• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එදත් අදත් මතුවටත් ඕලු ජනප්‍රියයි

April 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
එදත් අදත් මතුවටත් ඕලු ජනප්‍රියයි
Share on WhatsAppShare on Facebook

⬤ මම හැමදේම ප්‍රතික්ෂේප කළේ ඕලුට තියෙන ගෞරවය නිසා…

‘ඕලු’ කියූ සැණින් ඔබේ මතකයට නැඟෙන්නේ ඇයයි. ඒ තරමට වයස් භේදයකින් තොරව එදා ඔබ දැකපු ‘ඕලු’ චරිතයට ආදරය කළ නිසා. ඉතින් නැවැතත් ඔබ ආදරය කළ ඒ ‘ඕලු’ ඔබට සමීපවෙලා. ‘ඕලු’ තුළින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසට කිරුළ දැරූ මංජුලා කුමාරි සමග ඒ මතකයන් අපි කතා කළා.
🔴 ඔබටත් ඔබේ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා.
ගොඩාක් ස්තුතියි අයියේ. මමත් ඔබටත්, ‘මව්රට’ පුවත්පතේ සියලුම මාධ්‍යවේදීන් ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයට, ඒ වගේම මගේ ආදරණීය සියලුම ප්‍රේක්‍ෂක ජනතාවට නිදුක් නීරෝගී, වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
🔴 මේ අවුරුදු උදාවෙත් ගෙදර නැහැ නේද… අවුරුදු චාරිත්‍ර සිදු කරන්න?
මෙවරත් ස්වර්ණවාහිනියේ අවුරුදු උත්සවයත් එක්ක සම්බන්ධ වෙලා තමයි අවුරුදු චාරිත්‍ර ඉටුකළේ. හැබැයි මම නැවැත ගෙදර ඇවිත් සුබ නැකැත් හදාගෙන ඒ සියලුම චාරිත්‍ර ටික මම ගෙදරත් කළා. මොකද මගේ දරුවන්ටත් ඒ සිරිත් විරිත් කියලා දීමට.
🔴 නැවැතත් ‘ඕලු’ ටෙලිනාට්‍ය විකාශ වෙනවා නේද? ඒ ගැන කිව්වොත්?
මම හිතුවේ නැහැ ‘ඕලු’ ටෙලිනාට්‍ය නැවැත විකාශය වෙයි කියලා. ගොඩාක් සතුටුයි මට නැවැත විකාශය වෙන එක ගැන. මොකද ‘ඕලු’ ටෙලිනාට්‍යයට අලුත් ප්‍රේක්‍ෂක පිරිසක් එකතු වෙලා. ඒ වගේම ‘ඕලු’ ටෙලිනාට්‍යය නරඹපු අයත් නැවත ආශාවෙන් එය නරඹනවා.
🔴 එදා සහ අද ‘ඕලු’ ගැන දැනෙන වෙනස ගැන කතා කළොත්?
‘ඕලු’ ටෙලිනාට්‍ය 2008 වර්ෂවල තමයි නිර්මාණය වුණේ. එදා වගේම අදටත්, මතුවටත් ‘ඕලු’ ආදරයෙන් ප්‍රේක්‍ෂකයන් වැලඳගන්නවා. මොකද වර්තමානයේ එවැනි හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. හැබැයි ඔය අතර හොඳ නිර්මාණ කිහිපයක් විකාශය වෙනවා.
🔴 ජනප්‍රිය නිළිය වෙනුවෙන් එකපිට සම්මාන හිමිකර ගත්තා. වර්තමානයේ එය ගිලිහී ගියා නේද?
2006 සහ 2007 වර්ෂවල ජනප්‍රිය නිළියට සම්මාන මට ලැබුණා ‘ඕලු’ ටෙලිනාට්‍ය හරහා. හැබැයි අදටත් ‘ඕලු’ ජනප්‍රියයි. එය මට සතුටක්. මට ජනතාවගෙන් ලැබෙන ආදරය අඩුවක් නැහැ.
🔴 ‘ඕලු’ නිසාම ඔබ නිර්මාණ තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්කුවාද?
අනිවාර්යයෙන් ‘ඕලු’ චරිතයට තිබුණු ආදරය නිසාම මම නිර්මාණ තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්කුවා. මොකද මම කැමැති වුණේ නැහැ ඒ චරිතයට හානියක් වෙන විදියට වැඩ කරන්න. අදටත් මට ගොඩ දෙනෙක් කතාබහ කරන්නේ ‘ඕලු’ කියලා. මගේ පෙර වාසනාවකට ‘ඕලු’ චරිතය මට ලැබුණේ.
🔴 ගොඩදෙනෙක්ගේ එකම සිහිනය සිනමාව. ඒත් මංජුලාගේ අපි වෙනසක් දකිනවා?
එය මම පිළිගන්නවා. ‘ඕලු’ චරිතය ජනප්‍රිය වීමත් එක්ක මට චිත්‍රපට ගණනාවකින් ආරාධනා ලැබුණා. මම ඒ සියල්ලම ප්‍රතික්‍ෂේප කළේ ‘ඕලු’ චරිතයට තිබෙන ආදරය, ගෞරවය නිසාමයි. ඉදිරියේදී රං කොල්ලා, තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපට දෙක තිරගත වෙයි. ඒ නිර්මාණ දෙකේ මට සුවිශේෂ බවක් දැනුණු නිසා සම්බන්ධ වුණා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

Dell ව්‍යාපාර සමුළුවේදී Softlogic IT සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි.

Next Post

ජාතික ඉතිරිකිරීමේ බැංකුව දුෂ්කරතා මැද නොසැලී ඉදිරියට

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ...

Read more
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.