ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අද දින (19) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ භාරගත්තේය.
දෙස් විදෙස් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක 04 කට අධික කාලයක් පුරා සුවිශේෂ අත්දැකීම් සහිත ප්‍රවීණයකු වන සමරනායක මහතා මින් පෙර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයෙහි කටයුතු කරන ලදී.
“දවස” පුවත්පතෙහි උපකර්තෘවරයකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි මොහාන් සමරනායක මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වැනි රාජ්‍ය ජනමාධ්‍ය ආයතන රැසක ඉහළ ධුරයන් හොබවා ඇත.
එමෙන්ම, ඒ මහතා එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද දිගුකලක් සේවය කර තිබේ.
මොහාන් සමරනායක මහතා අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රාජකාරි භාර ගැනීමේ අවස්ථාවට ජනාධිපති මාධ්‍ය අංශයේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ඇතුලු කාර්යය මණ්ඩල සාමාජිකයෝ රැසක් සහභාගි වී සිටියහ.











