• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාල් සේරුවක බත් කාපු: කාර් එකක් අතින් උස්සපු: අන්තිමේ ජන්ද පෙට්ටියට යටවුණු ලංකාවේ අන්තිම යෝධයා

April 19, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
හාල් සේරුවක බත් කාපු: කාර් එකක් අතින් උස්සපු: අන්තිමේ ජන්ද පෙට්ටියට යටවුණු ලංකාවේ අන්තිම යෝධයා
Share on WhatsAppShare on Facebook

අපේ රටේ දේශපාලනයට සම්බන්ධ වීම පරම්පරා ගානක් ගොඩ යන වැඩක් බව බොහෝ දෙනා නිතර පවසන දෙයකි. ඒ සඳහා උදාහරණද ඕනෑ තරම් අපේ රටෙන් සොයා ගත හැකිය. දේශපාලනය හරහා ගොඩ යෑමට පාර්ලිමේන්තුවට, පළාත් සභාවකට හෝ ප්‍රාදේශීය සභාවකට තේරී පත්වීම අත්‍යවශ්‍ය නැත. පසෙක සිට දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට සහාය ලබා දී ඒ හරහා විවිධාකාරයේ වාසි ලබා ගන්නා බොහෝ දෙනකුද අපේ රටේ ඇත.

එමෙන්ම දේශපාලනයට සම්බන්ධ වීම මත තම ජීවිත විනාශ කරගත් පුද්ගලයන් පිළිබඳ උදාහරණද ඕනෑ තරම් අපේ රටෙන් සොයා ගත හැක. ඒ අතර බොහෝ දෙනකු ඇත්තේ තම පක්ෂයට වැඩ කිරීමට ගොස් රැකියාව අහිමි කර ගත් අයය. ඒ අතර දේශපාලනයට සම්බන්ධ වීම නිසා රැකියාව පමණක් නොව තම ජීවිතයද අහිමි කර ගත් කිහිප දෙනකුද අපේ ඉතිහාසයෙන් සොයාගත හැකිය.

බොහෝ දෙනකු ආදරයට තඹුත්තේගම යෝධයා ලෙස හැඳින්වූ හේරත් බණ්ඩාට අත් වූයේද එවැනි ඉරණමකි. දශක පහකට ආසන්න කාලයක් දේශපාලනය වෙනුවෙන් තම කාලය කැප කළ හේරත් බණ්ඩාට අවසානයේ සිදුවූයේ ඒ හේතුවෙන් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමටය. දේශපාලනයට යම් තරමකින් හෝ සම්බන්ධ වීම වටිනා ඉල්ලමක් බවට පත් වී ඇති රටක හේරත් බණ්ඩා නොමිලයේම තම ජීවිතය දේශපාලනය වෙනුවෙන් කැප කර තිබීමද විශේෂ කාරණයකි.

තඹුත්තේගම යෝධයා හෙවත් හේරත් බණ්ඩා උපත ලබා ඇත්තේ 1945 වසරේදීය. ඒ නොච්චියාගම රජයේ රෝහලේදීය. අතීතයේ ජීවත් වූ දස මහා යෝධයන් පිළිබඳව තොරතුරු අසා තිබුණු ශ්‍රී ලාංකික සමාජයට ඒවා සත්‍ය බව තහවුරු කළ එක් උදාහරණයක් ලෙසද හේරත් බණ්ඩා හැඳින්විය හැක.

උපතේදී සාමාන්‍ය දරුවෙකු වූ හේරත් බණ්ඩා අසාමාන්‍ය ආකාරයෙන් වර්ධනය වීම ආරම්භ වී ඇත්තේ ඔහුගේ වයස මාස තුනක් පමණ වන විටය. වෙනත් දරුවන්ට වඩා මව්කිරි වැඩි ප්‍රමාණයක් පානය කළ හේරත් බණ්ඩාට නිතර නිතර කුසගිනි දැනුණු බවද ඔහුගේ දෙමව්පියන් පසුව පවසා තිබිණි. ඒ හේතුවෙන් මේ දරුවා වෛද්‍යවරුන්ට පෙන්වීමට පවා ඔවුන් කටයුතු කර ඇත.

හේරත් බණ්ඩා පිළිබඳ මුළු රටම තොරතුරු දැන ගත්තේ වයස අවුරුදු පහේදී තම දෑතින් කාර් රථයක් එසැවීමට ඔහු සමත් වීමත් සමඟිනි. පුවත්පත් වාර්තා කළ එම පුවත ඉතා වේගයෙන් රටපුරා පැතිර ගියේය. තඹුත්තේගම හේරත් බණ්ඩා රටේම ජනප්‍රිය චරිතයක් බවට පත් විය. එසේ වුවද ඒ හරහා ඔහු ඇතුළු පවුල මුහුණ දී සිටි දරිද්‍රතාවයට පිළියම් යෙදීමට කිසිවෙකු ඉදිරිපත් වී නැත.

අතීතයේ යෝධයන් ජීවත් වී ඇත්තේ රජවාසලේය. කුඩා අවධියේදීම ඔවුන් පිළිබඳ තොරතුරු දැන ගත් මහ රජු ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දී ඇත. නමුත් හේරත් බණඩාට එවැනි පහසුකම් ලබා දීමට රජෙක් එවකට අපේ රටේ සිටියේ නැත. ඒ හේතුවෙන් ගොවි පවුලකට දාව උපන් හේරත් බණ්ඩාට ජීවත් වීමට සිදු වූයේ දැඩි ආර්ථික අපහසුකම් මැදය. ටිකෙන් ටික ලොකු වීමේදී ඔහුට එක් වේලකට හාල් සේරුවක පමණ ප්‍රමාණයක් බත් අවශ්‍ය වී ඇත. ඔහුගේ දුප්පත් දෙමව්පියන් එය දරා ගෙන ඇත්තේ ඉතා අසීරුවෙනි. හේරත් බණ්ඩා සමඟ තවත් දරුවන් දෙදෙනකු රැක බලා ගැනීමට ඔවුන්ට සිදුව ඇත.

කෙසේ නමුත් ඒ සියලු අගහිඟකම් මධ්‍යයේ තම දුවා දරුවන්ගේ අනාගතය යහපත් කිරීමට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමටද හේරත් බණ්ඩාගේ දෙමව්පියෝ කටයුතු කළහ. තඹුත්තේගම විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ හේරත් බණ්ඩා එහිදී ඉහළ ප්‍රතිඵල ලබා ගනිමින් සාමාන්‍ය පෙළ සමත්වීමත් සමඟ උසස් පෙළ හැදෑරීම සඳහා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට සුදුසුකම් ලබා ඇත.

ඒ වන විට ඉතාම හොඳින් අධ්‍යාපන හැදෑරූ හේරත් බණ්ඩා චතුර කථිකයෙකුද විය. එමෙන්ම ඉංග්‍රීසි භාෂාවද ඉතාම හොඳින් හැසිරවීමට ඔහු සමතෙකු විය. හේරත් බණ්ඩාගේ පියාගේ එකම අරමුණ වී ඇත්තේ තම දුවා දරුවනට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමය. තම පියාගේ අරමුණු ඒ ආකාරයෙන්ම සාක්ෂාත් කරමින් උසස් අධ්‍යාපනයක ලැබූ හේරත් බණ්ඩාගේ සොහොයුරෙකු වූ මුතු බණ්ඩා අවසානයේ විදුහල්පතිවරෙයකු බවටද පත් වීමට සමත් විය.

ඊට නොදෙවැනි ආකාරයෙන් උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලැබීමට හේරත් බණ්ඩාද සමත් වූ නමුත් හදිසියේ ඇති වූ දේශපාලන සබඳතා ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කිරීමට සමත් විය. අධ්‍යාපනයේදී පමණක් නොව ක්‍රීඩකයෙකු ලෙසද පාසල් කාලයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට හේරත් බණ්ඩා සමත් විය. යගුලිය දැමීම, කවපෙත්ත දැමීම ක්‍රීඩාවලදී තම කාය ශක්තිය උපයෝගී කර ගනිමින් සුවිශේෂී දක්ෂතා දැක්වූ හේරත් බණ්ඩා එම තරගවලදී අත්කරගත් ජයග්‍රහණ බොහෝය. ඊට අමතරව ඔහු දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකුද විය. එහිදී ලැබූ ජයග්‍රහණ හේතුවෙන් විදේශීය තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාවද ඔහුට උදා වී ඇති නමුත් පියාගේ විරෝධය මත ඒ සඳහා සහභාගි නොවීමට හේරත් බණ්ඩා තීරණය කර ඇත. බොක්සිං ක්‍රීඩාවෙන් ඉදිරියට ගියේ නම් නියත වශයෙන්ම ඔහු දක්ෂ ක්‍රීඩකයෙකු වන්නට තිබුණු බව ඒ කාලයේ ඔහුගේ දක්ෂතා දුටු බොහෝ දෙනාගේ අදහස වී ඇත.

පියාගේ විරෝධය මත බොක්සිං ක්‍රීඩාවට විරාමය තැබුවද, දේශපාලනයට සම්බන්ධ වීමේදී එම විරෝධය බිඳකට හෝ මායිම් නොකිරීමට හේරත් බණ්ඩා කටයුතු කර තිබීමද විශේෂත්වයකි. උසස් පෙළ හැදෑරීම පසෙක තබා දේශපාලන වේදිකාවට පිවිසි හේරත් බණ්ඩා එහිදී පළමුව කටයුතු කර ඇත්තේ ඩඩ්ලි සේනානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙනි. එවකට ඡන්ද බලය පවා හිමිව නොතිබුණද, වයසට වඩා වැඩි වූ පෙනුම සහ චතුර කථිකත්වය මත දේශපාලන වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වීමට ඔහුට හැකියාව ලැබී ඇත. ඒ සමඟම අධ්‍යාපනය පිළිබඳ තිබූ උනන්දුවද හේරත් බණ්ඩාගෙන් ඈත් විය. දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳ දැඩි විරෝධයක් පියාගෙන් මතු වුවද, ඒ ගැන සැලකිල්ලක් හේරත් බණ්ඩාට නොවීය. පාසල් යෑම පසෙක තැබූ හේරත් බණ්ඩා දේශපාලන වේදිකාවට නැඟ අන් අයගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය. ඒ හරහා තම අනාගතය විනාශ වනු ඇතැයි ඒ දිනවලදී ඔහුට නොසිතෙන්නට ඇත. රජෙකු විසින් රැක බලා ගත යුතු වූ තඹුත්තේගම යෝධයා රජුන් තනන්නෙකු බවට පත් විය.
ඩඩ්ලි සේනානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් 1960 දශකයේදී පළමුව දේශපාලන වේදිකාවට පිවිසි හේරත් බණ්ඩා 1970 දශකය වන විට එක්සත් ජාතික පක්ෂ දේශපාලන වේදිකාවට නැතිවම බැරි චරිතයක් විය. 1977 වසරේදී කලාවැව ආසනය වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණ සමයේදී මෙන්ම එක්සත් ජාතික පක්ෂයට 5/6ක දැවැන්ත බලයක් හිමි වූ 1977 මහ මැතිවරණයේදීද හේරත් බණ්ඩා අතිශය කාර්යබහුල විය.

ඒ කාලයේදී ජේ. ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක, ඉමිතියාස් බාකීර් මාකර් මහත්වරු මෙන්ම ආර්. ප්‍රේමදාස මහතාද හේරත් බණඩාගේ නිවෙසට නිතර ආ ගිය ආකාරය ඔහුගේ පවුලේ උදවියගේ මතකයේ තවමත් රැඳී ඇත. කලා වැව අතුරු මැතිවරණය සමයේදී ගාමිණී දිසානායක මහතා හේරත් බණ්ඩාගේ දුප්පත් පැල්පතේ දින කිහිපයක් නැවතී සිටිය බවද එම ඥාතීන්ගේ මතකයේ ඇත.

ඒ දිනවල දේශපාලන රැස්වීම් සඳහා ජනතාව ඒකරාශී කර ගන්නා ප්‍රධාන ප්‍රචාරණය බවට පත්ව තිබුණේ හේරත් බණ්ඩාය. රජරට යෝධයා ඔබ අමතන ජනතා රැලිය ලෙසින් ප්‍රචාරය කළ රැස්වීම් සඳහා අති විශාල ජනතාවක් සහභාගි විය. එහිදී හේරත් බණ්ඩා සභාව අමතනු ලැබුවේ සෑම දෙනාම විස්මයට පත් කරමිනි.

1977 මහ මැතිවරණය සලකන්නේ අපේ රටේ දේශපාලන අනාගතයේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙසිණි. එම මැතිවරණ ප්‍රතිඵලය හරහා මෙරට සිදුවූ වෙනස්කම් අති විශාලය. එමෙන්ම හේරත් බණ්ඩාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වූ සංධිස්ථානය ලෙසටද හැඳින්විය හැක්කේ 1977 මහ මැතිවරණ සමයය. ඔහු අධික ලෙස මත්පැන් පානය සඳහා හුරු වී ඇත්තේ එම කාල සීමාවේදීය. ඔහුගේ පවුලේ උදවිය පවසන පරිදි ඊට පෙර කිසිම දිනෙක හේරත් බණඩා මත්පැන් පානය කර නැත. නමුත් 77 මැතිවරණ ප්‍රචාරණ සමයේදී ඇති වූ එම ඇබ්බැහි වීම අවසන් වූයේ ඔහු මෙලොවින් සමු ගැනීමෙන් පසුවය.

එම කාල සීමාව තුළ බොහෝ දිනවල හේරත් බණ්ඩා නිවෙසට පැමිණ ඇත්තේ ඇවිද ගැනීමට හෝ බැරි තරමට මත්පැන් පානය කිරීමෙන් පසුවය. එමෙන්ම දේශපාලන රැස්වීම සඳහා රට වටේ ඇවිදින බොහෝ අවස්ථාවල ඔහු අධික ලෙස මත්පැන් පානය කර ඇත.

දේශපාලනඥයන් බලයට ගෙන ඒම සඳහා විශාල කැපකිරීමක් සිදු කළද ඒ හරහා හේරත් බණ්ඩාට අත් වූ කිසිම වාසියක් නොතිබීමද විශේෂ කාරණයකි. ඔහුගේ පවුලේ ඥාතීන් පවසන්නේ දේශපාලන රැස්වීම් සඳහා සහභාගි වීමේදී ඔහුට ප්‍රවාහන පහසුකම් සහ මත්පැන් හැර වෙන කිසිවක් නොලැබුණු බවය. ඒ හේතුවෙන් දේශපාලන නායකය බලයට ගෙන ඒමට දිවි නොතකා කටයුතු කළ තඹුත්තේගම යෝධයා අවසානය වනතුරුම ජීවත් වී ඇත්තේ තමා උපන් පැල්පතේමය.

දේශපාලන බලවතුන් ඉතාම ළඟින් ඇසුරු කළද ඒ කිසිවෙකුගෙන් කිසිවක් ඉල්ලීමට හේරත් බණ්ඩා කටයුතු කර නොතිබීමද විශේෂත්වයකි. නමුත් ජේ. ආර්. ජයවර්ධන රජයේ නිවාස සහ සංවර්ධන අමාත්‍ය ධුරයට පත් ආර්. ප්‍රේමදාස මහතා හේරත් බණ්ඩාට නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ ආරක්ෂක අංශයේ රැකියාවක් ලබා දී ඇත. හේරත් බණ්ඩාට ලැබුණු පළමු රැකියාව එයය. ඔහුගේ ඥාතීන් අදටත් පවසන්නේ හේරත් බණ්ඩාගෙන් වැඩ ගැනීමට කෙතරම් දේශපාලනඥයන් සිටියද, ඔහු ගැන යම් තරමකට හෝ සොයා බැලූ එකම නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා පමණක් බවය.

කෙසේ නමුත් දේශපාලන හේතු නිසාම එම රැකියාව වැඩි කලක් කර ගෙන යාමට හේරත් බණ්ඩාට හැකියාව ලැබී නොමැත. ඒ අතර 1980 දශකයේ මැද භාගය පමණ වන විට හේරත් බණ්ඩා දැඩි ලෙස දියවැඩියා රෝගයට ගොදුරු විය. නමුත් ඔහුගේ මත්පැන් පානය ඒ වන විටද නතර වී නොමැත. පවුලේ උදවිය පවසන්නේ ඔහු ඒ වන විට නවත්වා ගැනීමට නොහැකි තරමටම මත්පැන්පානයට ඇබ්බැහි වී සිටි බවය.

ඒ වන විට ඔහුගේ දෙමව්පියන්ද මියගොස් තිබුණු අතර හේරත් බණ්ඩාව රැකබලා ගෙන ඇත්තේ ඔහුගේ සොහොයුරිය ඇතුළු ඥාතීන් විසිනි. තරුණ අවධියේදී හාල් සේරුවක පමණ බත් ආහාරයට ගත් හේරත් බණ්ඩා ඒ වන විට ආහාර ගැනීමේ අපහසුවකින් පෙලුණු අතර ඔහු දිනෙන් දින වැහැරෙන ආකාරයක්ද දක්නට තිබිණි. සුව කළ නොහැකි දියවැඩියා රෝගය හේතුවෙන් ඔහුගේ එක් පාදයක් 1988 වසරේදී කපා දමා ඇති අතර අනෙක් පාදය 1989 වසරේදී කපා දමා ඇත. දෙපා අහිමිව තවත් වසර දෙකක් ජීවත් වූ හේරත් බණ්ඩා 1991 වසරේදී තම ජීවන ගමනට නැවතීමේ තිත තබා ඇත. කනගාටුවට කරුණ වන්නේ හේරත් බණ්ඩාගෙන් දේශපාලන ප්‍රචාරණ වාසි ලබා ගත් කිසිදු දේශපාලනඥයෙකු එම කාල සීමාව තුළ ඔහු ගැන සොයා නොබැලීමය. ඔහුගේ පවුලේ උදවිය පවසන ආකාරයට ඒ කිසිවෙකු හේරත් බණ්ඩාගේ අවසාන මොහොතට හෝ සහභාගි වී නැත. දේශපාලන රැස්වීම්වලට කැඳවා ගෙන යාම සඳහා හේරත් බණ්ඩාගේ නිවෙසට ගිය දේශපාලන නායකයන් කිසිවෙකු ඔහුගේ අවසන් අවස්ථාවට හෝ සහභාගි නොවීමෙන් පෙනී යන්නේ අපේ රටේ දේශපාලනයේ ජරා ජීර්ණභාවයය.

දසමහා යෝධයන් පිළිබඳ මතකය වර්තමානය පරපුරට ගෙන ආ තඹුත්තේගම යෝධයාගේ කතාව ඒ ආකාරය. එය ඉතිහාසයට එක් වී ඇති නමුදු වර්තමානයේදී ඒ ආකාරයෙන් දේශපාලන වාසි සඳහා යොදා ගන්න ජනප්‍රිය චරිත රාශියක් දකින්නට ඇත. සටහන ආරම්භයේදීම පැවසූ පරිදි ඒ ඇතමෙකු ඒ හරහා අත්කර ගන්නා අනියම් වාසි රාශියක් ඇත. නමුත් හේරත් බණ්ඩා වැනි අන් අයගේ ජයග්‍රහණය වෙනුවෙන් කිසිවක් නොලබා කැප වන චරිත වර්තමානයේ නැතැයි ඒ හරහා උපකල්පනය කළ නොහැක. එබැවින් හේරත් බණ්ඩාගේ කතාව ඒ සෑම කෙනකුටම පාඩම් උගත හැකි එකක් බව පැවසිය යුතුය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රතන හිමියන් ‘හා’ කියයි: ආණ්ඩුව ‘බෑ’ කියයි

Next Post

කොට්ටාව ධර්මපාලයේ සිසුන් 8කට කොරෝනා!

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.