• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුව-අත-දුරකතනය-පංචායුධය: මැයි දිනේට එක්වෙයිද-කැඩෙයිද?

April 19, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
පොහොට්ටුව-අත-දුරකතනය-පංචායුධය: මැයි දිනේට එක්වෙයිද-කැඩෙයිද?
Share on WhatsAppShare on Facebook

අලුත් අවුරුදු සමය නිමාවීමත් සමඟ දේශපාලනය පිළිබඳ උනන්දු බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ මැයි දිනය වෙතටය. ලෝ පුරා කම්කරු ජනතාව වෙනුවෙන් වෙන් වී තිබුණද, වර්තමානයේ බොහෝ විට එය ක්‍රියාත්මක වන්නේ දේශපාලන පක්ෂ විසින් තම ශක්තිය පෙන්වීමට යොදා ගන්නා එක් අවස්ථාවක ලෙසිනි.

මැයි දිනය සැමරීමට සති දෙකක් පමණ ඉතිරිව තිබියදීම මෙවර මැයි පෙළපාළි සහ මැයි දින සැමරුම් පිළිබඳ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඒ රජයේ පාර්ශ්ව කිහිපයක් මෙවර මැයි දිනය වෙන වෙනම සැමරීමේ සූදානමක් පවතින බවට කරුණු වාර්තා වීමත් සමඟිනි. මේ වන විට අනාවරණය වී ඇති පරිදි එලෙස වෙනම මැයි දිනය සැමරීම සඳහා සූදානමින් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයකි.

රජයට ඇති ජනතා ප්‍රසාදය මැන බලන එක් සාධකයක් ලෙසද මැයි දිනය හැඳින්විය හැක. ඒ හේතුවෙන් මැයි දිනය ඉතාම ඉහළින් සැමරීමට සෑම රජයක්ම උත්සාහ ගැනීම සාමාන්‍ය දෙයකි. රජයේ පාර්ශ්ව කිහිපයක්ම වෙනම මැයි දිනය සැමරීමේ සූදානමක් ඇති බවට පැතිර යන ආරංචි කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ එබැවිනි.
අප මේ පිළිබඳව රජයේ ප්‍රධාන පාර්ශ්වය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා සඳහන් කළේ රජයේ සියලු පාර්ශ්වයන් සමඟින් මෙවර මැයි දිනය පැවැත්වීම තම අරමුණ වන බවය.

“මැයි දිනය කොයි ආකාරයෙන් පවත්වනවාද කියන එක ගැන තවම අවසන් තීරණයක් අරගෙන නැහැ. රජයේ සියලු පාර්ශ්වයන් එකතු කර ගෙන මෙවර මැයි දිනය පැවැත්වීම තමයි අපේ අරමුණ. ඒ සඳහා මේ වෙද්දි දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා තියෙනවා. අපේ පක්ෂය වෙනුවෙන් ගාමිණී ලොකුගේ ඇමැතිතුමා ඒ කමිටුව නියෝජනය කරනවා. ඒ වගේම රජය නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජිතයෝ ඒ සඳහා සහභාගි වෙනවා. ඒ කමිටුවේදී ගන්න තීරණ අනුව තමයි මැයි දිනය පවත්වන ආකාරය තීන්දු කරන්නේ.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා අදහස් දැක්වූයේ එලෙසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු රජය නියෝජනය කරන පාර්ශ්ව කිහිපයක් මෙවර මැයි දිනය වෙනම සැමරීමේ සූදානමක් පවතින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන්ද අපි ඒ මහතාගෙන් කරුණු විමසුවෙමු. එයට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ මෙතෙක් කිසිදු පක්ෂයක් එවැනි තීරණයක් තමන්ට නිල වශයෙන් දැනුම් දී නැති බවය.

“මැයි දිනය වෙනම සමරනවා කියලා රජය නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් මේ වනතුරු අපිට නිල වශයෙන් දැනුම් දීලා නැහැ. පක්ෂයක් විදියට අපිටත් මැයි දිනය වෙනම සමරන්න බැරිකමක් නැහැ. නමුත් රජයක් විදියට සියලු දෙනා එකතු කර ගනිමින් මැයි දිනය සමරන්න තමයි අපට අවශ්‍ය. ඔය කියන සෑම පක්ෂයක්ම නියෝජනය කරන නියෝජිතයෝ මැයි දින කමිටුවේ ඉන්නවා. ඒ හින්දා ඒ අයගේ අදහස් දැනුම් දුන්නට පස්සේ අපිට පුළුවන් ඒ ගැන අවසන් තීරණයක් ගන්න.”

සාගර කාරියවසම් මහතා අදහස් දැක්වූයේ එසේය.

මැයි දිනය වෙනම සැමරීම පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙතටය. ඒ මෙවර මැයි දිනය පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි මාධ්‍ය ඔස්සේ කරුණු වාර්තා වීමත් සමඟය. එහිදී මාධ්‍ය වාර්තා කර තිබුණේ ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන 19 වැනිදා පැවැත්වීමටද තීරණය කර ඇති බවය. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් කරුණු විමසූ අතර එහිදී මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු තහවුරු කරමින් ඒ මහතා අවධාරණය කළේ මෙවර මැයි දිනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස වෙනම සැමරීමේ වැඩි ඉඩකඩක් පවතින බවය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට මෙවර මැයි දිනය වෙනම සැමරිය යුතුයි කියලා බොහෝ දෙනාගෙන් ඉල්ලීමක් තියෙනවා. දැනට තියෙන තත්ත්වය මත අපේ මැයි දිනය වෙනම සැමරීමේ වැඩි ඉඩක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් ඒක පැවැත්වෙන්නේ කොහේද, කොයි විදියටද කියන එක තවම සැලසුම් කරලා නැහැ. නමුත් බහුතර තීරණය අනුව අපේ මැයි දින සැමරුම වෙනම පවත්වාවි.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා අදහස් දැක්වූයේ එලෙසිනි.

මැයි දින සැමරුම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජය විසින් පත්කර ඇති කමිටුව පිළිබඳව විමසීමේදී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ඒ සඳහා තම නියෝජිතයෙකුද සහභාගි වන බවය.

කෙසේ නමුත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරන ආකාරයට මැයි දිනය සැමරීමේදී පමණක් නොව ඉදිරි පළාත් සභා මැතිවරණයටද වෙනම තරග කළ යුතු බවට සාකච්ඡාවක් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ආරම්භ වී ඇත. එමෙන්ම එළැඹෙන 19 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවේදී මැයි දිනය පිළිබඳ කිසිවක් කතා බහ නොකිරීමට එම පක්ෂය තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.
මේ අතර විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණද පසුගිය කාලයේදී බොහෝ මතභේදයන්ට තුඩු දුන් දේශපාලන පක්ෂයකි. රජයේ ප්‍රධාන පාර්ශ්වය නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් ජාතික නිදහස් පෙරමුණ ප්‍රසිද්ධියේ විවේචනය කරන ආකාරයද දැක ගත හැකි විය. එවැනි පසුබිමක මෙවර මැයි දින සැමරුමට රජය සමඟ එක්නොවීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇති බවටද විවිධ තොරතුරු පැතිර යන්නට විය. අප, ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සම්බන්ධ කර ගත්තේ ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහාය. එහිදී ඒ මහතා සඳහන් කළේ මැයි දිනය පිළිබඳ තම පක්ෂයේ අවසන් තීරණය ගනු ලබන්නේ එළැඹෙන 26 වැනිදා වන බවය.

“මැයි දිනය ගැන අපි මෙතෙක් අවසන් තීරණයක් අරගෙන නැහැ. ලබන 26 වැනිදා තමයි අපි ඒ ගැන අවසන් තීරණය ගන්නේ. ඒ හින්දා එතෙක් ඒ ගැන කිසිම දෙයක් කියන්න බැහැ.”

ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වූයේ එසේය.

එමෙන්ම එහිදී අප කළ විමසීටම පිළිතුරු දුන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රජය විසින් පත් කර ඇති කමිටුවටද තම නියෝජිතයෙකු සහභාගි වන බවය.

රජයේ මැයි දින සැමරුම සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් විවිධ අදහස් පළ වද්දී, වර්තමානයේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගයේ මැයි දින සැමරුම පිළිබඳවද බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. ඒ පක්ෂයක් ලෙස සමඟ ජන බලවේගය සමරන පළමු මැයි දිනය මෙය වීම මතය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ තම පක්ෂයේ මැයි දිනය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

“අපේ මැයි දිනය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තියෙනවා. ඒ වගේම ඒ සඳහා අපේ සියලුම මිත්‍ර පක්ෂ සමඟ අපි සාකච්ඡාත් ආරම්භ කර තියෙනවා. ඒ සාකච්ඡා බොහොම සුබවාදී විදියට පැවැත්වෙනවා. ඒත් සමඟි ජන බලවේගයේ මැයි දින සැමරුමට එක්වෙන අනෙක් දේශපාලන බලවේග මොනවද කියන එක ගැන මට මේ වෙලාවේ ස්ථිරවම කියන්න බැහැ. තව දින කිහිපයකින් ඒ ගැන හරියටම කියන්නම්.”

සමඟි ජන බලවේගයේ මහලේකම්වරයා අදහස් දැක්වූයේ එසේය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රජයේ අලුත්ම අධ්‍යක්ෂ ජනරාල්…

Next Post

විමල්-වාසු-උදය නැති පක්ෂ නායක රැස්වීමේ ජායාරූප එළියට

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.Sri Lanka Latest News ඒ අනුව,  මහ බැංකුව විසින් අද (09)...

Read more
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.