හා අසුබ යෝග යන දෙකම පෙර සසර තුළ සිදුකළ පිං හා පව්වල ප්‍රතිඵලයන්ය. විෂ කන්‍යා යෝග පිහිටි කාන්තාවන් පෙර සසරේදී විවාහ වන යුවතිපතීන් හට ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, එම විවාහ කටයුතුවලට අකුල් හෙළීම, විවාහක ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට විවාහය හේතු කොටගෙන තාඩන පීඩන මානසිකව හෝ කායිකව එල්ල කිරීම, විවාහ කඩාකප්පල් කිරීම, අඹු සැමියන් කේලාම් කියා විරසක කිරීම, අඹු සැමියන් වෙන් කිරීම, විවාහ සැපතට බාධා කිරීම ආදිය සිදුකර ඇත.
විෂ කන්‍යා යෝගය ජන්ම පත්‍රයක් තුළ විවිධ ආකාරයට පිහිටයි. එම පිහිටීම් මෙසේය.

* රවි 5 වැන්නේ වී කුජ නීච වීම.
* 7 වැන්න, 8 වැන්න, 12 වැන්න යන රාශිවලින් එකක් මේෂ හෝ වෘශ්චික වී එහි කුජ සිටීම.
* අට අධිපතියා පාපියෙක් වී නමයේ සිටීම.
* ලග්නාධිපති ග්‍රහයා හෝ චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදි වීම.
* ලග්නය මකර වී එහි රාහු හිඳ 9 වැන්නේ රවි, කුජ, ශනි සිටීම.
* ලග්නය කුම්භ වී එහි කුජ හිඳ 6 වැන්නේ පාපීන් දෙදෙනෙක් පිහිටීම.
* ඉරිදා දින 12 වන තිථිය හා අස්ලිස හෝ සියාවස නැකතක වීම.
* ලග්නයේ පාපියෙක් සිට සුබ ග්‍රහයන් සතුරු රාශිගත වීම.
* ජන්ම නැකැත විසා නැකත වී 2, 7 තිථිය ලත් කුජ දිනක් වීම.
* සෙනසුරාදා දිනක 2 වන තිථිය හා අස්ලිස නැකැතින් ඉපදීම.
* පසළොස්වක දිනය යෙදී ඇති ඉරිදා දිනක අස්ලිස, කැති, සියාවස නැකැතින් ඉපදීම.
* දෙවන තිථිය ඇති අඟහරුවාදා දවසක සියාවස නැකැතින් ඉපදීම.
* ශනි 1, රවි 5, කුජ 9 සිටීම.
* සිංහ ලග්නය වී ශනි 1, රවි කේතු 6 සිටීම.
* ලග්නය සිංහ වී කුජ – රාහු 1 හා රවි, ශනි 10 සිටීම.
* මේෂ ලග්නය වී කුජ 1, රවි – රාහු 6 සිටීම.
* මේෂ ලග්නය වී ශනි, කුජ – කේතු 6 සිටීම.
* මේෂ ලග්නය වී රාහු 1, කුජ – ශනි 6 සිටීම.
ස්ත්‍රියකගේ ජන්ම පත්‍රය තුළ මෙවැනි ග්‍රහ පිහිටීමක් සඳහන් වේ නම් ඇය විෂ කන්‍යා යෝගයකින් උපන් තැනැත්තියකි. මෙවැනි විෂ කන්‍යාවක් සමඟ විවාහ වන පුරුෂයාට බොහෝ විපත් ගෙන දෙන බව ප්‍රර්වාචාරීන්ගේ මතයයි. මෙවැනි විෂ කන්‍යා යෝගයකින් උපන් කාන්තාවක් හා විවාහ වන පුරුෂයා අකාලයේ මියයන බවද, එම පුරුෂයා දිනෙන් දින දිළිඳු වන බවද, බෙලහීනතාවයකට හෝ අකර්මණ්‍ය වන බවද ඍෂි මතයයි. මීට අමතරව මෙවැනි විෂ කන්‍යාවකට කිසිසේත්ම සාර්ථක විවාහ ජීවිතයක් නැත. පළමු සැමියා මියගිය පසු මොවුන් දෙවැනි විවාහයක්ද, එම සැමියාද මියගිය පසු තෙවැනි විවාහයක්ද කර ගනී. එම සැමියාටද විෂ කන්‍යාවේ අසුබ පල ලැබී මාරක විපත් ඇති වීම වැළැක්විය නොහැක.

විෂ කන්‍යා යෝගය හිමි කාන්තාවගේ විවාහක සැමියාට විපත් වනවා මෙන්ම ඇයටද බොහෝ දුර්විපාක විෂ කන්‍යාව හේතු කර ගනිමින් බුක්ති විඳීමට සිදුවේ. ඒ අතර මානසික අසහනය, අවිවේකීභාවය, කරදර දුක් කම්කටොලු නිතර ඇති වීම, ලැබුණු සැපයද භුක්ති විඳීමට නොහැකි වීම, නිතර සැමියාගේ පහර කෑමට ලක්වීම, සැමියාගේ පිළිකුලට මෙන්ම අපහාසයට ලක්වීම, දරුවන් මියයෑම හෝ දරුවන් නොමැති වීම ආදිය ප්‍රධාන ස්ථානයක් ගනී.

විවාහ ජීවිතය අපායක් කරන මෙම නපුරු, දරුණු විෂ කන්‍යා යෝගය යම් ජන්ම පත්‍රයක පිහිටියද, එම යෝගය භංග වේ නම් අසුබ පල කිසිවක් නොලැබෙනු ඇත. විෂ කන්‍යා යෝගය භංග වන පිහිටීම් ගණනාවක්ද ජ්‍යොතිෂයේ සඳහන් වේ.
ඒවා මෙසේය.
* හත්වැන්නාධිපතියා 7 වැන්නේම සිටීම.
* ලග්නයේ ගුරු, සිකුරු වැනි සුබ ග්‍රහයකු සුබ ආකාරයට සිටීම (උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර)
* චන්ද්‍රයා සමග සුබ ග්‍රහයකු සිටීම.
* ලග්නය ස්ත්‍රී රාශියක් වී සඳු, ගුරු, ශුක්‍ර, බුධ ප්‍රබලව සිටීම.
* 7 වැන්නාධිපති ලග්නයේ සුබ ආකාරව සිටීම.
* 7 අධිපති සඳු සමඟ හෝ සුබ ග්‍රහයන් සමඟ සුබ ආකාරයට සිටීම.

මෙම ක්‍රම එකකින් හෝ විෂ කන්‍යා යෝගය භංග වේ නම් ඇය විෂ කන්‍යාවක් නොවේ. ඇයට විවාහ වී වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කළ හැක. එබැවින් විෂ කන්‍යා යෝගයක් ඇති කේන්දරයක් දුටු පමණින් පලාපල නොපවසා හොඳින් විමර්ශනය කර භංග වේදැයි බැලිය යුතුයි. විෂ කන්‍යා යෝගය භංග වන තරුණියකට විෂ කන්‍යාවක් යැයි පැවසීම ඇගේ අනාගතය අඳුරු කරන්නෙකි. එය මහත් අකුසල කර්මයකි. විෂ කන්‍යා යෝගය වැනි තීරණාත්මක විවාහ දෝෂ පිළිබඳව හොඳින් පරීක්ෂා කර බලා පලාපල පැවසිය යුතු බව තරයේ මතක තබාගත යුතුමය.
ජ්‍යොතිෂවේදීනී මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

මුරුත්තෙට්ටුවේ හිමි හදිසියේම රට යයි

Next Post

රාජපක්ෂලා යළි නැගිට්ටවපු කව්ද මේ අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හිමි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.