කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් සඳහන් කර සිටී.
එම විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමුන් සිව්දෙනෙකු සහ 08 වසරේ ඉගෙනුම ලබන ළමුන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.










