විවාහක රූ රැජින අවසන් තරගයේ ජයග්‍රාහී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගලවා දෙවැනියා හට පැවරීමට කටයුතු කළ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දරන කැරොලයින් ජූරි මේ වනවිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ඇයට එරෙහිව කුරුදුවත්ත පොලිසියේ පැමිණිල්ලක්ද ඉදිරිපත්ව ඇත.
මේ අතර රෝසි සේනානායක මහත්මිය ඇමරිකාවේ පිහිටි අදාළ ආයතනය වෙත ලිපියක් යොමු කරමින් කැරොලයින් ජූරි සිදු කළ ක්‍රියාව ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇත.










