• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද අවැසි මොහොතක් (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

April 10, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
මහින්ද අවැසි මොහොතක් (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2020 මහ මැතිවරණ සටන පටන් ගන්න ඔන්න මෙන්න තියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත්, අගමැති මහින්දත් යන දෙදෙනාම අනුරාධපුරයේ ගියහ. ජයශ්‍රී මහා බෝධිය ඉදිරිපිට සහ රුවන්වැලිසෑය ඉදිරිපිට ආගමික වතාවත් ඉටුකිරීමෙන්පසු පැවැති හමුවකදී මහින්ද අපූරු කතාවක් කියා සිටියේය.

“ඉස්සරහට ආණ්ඩු කරන විදිය ගැන ගෝඨයි, මමයි කතා කළා. ඒකෙදි ගෝඨා කිව්ව එයා රට ආණ්ඩු කරන්නම් දේශපාලනය කරන එක මට කරන්න කියල…”

මහින්ද සාකච්ඡාවේ සිටි අයට කියා සිටියේ එහෙම කතාවකි.

මහින්ද කියපු මේ කතාව එදාටත් වඩා වලංගු වන්නේ අදටය. මොකද අද ආණ්ඩුව ඇතුළේ දේශපාලන ප්‍රශ්නයක් තිබෙන බව කාටත් හොඳින් පෙනෙන්නට තිබීම ඊට හේතුවය.

අද ආණ්ඩුව ඇතුළේ තියෙන පක්ෂ තම තමන්ට ඕන කතා මාධ්‍ය හමුවේ කිය කියා යන වාතාවරණයක් දැකගන්නට තිබේ.

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පමණක් නොව මන්ත්‍රිවරුන්ද ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ ප්‍රකාශ තැන් තැන්වල නිකුත් කරන ආකාරයක් දැකගන්නට තිබේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විවිධ අවස්ථාවලදී, විවිධ තැන්වලදී හමුවෙමින් විවිධ රහස් සාකච්ඡා පවත්වන ආකාරයක් දැකගන්නට තිබේ.

ඊයේ පෙරේදා මේ පක්ෂ ඔක්කොම ශ්‍රීලනිප මූලස්ථානයට ගොස් සාකච්ඡා කළ අයුරුත් වාර්තා විය.

මේකට මුල වෙන මොකක්වත් නොව ආණ්ඩුවේ සියල්ල පාලනය කොට සියල්ලම එක මිටකට ගත හැකි දේශපාලන නායකයකු නොමැති වීමය. ඒ නිසා ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබුණද අයාලේ යන ආකාරයක් ජනතාවට පෙනෙන්නට තිබේ.

මේ තත්ත්වය නැතිකර ආණ්ඩුව එක මිටට ගෙන තනි පෙළට ගැනීම සඳහා මේ වෙලාවේ සිටින එකම දේශපාලකයා වන්නේ වෙන කවුරුවත් නොව මහින්දය. මොකද අද ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම, දක්ෂතම සහ පරිනතම දේශපාලන නායකයා වන්නේ මහින්ද බව සියල්ලන්ම අවිවාදයෙන් පිළිගන්නා කරුණකි.

ලංකාවේ දේශපාලනය ගැන මහින්දට තිබෙන අත්දැකීම්, දැනුම් සම්භාරය කිසිවකුටත් නැත. මහින්දට ඇති දේශපාලන අත්දැකීම් පිළිබඳව බලන විට දෙවැනියා සිටින්නේද මහින්දට වඩා ගව් ගණනක් දුරිනි.

පසුගිය සතියේත් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබලම කැබිනට් අමාත්‍යවරයකු වන විමල් කියා සිටියේ 1970 – 77 මැතිනියගේ නායකත්වයෙන් යුතුව පිහිටවූ සමඟි පෙරමුණු රජය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක නිසා ඇදවැටුණු බවත්, එජාපය හයෙන් පහක බලයක් ලබා ශ්‍රීලනිපය ආසන හත දක්වා පල්ලම් බැසීමට ෆීලික්ස්ගේ ක්‍රියාකලාපය බලපෑ බවත්ය.

ෆීලික්ස් ගැන විමල් මේ විදියට කියවන්න ඇත්තේ අතීත දේශපාලනය ගැන ලියැවුණු පොතපතෙන් විය හැකිය. නමුත් මහින්ද 70-77 මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුවේ සිටි නවක මන්ත්‍රිවරයෙකි. ලංකාවේ දේශපාලනයේ බිහිවූ ඓතිහාසිකමය සන්ධානය ලෙස සැලකෙන්නේ 70 ආණ්ඩු හැදීම සදහා මැතිනිය විසින් බිහිකරනු ලැබූ සමඟි පෙරමුණු සන්ධානයය. එම සමඟි සන්ධානය ගැහුවේ 70 පැවැති මහ මැතිවරණය ඉලක්ක කරගෙනය. මහින්ද හාහා පුරා කියා දේශපාලනය කිරීමට පටන් ගත්තේද ඒ 70 මහ මැතිවරණයෙන්ය.

ඒ නිසා මහින්ද ඒ සන්ධානයේ තිබ්බ ප්‍රශ්න සියල්ලම දෑහින් දුටුවේය. 70 මහ මැතිවරණය දින්නත් එම සන්ධානයේ ප්‍රධාන හවුල්කාරයන් වූ දොස්තර එන්.එම්. පෙරේරා සහ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ සන්ධානය ඇතුළේ හැසිරුණු ආකාරය මහින්ද හොඳහැටි දුටුවේය. සන්ධානය ඉදිරියට රැගෙන යෑමේදී මැතිනිය මුහුණ දුන් ප්‍රශ්න සහ මැතිනිය ඒ ප්‍රශ්න විසඳූ ආකාරය මහින්ද හොඳ හැටි දුටුවේය.

මැතිනියගේ ඒ ආණ්ඩුව වැටෙන්න හේතු වූයේ ඉතා කුඩා ප්‍රශ්නයකි. අනුර යටතේ ක්‍රියාත්මක වූ අද පත්තරය ලංකා සමසමාජ පක්ෂයේ නායකයන්ට එරෙහිව ගහපු ප්‍රකාශයක් මුල්කරගෙන මෙම ප්‍රශ්න ඇරඹිණ. අන්තිමේදී ඒ ප්‍රශ්නය කෙළවර වූයේ මැතිනියගේ ආණ්ඩුවත් වට්ටා ශ්‍රීලනිපය ආසන හතට බැස්සීමෙන් අනතුරුවය. සන්ධානයේ හවුල්කාර පක්ෂ වූ සම සමාජ පක්ෂයට සහ කොමියුනිස්ට් පක්ෂයට ආසනයක් හෝ දිනාගැනීමට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රීලනිපයට ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා වසර 17ක් විපක්ෂයට වී කල් ගෙවීමට සිදුවීමය.

ඒ වගේම මහින්ද 82 ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී සන්ධාන හැදූ ආකාරයක් දුටුවේය.

1988දී මැතිනිය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය නමින් තවත් සන්ධානයක් හදද්දීත් මහින්ද එතැන හිටියේය.

මැතිනියගෙන් පසුව චන්ද්‍රිකා 1994 දී පොදු පෙරමුණ හදද්දීත් මහින්ද එතැන හිටියේය. ඉන් අනතුරුව 2004 මහ මැතිවරණය ඉලක්ක කරගෙන චන්ද්‍රිකා එක්සත් ජනතා නිදහස් සන්ධානය හදද්දීත් මහින්ද එතැන සිටියේය.

ඒ විතරක් නොව මහින්දම මැදිහත්ව 2005 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ලොකුම සන්ධානයද හැදුවේය.
ඒ නිසා සන්ධාන හදන හැටි මහින්ද අලුත් දෙයක් නොවේ. ඒ වගේම සන්ධාන කැඩෙන හැටිත් මහින්දට අලුත් දෙයක් නොවේ. සන්ධාන කැඩෙද්දී ඒවාට යෙදිය යුතු පිළියම්ද මහින්ද නොදන්නවා නොවේ.

මහින්ද සිටි සන්ධානයක් අවසන් වරට කැඩුණේ 2005 දී හෙළ උරුමය සන්ධානයෙන් කැඩී එළියට යෑමත් සමඟය.

“ඉතින් අද සන්ධානයේ නායකයන් එක එක කතා කියද්දී මහින්ද නිහඬව ඉන්නේ ඇයි?”

ඒ නිසා අද මේ තියෙන සන්ධානය ඇතුලේ මතුව ඇති ප්‍රශ්නය ලිහන්න හොඳම සුදුස්සා වෙන කවුරුවත් නොව මහින්දය. ඒ ප්‍රශ්නවලට විසඳුම් තියෙන්නේත් මහින්ද ළඟය. ඒ නිසා ආණ්ඩුව ඇතුළේ ඇති සන්ධානය ආරක්ෂා කරගන්න ආණ්ඩුවට මහින්ද අවශ්‍යම මොහොත මෙයය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

රන්ජන්ට කන්න නෑ! කිලෝ 10ක් බැහැලා!!

Next Post

අලුත් අවුරුද්ද ලග්න 6කට අතිවිශිෂ්ටයි: 4ක් පරෙස්සමෙන්: 2කට හොඳත් නෑ නරකත් නෑ

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.