🔴 මේෂ ලග්නය
සිතට ආඩම්බරයක්
ගැටුම් වැඩිකර ගනී
අලුත් තනතුරු ලාභයක්
අවුරුදු උදාවත් සමගින් මේෂ ලග්න ඔබට ඔබ ගැන ආඩම්බරයක්, අහංකාරකමක් ඇති වීමට හේතු යෙදේ. දුරබැහැර සිටි අයත් තමන්ට වඩා උසස් අයත් ඔබ සොයා පැමිණේ. විටින් විට සිතට කනගාටුව ඇති වන කරුණු සිදුවීමට නියමිතය. පිටස්තර තැන්වල වාසය කිරීමටත්, අසල්වැසියන් සමග විවිධ ගැටුම් ඇතිකර ගැනීමටත් හේතු සැකසේ.
වැඩි වැඩක් නැතත් අවිවේකී බවත්, කලබලකාරී බවත් සිත තුළ රැඳේ. විඩාවක් දැනීමෙන් අපහසුතා ඇති වෙයි. විශේෂ සංචාර සඳහාත්, විනෝද ගමන් සඳහාත් සිත ඇදී යන කාලයකි. රැකියා කටයුතුවල වෙනදාට වඩා වැඩ අඩු වුවද එවැන්නක් පිටතට නොපෙන්වා ඉන්නට සිතයි. බලාපොරොත්තු වූ රැකියා වාසි, උසස්වීම් ප්‍රමාද වෙයි. ව්‍යාපාරිකයන්ට තරමක් සුබදායක කාලයකි. නව ආයෝජනවලින් වාසි අත්වෙයි.
ගින්නෙන් හා උණුසුමෙන් සෞඛ්‍යයට හානි ගෙන දිය හැකි අතර, උණ රෝග උගුරේ ආබාධ ආදිය සෑදීමට ඉඩ තිබේ. වැටීම්, සීරීම් ආදියෙන් තුවාල හටගැනීමට ඉඩ ඇත. සතුරන් සමඟ ගැටුමට නොයා යුතු වසරකි. එසේම වසර අවසාන භාගය උදාවෙද්දී තත්ත්වය සුබ අතට හැරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබීමට හේතු යෙදෙනු ඇත. තමන් සතුව තිබී අස්ථාන ගතවූ යමක් යළි ඔබටම ලැබෙන කාලයකි. එයින් සතුටට හේතු යෙදේ. හදිසි මුදල් ලාභවලට ඉඩ තිබේ.
වැඩිහිටි ඥාතියකු සතු යමක් සිය කැමැත්තෙන් ඔබට ලබාදෙනු ඇත. අධ්‍යාපනය ලබන අයට ගුරු දෙගුරුන්ගෙන් වාසි උරුම කෙරේ. විශේෂ අධ්‍යාපන කටයුතුවලට යොමුවීමට වාසනාව තිබේ. වසර අවසානයේ විශේෂ තනතුරු ලැබීමකට හේතු යෙදේ.
🔴 වෘෂභ ලග්නය
නොසිතූ ලැබීම්
රැකියාවෙන් විශේෂ ලැබීම්
ඥාතියකුගේ උරුමයක් ලැබෙයි
රැකියාවෙනුත් වාසි ගොඩක්
අලුත් අවුරුදු උදාවත් සමග ඔබට නොසිතූ, නොපැතූ අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. දුක, සතුට සමසමව ලැබෙන කාලයකි. විශේෂ පුද්ගලයන් උදව්, උපකාර පතා පැමිණේ. නොසිතූ, නොපැතූ ආකාරයේ ලැබීම් නිසා සිතේ සතුටට හේතු යෙදේ. නව නිවාස ව්‍යාපාරික ස්ථාන ආදිය ඉදිකිරීමට සිතා සිටින අයට ඉතා සුබ වසරකි. නිවැසියන් සමඟ සුහදතාවය වර්ධනය කෙරේ. ඔවුන්ගේ උදව් උපකාර සමඟ දියුණුවට මාර්ග පාදාගත හැකිය.
විවාහ කටයුතු සඳහා සැලසුම් සකස් කරමින් සිටි අයට හොඳ කාලයකි. නව යෝජනා ගලා එනු ඇත. අයුතු සබඳතා සඳහා සිත ඇදී යන වසරකි. අවුරුදු උදාවත් සමගම එවැනි දේකට මඟපෑදෙනු ඇත.
රැකියා බලාපොරොත්තු සඵල කෙරේ. කලක සිට බලාපොරොත්තුවෙන් සිටි උසස් වීම් ලැබීමට හේතු යෙදේ. පඩි වැඩිවීම් වැඩි පහසුකම් ලැබීම ආදියට ඉතා යහපත් වසරකි.
ඉගෙන ගන්නා අයට අවුරුදු උදාවෙන් පසු විශේෂ පහසුකවක් සැලසේ. වියදම් සඳහා ත්‍යාග මුදල් හිමිවෙයි. ජ්‍යොතිෂය, ගුප්ත විiාව ආදී විෂයයන් අලුතෙන් ඉගෙන ගන්නට ලැබේ. එවැනි කටයුතුවලින් ඵලප්‍රයෝජන ලැබිය හැකි වසරකි. තරග විභාග ආදියෙන් විශේෂ වාසි සහ දිනුම් ලැබේ. පෙර තිබූ ආර්ථික අපහසුතා මගහැරෙන වසරක්ද වෙයි. ඇසට නොපෙනෙන බලවේග ආදියෙන් ප්‍රවේශම් වීම වැදගත් වෙයි. මිතුරු වෙසින් සිටින සතුරන් ක්‍රියාත්මක වන කාලයක් බැවින් ඒ ගැන අවධානයෙන් පසුවන්න.
🔴 මිථුන ලග්නය
මවගෙන් විශේෂ ලැබීම්
සියලුදෙනාගෙන් විශේෂ උදව්
ආර්ථිකයේ වර්ධනයක්
ඉඩකඩම් සහ වාහන වාසි
එදිනෙදා කටයුතුවලදී මවගෙන් සහ මවු පාර්ශ්වයේ අයගෙන් විශේෂ ලැබීම් සහිත මෙම අලුත් අවුරුද්දේ මිථුන ලග්න ඔබට අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීමට අපහසු නොවේ. නිවෙසින් පිටතදී විශේෂ අයකු හමුවන අතර, කාලයක් පිටස්තර තැනක වාසය කිරීමටද සිදුවෙයි. වසරේ අවස්ථා කිහිපයකදී දරුපල ලැබීම්වලට හේතු යෙදේ. දුරබැහැර සිටින මිතුරකු, ඥාතියකු ඔබ සොයා පැමිණෙනු ඇත. කාලයක් තිස්සේ වාහන ගැන සිතා සිටි අයට එම සිහින සැබෑකර ගන්නට වාසනාව පෑදේ. එමඟින් සිතේ සතුට වර්ධනය කෙරෙනු ඇත. තම සහකරුට හෝ සහකාරියට විශේෂ ලැබීම් යෙදීමට ඉඩ තිබේ.
රැකියා බලාපොරොත්තුව සිටි අයට එම බලාපොරොත්තු ඉටුකර ගන්නට හැකි වටපිටාවක් සැකසේ. එසේම ස්ථාන මාරු අපේක්‍ෂා කළ අයට ඊට හොඳම කාලයකි. රැකියා ස්ථාන තුළ විරුද්ධ ලිංගිකයා ඔබ කෙරේ බැඳීමක් ඇතිකර ගන්නා ස්වභාවය ප්‍රබල කෙරේ. එහෙයින් අයුතු සබඳතා කෙරේ ඇදී යෑමට ඇති ඉඩකඩ වැඩි වෙයි.
කෙසේ නමුත් මෙම අලුත් අවුරුදු උදාවත් සමඟ යෙදෙන ග්‍රහ චාරය ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට සුබදායී නොවන බලපෑම් ඇති කෙරෙනු ඇත. එනිසා ඉතා අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වෙයි. ආහාර විෂ වීම, කෑම අරුචිය ආදියෙන් ප්‍රවේශම් වෙන්න.
ඉගෙනගන්නා පිරිස් අතර සතුට වර්ධනය වෙයි. ඒ තුළින් අධ්‍යාපන අංශයේ දියුණුවක් ඇති වනු ඇත. විශේෂ මිතුරන් හමුවීමෙන් වාසි අත්වෙයි. ගමන්-බිමන් සහ උත්සව නිසා ඉගෙනීමට බාධා ඇති වීම මඟහරවා ගන්න.
🔴 කටක ලග්නය
සහෝදර උදව් උපකාර
අධ්‍යාපනයෙන් විශිෂ්ට ජය
ඉඩකඩම් දේපොළ වාසනාව
වසර පුරා විවිධ ලැබීම්
කාලයක් පුරා ජීවිතයේ වෙනසක් ගැන සිතමින් සිටි කටක ලග්න හිමියන්ට එම අරමුණු සඵල කරගන්නට අවස්ථාව උදාවන අලුත් අවුරුද්දක් උදාවනු ඇත. තමන් සමඟ තරගයට කටයුතු කළ පිරිස් නිතරගයෙන් පරාජයට පත්වන කාලයකි. නිවාස ඉඩකඩම් ආදියේ තිබූ ගැටලු නිරාකරණයට අවස්ථාව හිමිවේ. සහෝදර පිරිස්වල උදව්, උපකාර හේතුවෙන් කල්ගතවූ වැඩ ඉක්මනින් අවසන් කර ගන්නට හැකි වෙයි. වසරේ මැද භාගයේ විශාල ධනයකට උරුමකම් කීමට අවස්ථාව උදාවෙන අතරම ඉකඩම් දේපොළ වාසිද ලැබේ. වසර පුරා විවිධ අවස්ථාවල විශේෂ ලැබීම්වලට හේතු යෙදේ.
අධ්‍යාපනය ලබන අයට එයින් විශිෂ්ට ජය ලැබීමට හැකි වටපිටාවක් සැකසේ. පෙර වසරේ තිබූ උදාසීන ගති පහව යන කාලයකි. නිතර නිතර හිතට වදදුන් කාරණා කිහිපයක් විසඳීමෙන් සිතට සතුට ගෙනදෙයි.
අඩපණව තිබූ ව්‍යාපාර ආදිය නැවැත ආරම්භයට හොඳ වසරකි. කොටස් මුදල් ණය මුදල් ආදිය හිමිවීමෙන් තැන්පත් ධනය වර්ධනයට හේතු යෙදේ. නව ආයෝජන මගින් ආර්ථික වාසි හිමිවෙයි. ආපසු ලබා ගන්නට නොහැකි ණය මුදල් ආදිය යළි හිමි වන කාලයක් බැවින් එවැනි ගනුදෙනු ගැන උනන්දු වීම වටී.
සෞඛ්‍ය තත්ත්වය යම් තරමක සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි. තිබූ අසනීප ආදිය සුව අතට හැරේ. බරපතළ අසනීප ආදිය ඇති නොවන මුත් සුළු සුළු අසනීපවලින් පීඩා ගෙනදෙනු ඇත. අත්වල, පාවල සුළු සුළු තුවාල සෑදීමට ඉඩ තිබේ.
🔴 සිංහ ලග්නය
ආදායමේ පෙරළිකාර වෙනසක්
ආදර ඇරැයුම් ගලා එයි
විශේෂ වන්දනා ගමන් වැඩි වෙයි
ලොතරැයි වාසි හා රක්‍ෂණ වාසි ලැබීම්
සිංහ ලග්න හිමියන්ට මෙම සිංහල – හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ නව ජීවිතයකට අඩිතාලම වැටෙන බව කිව හැකිය. මෙම වසර ජීවිතයේ වෙනස්කම් රාශියක් සිදුවීමට නියමිත වසරකි. විවිධ මාර්ග ඔස්සේ දියුණුවට අවශ්‍ය මුදල් මෙන්ම බලයද ලැබෙනු ඇත. එසේම තරගකාරී කටයුතුවලට ඉදිරිපත් වන්නට සිදුවන අතර එයින් ජයග්‍රහණ අත්වනු ඇත.
මෙතෙක් කලක් ලැබුණු ආදායම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ආදායම තුළ පෙරළිකාර වෙනසක් සිදුවනු ඇත. මේ කාලය තුළ විවිධ පාර්ශ්වවලින් ආදර ඇරැයුම් ගලා එන අතර, අවිවාහක අයට විවාහ කටයුතු සාර්ථක වෙන අතර විවාහක අය අතර අනිසි සබඳතා ගොඩනැඟෙනු ඇත.
කාලයක් තිස්සේ සිතා සිටි වනද්නා ගමන් ආදිය යෑමට ලැබෙන අතර, එමගින් සිතේ ප්‍රීතිය ඇති කෙරේ. ලොතරැයි සහ විශේෂ ධන වාසි ලැබෙන අවස්ථා වසර පුරා යෙදේ. එම අවස්ථා හඳුනාගෙන කටයුතු කර වාසනාව ලබා ගැනීමට උත්සාහ කරන්න. රක්‍ෂණ වාරික කල්පිරීම, බෝනස් මුදල් ආදිය ලැබීමට හේතු යෙදේ.
රැකියා ස්ථාන තුළ සතුරු උපක්‍රම පැනනඟිනු ඇත. එසේම හිතවත් සේවක පිරිස් ඔබ ගැන පැහැදීමෙන් කටයුතු කළද කාන්තා පාර්ශ්වය ඔබට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නට පෙළඹේ. ව්‍යාපාර කරන අයගේ අරමුණු ඉටු වෙයි. අලුතින් ආයෝජන කරන්නට සුබවෙයි. නිතර නිතර සිතට වදදුන් සෞඛ්‍ය ප්‍රශ්න විසඳේ. බරපතළ රෝගී තත්ත්ව සුව වෙයි. හදිසි අනතුරු ආදියෙන් ප්‍රවේශම් වීම වැදගත් වෙයි.
🔴 කන්‍යා ලග්නය
විශේෂ තනතුරු ලාභ
ව්‍යාපාරිකයන්ට වාසි
විවාහ යෝජනා වැඩි වන ලකුණු
විදෙස් ගතවීමට විශේෂ අවස්ථා
නව අවුරුදු උදාවත් සමග කන්‍යා ලග්න හිමියන්ගේ පැතුම් ඉටු කෙරෙන පෙරනිමිති පහළ වෙයි. අවිවාහක අයට මංගල යෝජනා ගලා එනු ඇත. විවිධ අයගේ විශේෂ අවධානය යොමුවන අතරම නොදන්නා අයද ඔබ සොයා පැමිණෙනු ඇත. පවුලට සමීප අයකු ඔබගේ ආදරය අපේක්‍ෂා කරන්නට ඉඩකඩ ඇති කාලයකි. එසේත් නැතහොත් එවන් අයකුගෙන් විශේෂ ලැබීම් ඇති කෙරෙනු ඇත.
සමාජයේ ප්‍රසිද්ධියට වාසනාව ඇත. සමිති, සමාගම් ආදියේ තනතුරු හිමිවෙයි. විශේෂ ප්‍රභූ පුද්ගලයන් ඔබගේ සහාය පතා පැමිණේ. ඒ අය නිතරම ඔබට මුල්තැන දී කටයුතු කරන ස්වභාවයක් පෙන්නුම් කෙරේ.
වසරේ මැද භාගයේ රැකියා තනතුරු, ඉල්ලීම් සඵල කෙරේ. එසේම ව්‍යාපාරිකයින්ට, වාසි වැඩි කෙරෙන අතර, තැන්පතු ධනය වර්ධනය වෙයි. එහෙත් සතුරු කුමන්ත්‍රණ ආදිය රහසේ ක්‍රියාත්මක වන කාලයකි. ඒ ගැන අවධානනේ සිටින්න.
සෙම රෝග, උණ රෝග මෙන්ම උගුරේ, බෙල්ලේ, නළලේ විවිධ අපහසුතා ආසාදන ආදිය හටගන්නට ඉඩ තිබේ. ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න.
මේ කාලයේ පවුලේ අයගේ සෞඛ්‍ය ගැනද අවධානයෙන් කටයුතු කරන්නට සිදුවනු ඇත. එසේම සුළු සුළු අසනීප ආදියට විවිධ අවස්ථාවල ප්‍රතිකාර සඳහා යොමු වීමට සිතෙනු ඇත. විදෙස්ගත අධ්‍යාපනය ලබන්නට සිටින අයටත් ඒ සඳහා ඉල්ලුම් කළ අයටත් විශේෂ වාසි අත්වෙයි. මුදල් අපේක්‍ෂාවෙන් කළ විශේෂ ගනුදෙනු ආදියෙන් විශාල ලාභාංශ හිමි වන කාලයකි. නිතරම කලබලයෙන් කාලය ගෙවේ.
🔴 තුලා ලග්නය
දියුණුව ගැන අවධානයෙන් සිටියොත් ජය
සතුරන්, මිතුරන් බවට පත්වේ
ආයෝජනයට පෙර දෙවරක් සිතන්න
රථවාහන පැදවීම අවධානයෙන් කරන්න
තුලා ලග්න ඔබට අවුරුදු උදාවෙන් පසු යම් තීරණාත්මක කාලයකුයි එළඹෙන්නේ. ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළහොත් මේ කාලයේ ඔබට කිසිදා නොලැබුණු වාසනාවක් උදාකර ගත හැකිවේ. එසේම විශේෂ ධනයක් ඔබ සතු වීමට ඉඩකඩ තිබේ. අන්සතු දෙයක් ඔබට හිමිවන කාලයකි. දේපොළ පැවරීමක් හෝ වාහන පැවරීමක් සිදුවිය හැකිය. ගමේ හෝ අසල්වාසී පිරිස් ඔබ ගැන හොඳ කියයි. සතුරුකම් කළ අය මිතුරන් සේ ළඟට එන්නට වාසනාව ඇත. ඔවුන් ඔබගේ ගුණ ගයන කාලයකි. සමාජය විසින්ම ඔබව ඉහළට ඔසවා තබන්නට කටයුතු කරන බව පෙනී යයි. විශාල මුදල් ආයෝජන ලෙස කරන්නේ නම් ඒ ගැන නැවැත සිතීම වැදත් වේ. නැතහොත් පාඩු සිදුවිය හැක. එසේම හවුල් ව්‍යාපාර ආදියට සම්බන්ධ වීමට සිතෙනු ඇත. ඒ ගැන කල්පනාකාරී විය යුතුය.
මේ වසරේ රැකියා ඉල්ලුම් කළ අයට නව රැකියා ලැබුණද, රැකියා කරන අය තම රැකියා ආරක්‍ෂා කරගැනීමට කටයුතු කිරීම වැදගත් වේ. කලක් නතර කර තිබූ දෙයකින් වාසි ලැබිය හැක. එසේම එවැනි සම්බන්ධතාද යළි ඇරැඹෙන කාලයකි. රහසිගත බැඳීම් වර්ධනයට හේතු යෙදේ. එයින් පාඩු සිදුවිය හැක. සෞඛ්‍ය තත්ත්වය විටින් විට වෙනස් වේ. සුළු රෝග පීඩා ගෙනදෙනු ඇත. රථවාහන පදවන අය ඉතා කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත්ය.
🔴 වෘශ්චික ලග්නය
නව සැලසුම් ඉටුවේ
සතුරන් මට්ටුවෙන වසරක්
ලොතරැයි දිනුම්වලින් වාසි පිට වාසි
අන්සතු ව්‍යාපාරවලින් මුදල් ලැබීම්
වෘශ්චික ලග්න ඔබට මෙම අලුත් අවුරුදු උදාව තරමක් වෙනස් අත්දැකීම් ගෙන දෙන වසරකි. පෙර වසරවල තිබූ ප්‍රශ්න, කරදර සියල්ල ක්‍රමයෙන් විසඳා ගන්නට ලැබෙනු ඇත. එමෙන්ම පෙර තිබූ ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නට හැකි ධන ලැබීමද යෙදෙනු ඇත.
සෑම අංශයකින්ම වාසි අත්වන වසරකි. සතුරන්, මිතුරන් වේ. කලක සිට සිතා සිටි කටයුත්තක් ඒ අයුරින්ම ඉටුකර ගැනීමට අවශ්‍ය පසුබිම සකසාගත හැක. වෙනත් අය සමග කළ ගනුදෙනු තමාගේ වාසියට වෙනස් වේ.
අලුතින් සැලසුම් කළ දෙයක් හරියාකාරව කරගත හැකි අතර, එයින් වැඩි වාසි අත්වේ. සතුරන්, මිතුරන් වෙනවා සේම සතුරන් පරදන්නටද හැකියාව ලැබේ. මේ කාලයේ වෘශ්චික ලග්න ඔබට ලොතරැයි දිනුම් ආදිය උරගා බලන්නට හොඳ කාලයකි. එවැනි කටයුතුවලින් වාසි පිට වාසි අත්වේ.
රැකියා කරන අයගේ රැකියා ස්ථිර වේ. උසස්වීම් තමාට අවශ්‍ය පරිදි ලබා ගත හැක. ඇතැම් විට විදේශ සංචාර ආදියට තෝරාගනු ඇත. නැතහොත් විශේෂ සංචාර ගමන් බිමන් ආදිය සඳහා නිර්දේශ කෙරෙනු ඇත.
සෞඛ්‍ය තත්ත්වය එතරම් ගැටලුසහගත නොවුණද, බෝ නොවන රෝග ඇති අය පරෙස්සම් විය යුතුය. නැතහොත් වෙනත් රෝග ආදියෙන් ගැටලු ඇති විය හැක. අධ්‍යාපනය ලබන අයට ඉතා හොඳ කාලයකි. මිතුරන්ගෙන් උදව් ලැබේ. විශේෂ දේ ඉගෙනීමට ලැබේ. ගුරුවරුන්ගේ හොඳ හිත දිනාගත හැක.
🔴 ධනු ලග්නය
ආදායම ඉහළට
දූදරු සිහින ඉටුවන ලකුණු
ව්‍යාපාර වෙනස් කිරීමෙන් පාඩු
සතුරන් මිතුරන් තෝරාගත යුතු කාලයක්
උදා වූ වසරේ ඔබට සමාජ සම්බන්ධතා වැඩිපුර පවත්වන්නට ලැබෙනු ඇත. එසේම ඥාතීන්, හිතවතුන් නිතර ඔබ සොයා පැමිණෙන කාලයකි. ඒ අතර, මිතුරන් සේම සතුරන්ද පැමිණෙන හෙයින් ඔබට සතුරන්, මිතුරන් හඳුනාගෙන ඇසුරු කිරීමට සිදුවේ. කලක සිට ඔබ සැලසුම් කළ ගනුදෙනුවක් ඉටුවන බවට පෙනී යයි. එය ඉඩම් ගනුදෙනුවක් හෝ වාහන ගනුදෙනුවක් විය හැක. එසේම දරුවන් නිසා සතුටක් හෝ දරුවන් අපේක්‍ෂාවෙන් සිටි අයට දූදරු සිහින සැබෑවීමක් පෙන්නුම් කෙරේ. ඇතැම් දේ ගැන අහංකාර වෙන ස්වභාවයක් පෙනේ. එම තත්ත්වය ඔබගේ අවාසියට හේතු වෙයි. රැකියා කරන අය ඉතා කල්පනාවෙන් කටයුතු කළ යුතුය. රැකියා ස්ථානයේ හිතවත් සේවක පිරිස් අමනාප වීමකට ඉඩ තිබේ. වෙනත් අයගේ වැඩ ඔබ බාර නොගත යුතු කාලයකි. එවැන්නකින් ආයතන ප්‍රධානීන්ගේ අප්‍රසාදයට පත්වීමට ඉඩ තිබේ. කෙසේ නමුත් ආභරණ රෙදිපිළි ආදියට සම්බන්ධ ආයතනවල සේවය කරන අයට ඉතා සුබ කාලයකි. එසේම විදෙස් රැකියා කරන අයටද ඉතාමත් සුබ කාලයකි. ඔවුන්ගේ අතමිට සරු කෙරෙනු ඇත.
විවිධ ක්‍රම ඔස්සේ අමතර මුදල්, බෝනස් දීමනා ආදිය ලැබෙනු ඇත. එවැනි දේ ඇත්නම් ලබා ගැනීමට උත්සාහ කිරීම සුබවේ. සෞඛ්‍ය තත්ත්වයට විටින් විට සුළු අසනීප ආදියෙන් බාධා ගෙනදෙනු ඇත. බෙල්ලේ උගුරේ, දකුණු පාදයේ මෙන්ම වැටීමෙන්ද අසනීප කරදර ඇති විය හැකිය.
🔴 මකර ලග්නය
මහන්සියට වැඩි ප්‍රතිලාභ
ණය ගනුදෙනු සඵල වේ
ජනප්‍රියත්වයේ ඉහළටම යයි
විවාහකයන්ට අයුතු ඇරැයුම්
නව වසරේ මකර ලග්න හිමියන්ගේ සිතුම්, පැතුම් මධ්‍යස්ථ අයුරින් ඉටු වන බව පෙනී යයි. විවාහක අය සිය සහකරු සහකාරිය කෙරේ වැඩි අවධානයක් යොමු කරනු ඇත. ඒ අය අතර ආදරය, බැඳීම තරවෙයි. වෙනදාට වඩා වෙනස් දේට ප්‍රිය කරන ස්වභාවයක් පෙන්නුම් කෙරේ.
හිතවතකුගෙන් විශේෂ ලැබීම් සහිත වසරකි. එහෙයින් වෙනත් කෙනකු සතු ඉඩකඩම්, යාන-වාහන දේපොළ, ව්‍යාපාර හෝ ඒ හා සමාන යමක් ඔබට ලැබෙනු ඇත. ඔබ සතුදේ බද්දට හෝ කුලියට දීමෙන් ලාභ ලැබිය හැකි අතර, විවිධ හේතු කාරණා මුල්කොටගෙන නිකරුණේ කලබල වන ස්වභාවයක් පෙන්නුම් කෙරේ.
බැංකු ණය ආදිය අපේක්‍ෂා කළේ නම් එම කටයුතු ඉතා පහසුවෙන් සාර්ථක කර ගන්නට හැකියාව ලැබෙනු ඇත. ඔබ ගැන විවිධ තරාතිරම්වල පිරිස් කතාබහ කරන්නට පෙළඹේ. ජනප්‍රිය අංශවල නියුතු මකර ලග්න අයගේ ජනප්‍රියත්වය ඉහළට යනු ඇත. උත්සාහයෙන්, මහන්සියෙන් කටයුතු කළහොත් ඉහළ ප්‍රතිඵල ලැබෙන කාලයකි. විවාහ වී සිටින අයට විවිධ අයගෙන් අයුතු යෝජනා හා ආරාධනා ලැබෙන කාලයකි. එමගින් යම් සතුටක්ද ලැබෙනු ඇත.
අධ්‍යාපනය ලබන අයට විවිධ බාධා, කරදර ඇති වනු ඇත. තමන් සතු දෙයක් අස්ථානගත වීමට ඉඩකඩ වැඩි අතර, එයින් පාඩුවක් සිදුවේ. එසේම අවශ්‍ය මුදලක් ප්‍රමාද වීමෙන් සිත්තැවුලක් ඇති වේ. දින කිහිපයක් නිවාඩු ගන්නට හෝ අධ්‍යාපන කටයුත්තක් අතරමග නවතා දමන්නට සිදුවිය හැකි කාලයකි.
🔴 කුම්භ ලග්නය
කලකින් උදාවන හොඳ වසරක්
උසස් අධ්‍යාපනයෙන් විශේෂ ලැබීම්
අවිවාහකයන්ට ආදර ඇරැයුම් ගලා එයි
මුදල් නොවන විශේෂ ලැබීම්
කුම්භ ලග්න ඔබට මෙම අලුත් අවුරුද්ද වාසනාවන්ත වසරක් ලෙස සඳහන් කළ හැක. කාලයකට පසු එළැඹෙන විශේෂම කාලයක් බැවින් සිය අරමුණු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුකර ගන්නට හැකියාව සහ ශක්තිය ලැබෙන බව පෙනී යයි. එසේම මුදල් නොවන විවිධ භාණ්ඩ උපකරණ ආදිය තිළිණ වශයෙන් ලැබිය හැකි කාලයකි.
විවිධ ගැටුම්වලට නිකරුණේ මැදිහත් වීමක් පෙන්වන අතර, රැකියා ව්‍යාපාර ආදී ස්ථාන තුළ එවැනි දේ සඳහා මැදිහත් නොවී සිටීමට වගබලා ගතයුතුය. විදෙස්ගත වීමේදී නීත්‍යානුකූලභාවයට වැඩිපුර අවධානය යොමු කරන්න. එසේ නැතහොත් එයින් ඔබ අපහසුතාවට පත්වේ. දැනට විදෙස්ගතව නීති විරෝධීව සිටින අයටද මෙරටට එන්නට සිදුවනු ඇත.
උසස් අධ්‍යාපනය ලබන අයගේ උපාධි කටයුතු මෙන්ම විශේෂ ඉගෙනීම් කටයුතු සඵල කෙරේ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලැබේ. එසේම විවාහකයන්ට අමුතු ලැබීම් ඇතිවන අතරම, අවිවාහකයන්ට මංගල යෝජනා ගලා එනු ඇත.
රැකියා කරන අයට තමන්ගේ කැමැත්ත පරිදි මාරුවීම ඉල්ලිය හැකි කාලයකි. එසේම කෘෂි කර්මාන්තයේ විවිධ රැකියා සහ වගා කටයුතු කරන අයගේ අතමිට සරුවේ. බලාපොරොත්තු ඉටු වේ.
හිසේ කැක්කුම්, පපුවේ ආබාධ මෙන්ම අත්වල, පාවල හිරිවැටීම් ඇති වුවද ඒවා බරපතළ නොවනු ඇත.
🔴 මීන ලග්නය
අරමුණු ඉටු වීමෙන් සිතට සතුටක්
උසස්වීම් සමග වැඩි වැටුප්
අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව
ගුප්ත දේ ගැන වැඩි අවධානයක්
මීන ලග්න ඔබට මෙම අලුත් අවුරුද්ද ඉතා හොඳ වසරක් ලෙස පෙන්වා දිය හැක. කාලයක සිට අපේක්‍ෂා කළ ආකාරයට දියුණුවත් සමග ගෞරවයත් ඔබට උරුම වන කාලයකි. ඔබගෙන් ගිලිහුණු දේ නැවැත ඔබටම ලැබෙනු ඇත. දේපොළ වාසි සහ මුදල් වාසිවලටද ඉඩ තිබේ. දුරස් වූ අය යළිත් පැමිණේ. උගත්, බුද්ධිමත් පිරිස් ඔබ සොයා පැමිණේ. රැකියා කරන අයට විශේෂ ලැබීම් ගෙන දේ. උසස් වීම් මෙන්ම වැඩි පඩිද අමතර ලැබීම්ද යෙදෙනු ඇත. රැකියා ස්ථානවලින් ණය මුදල් හෝ අමතර දීමනා ලැබීමෙන් තැන්පතු ධනය තරවනු ඇත.
කලක සිට තිබූ බලාපොරොත්තු ඉටු වීමෙන් සිතට සතුට ගෙන දෙන කාලයකි. ඉගෙනගන්නා අයට අලුත් අලුත් දේ ඉගෙනීමට අවස්ථාව හිමිවනු ඇත. එසේම මීන ලග්න හිමියන්ට ගුප්ත කටයුතු ආදිය ඉගෙනීමටත්, එමඟින් විශේෂ වාසි අත්කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්ත්වය අයහපත් නොවනු ඇත. එහෙත් වැස්සෙන්, පින්නෙන් ආරක්‍ෂා විය යුතුය. කොන්දේ අපහසුතා නිතර ඇති විය හැක. විටින් විට සුළු සුළු ප්‍රතිකාර ගන්නට සිදුවේ.
කෙසේ නමුත් කිසිවකු නොසිතන ආකාරයේ අලුත් අලුත් දේ හඳුන්වා දී ජය ලැබිය හැකි වසරක් බැවින් නිර්මාණශීලීව කටයුතු කර ඉතා පහසුවෙන් ධනය සහ බලය උපයාගන්නට හැකිවනු ඇත.