පාස්කු විශේෂ දේවමෙහෙය අවසන් කොට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් සිදු කළ වෛරී සහගත සහ දේශපාලනික ප්‍රකාශය අතිශය පිළිකුළෙන් යුතුව හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ.
ආගමික නායකයකු වශයෙන් කාදිනල් හිමියන් ප්‍රකාශ නිකුත් කරද්දී මීට වඩා වගකීමගෙන් යුතුව ප්‍රකාශ නිකුත් කළ යුතු බවත්, එම හඩ උන්වහන්සේගේ වුවත් එම ප්‍රකාශය පිටුපස වෙනත් පුද්ගලයන් සිටින බවත් උන්වහන්සේ කීහ.
රෙදි නැතිව සිටින්නේ හිටපු ජනාධිපතිවරයා නොව දේශපාලනික ප්‍රකාශ නිකුත් කරන මැල්කම් රංජිත් හිමියන් බවද උන්වහන්සේ කීහ.










