• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන් වෙනුවෙන් හරීන් ගහන්න යන අලුත්ම ගේම: ආණ්ඩුව අභියෝගය භාරගනීද?

April 19, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
රන්ජන් පාර්ලිමේන්තු ගේන්න හරීන් මන්ත්‍රීකමෙන් අස්වෙයි!!!
Share on WhatsAppShare on Facebook

“රන්ජන් හිරේ ගියා”
මේක තමා මේ කතාවෙ පළවෙනි කොටස.

“රන්ජන්ට පාර්ලිමේන්තු එන්න අවසර නොදෙන්නෙ තීරණය කළා”
ඒ මේ කතාවෙම දෙවෙනි කොටස.

“රන්ජන් වෙනුවෙන් අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දුන්නා”
මේ තුන්වෙනි කොටස.

“රන්ජන් වෙනුවෙන් හරීන් අයින් වෙන්න ලෑස්තියි”
මේ ඒ කතාවෙම හතරවෙනි කොටස.

මේ කතාව ලියන්නෙ මාතෘකා හතරක් යටතේ. මේ හතරම එකිනෙකට සම්බන්ධ වුණත්, ඒ හතර වෙන වෙනම කතා කරන්න ඕනෙ කියලයි හිතෙන්නෙ.

“රන්ජන් හිරේ ගියා”

මේක නිතරම අහන්න ලැබුණ කතාවක්. විශේෂයක් නෑ. ඔහු නිතරම අත්අඩංගුවට ගැණුනා. රන්ජන් ප්‍රවෘත්ති මවන්නෙක් බවට පත්වුණා. වැරදි කීපයක් ඔහු වටා කැරකුණා. ඒ අතර හඬපට හුට පට තිබුණා. තව කොවිඩ් නීති උල්ලංඝනයක් ගැනත් කියවුණා. ඒ අස්සෙ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් ඔහුට තිබුණා. ඒ නිසා රන්ජන් රාමනායකට නිතර නීතිය එක්ක ගනුදෙනු කරන්න වුණා. ඔහුට මේ විවිධ ප්‍රශ්න හේතුවෙන් කීප වතාවක්ම අත්අඩංගුවට පත්වෙන්නත් වුණා. ඒත් අන්තිමට ඔහුට මුහුණ දෙන්නෙ වෙන්නෙ ඉතාම බරපතළ ප්‍රශ්නයකට. ඒ ලංකාවෙ දේශපාලකයො කීප දෙනෙක්ම වැඩ වරද්දා ගත්ත ජාතියෙ චෝදනාවක්. රන්ජන් රාමනායකටත් ඒකෙන් බේරෙන්න බැරි වුණා. මේ චෝදනාවට ඔහු වරදකරු වුණා. නොහිතපු වෙලාවක නඩුව ඇහුවා. රන්ජන් නොහිතපු වෙලාක තීන්දුව ලැබුණා.

ඒ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. රන්ජන් කියලා තිබුණ කතාවකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කළා. මේ ඔහු ගෙවා දමමින් ඉන්නෙ ඒ දඬුවම් කාලය. විවිධ හැලහැප්පීම් සහිතව ඒ කාලය ගත වෙමින් යනවා.

රන්ජන් බලන්න දේශපාලකයො යනවා එනවා. ඒ අතර ඔහුට සමාව හිමිකර දීම ගැන කියවෙනවා. ජනාධිපති සමාවක් ගැන හාවක් හූවක් යනවා.

ඊළඟට කතා බහක් ඇති වෙන්නෙ මෙන්න මේ ගැන.

“රන්ජන්ට පාර්ලිමේන්තු එන්න අවසර නොදෙන්නෙ තීරණය කළා”

කියන එක ගැන. ඒ කතාවට සමගාමීව තවත් කතාවක් තියෙනා නිසා තත්වය තවත් නරකයි. ඒ අනිත් කතාව ප්‍රේමලාල් ජයසේකරගේ කතාව. ප්‍රේමලාල් ජයසේකර ඉන්නේ මරණ දඬුවම නියම වෙලා. හැබැයි මරණ දඬුවම නියම වුණ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එනවා. අවුරුදු හතරක් බරපතළ වැඩ සහිතව හිරගෙට ගිය රන්ජන්ට පාර්ලිමේන්තු එන්න බෑ. මේ ගැන කතාබහ කෙරෙන බොහෝ තැන්වල කතානායකතුමා දුන්න උත්තරය වුණේ ප්‍රේමලාල් ඇපිල් කරලා ඉන්නවා කියන එක. ප්‍රේමලාල් ඇපිල් කරපු එකත් එකක් ආයෙත් කතා බහට එන්නෙ සරත් ෆොන්සේකාගෙ කතාව. ජනාධිපතිවරණයෙන් පස්සෙ හිරේට යන ෆොන්සේකට මුලින් මුලින් පාර්ලිමේන්තු එන්න ලැබුණත් වැලිකඩට ගියාට පස්සෙ පාර්ලිමේන්තු එන්න ලැබෙන්නෙ නෑ. ෆොන්සේකා මේ ගැන ප්‍රශ්න කරන කොට ඒ කාලෙ කතානායක විදියට හිටපු චමල් රාජපක්ෂ එක්කත් විශාල ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුම නිමවෙන්නෙ පාර්ලිමේන්තුව කුණුහරුප වැස්සකින් නාවලා. ඕවා ඕකට නුහුරු ඒවා නොවෙන හින්දා අපිට නම් ගානක් නෑ. හැබැයි චමල් ෆොන්සේකට එළියට ගිහිල්ලා ගහගන්නත් කතා කරනවා. මේ වගේ හැසිරීමක් හයේ හතේ පන්තිවල තිබ්බත් දැන් උසස් පෙළ පන්තියකවත් වෙන්නෙ නෑ.

ඒත් මේ කතාබහ එහෙට මෙහෙට ගිහිල්ලා ඉවර වෙනවා මිසක් හරි උත්තරයක් සහිතව නිම වෙන්නෙ නෑ. කතානායක තුමා දෙන උත්තරවලිනුත් රන්ජන්ට ආයෙ එන්න පුළුවන් වෙන පාටක් නෑ. ඒ නිසා තවම මේ මාතෘකාව යටතේ සෑහීමකට පත්වෙන්න පුළුවන් උත්තරයක් ලැබිලා නෑ. රන්ජන් රාමනායකට පාර්ලිමේන්තු එන්න ලැබෙන්නෙනෑ. ප්‍රේමලාල් ජයසේකරගෙ පාර්ලිමේන්තු ගමන නතර වෙන්නෙත් නෑ. මේවට හේතු කියන එක නතර වෙන්නෙත් නෑ. ඒ වගේම මේ කතා කරන මොහොත වෙනකොට රන්ජන්ගෙ පාර්ලිමේන්තු අසුන අහිමි වෙලා ඉවරයි.

“රන්ජන් වෙනුවෙන් අලුත් මන්ත්‍රීවරයෙක් දිවුරුම් දුන්නා”

කියන මාතෘකාව ගැන කතා කරන්න පටන් ගත්ත තැනින්ම රන්ජන්ගෙ පාර්ලිමේන්තු ගමන කියන මාතෘකාව බල රහිත වෙනවා. මොකද මේ වෙන කොට ඒ අසුනෙ අලුත් මන්ත්‍රීවරයෙක් ඉඳගෙන ඉවරයි. ඒ තමයි ගම්පහ ලැයිස්තුවේ ඊ ළඟට හිටපු අජිත් මානප්පෙරුම. අජිත් මාන්නප්පෙරුම හැමදාම වගේ පාර්ලිමේන්තු එන්නෙ එහෙම. ඔහු පහුගිය දවසක ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවෙ නව මන්ත්‍රීවරයෙක් විදියට දිවුරුම් දීමත් එක්ක මේ අවුල තවත් බරපතළ අතට හැරුණා. සාමාන්‍යයෙන් මේ වගේ පසුබිමක් යටතේ වෙන්නෙ නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දීම ප්‍රතික්ෂේප කරමින් සටන් කරන එක. මේ වෙලාවෙ රන්ජන් රාමනායක වගේම ඔහු වෙනුවෙන් පෙනී හිටින බාහිර පාර්ශව පවා හිතුවේ එහෙම එකක් වෙයි කියලා. ඒත් මේ සිදුවීමත් එක්ක අනියමින් “රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන අහිමි වීම” පිළිගන්නා තැනකට පත්වුණා කියලයි පිටස්තරව බලා ඉන්න අයට පේන්නෙ. මීට කලින් මෙහෙම වෙන හැම අවස්ථාවකම ඒ ඒ කණ්ඩායම් උත්සහ කළේ පාර්ලිමේන්තු අසුනේ හිස්තැන් පුරවන්නෙ නැතිවම සටන් කරන්න. ඒ මේ වතාවෙ ඒක වුණේ නෑ.

“පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

ඉන් පසුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 5 ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය.

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සඳහා මාන්නප්පෙරුම මහතා පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස එතුමාගේ නම සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය පසුගියදා නිකුත් කෙරිණ, ඒ අනුව අජිත් මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී දිව්රුම් දුන්නේය.”

මේ ප්‍රවෘත්තියත් එක්ක ඔහු පාර්ලිමේන්තුවෙ අසුන් ගත්තා වගේම රන්ජන් රාමනායක වෙනුවෙන් අසුනක් නැති වුණා.
අපි කියපු හතර වෙනි මාතෘකාව කරලියට එන්නෙ ඒත් එක්ක.

“රන්ජන්ට අසුනක් නෑ”

කියන කතාවට රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර කිව්වෙ,
“ඔය තරම් අමාරුවක් තියෙනවා නම්, අස්වෙලා දෙන්නකො ආසනේ” කියලා. මේ කතාවට උත්තරයක් දෙන්න තරම් කෙනෙක් විපක්ෂය ඇතුළෙ ඇති කියලා කංචන හිතන්න නැතිව ඇති.

හැබැයි දිගටම රන්ජන් වෙනුවෙන් සටන් කරන හරීන් මේ වතාවෙත් සටනට බැස්සා. මීට කලින් රන්ජන් වෙනුවෙන් කළු සාටකයක් දාලා හරීන් පාර්ලිමේන්තු ආවා. ඒවගේම රන්ජන් වෙනුවෙන් සමගි ජන බලවේග වේදිකාවෙදි කතාව පටන් ගන්න කොටම කිව්වා. ඒ නිසා මේ වතාවෙ හරීන් කිව්වෙ තමන්ගෙ අසුනෙන් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි කියලා. එහෙම ඉල්ලා අස්වෙලා තමන්ගෙ අසුන රන්ජන් රාමනායක වෙනුවෙන් දෙනවා කියලත් ඔහු කිව්වා.

මේ කතාව පිටිපස්සෙ තියෙන්නෙ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙලා ළඟ එන පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්ෂාව කියලත් සමහර කෙනෙක් කියනවා. මීට කලිනුත් මේ විදිහටම හරීන් තමන්ගේ මන්ත්‍රිකමෙන් අයින් වෙලා ඌව පළාත් සභාවට තරග කළා. ඒ අත්දැකීමත් හරීන්ට තියෙනවා.

හැබැයි කොහොම වෙතත් ඔහු රන්ජන් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වුනොත් ඒක ලංකාවෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරපු විශාලතම කැපවීමක් විදියට ඉතිහාසගත වේවි.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

කොට්ටාව ධර්මපාලයේ සිසුන් 8කට කොරෝනා!

Next Post

ආණ්ඩුවේ අර්බූදය උඩු දුවයි: අගමැති-පක්ෂ නායක රැස්වීම කඩාකප්පල් වෙයි

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.