• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

තට්ටුවෙන් තිරයට: මව්රට දැන් SMART එකට

April 5, 2021
in News, Politics
Reading Time: 5 mins read
A A
තට්ටුවෙන් තිරයට: මව්රට දැන් SMART එකට
Share on WhatsAppShare on Facebook

අපි දැන් ලොකුයි.

මේක දිග ගමනක්. මේ ගමන අපි පටන් ගත්තෙ අමාරුම කාලෙක.

“පත්තර කරලා වැඩක් නෑ” කියලා හැමෝම කියපු කාලෙක. සමහර දේශපාලන උපක්‍රම අස්සෙ හුදෙකලාව පත්තරයකට නැගිටින්න බෑ කියලා කියපු අය අපිට ආ මග දිගේ දහස් ගානක් හම්බුණා. ඒ අතරෙ දේශපාලනය හෙවනේ ලොකු මහත් වුණු උපක්‍රමශීලී ව්‍යාපාරිකයො තම තමන්ගෙ ඇජෙන්ඩාවල පත්තර දියකරලා දානකොට අපිට හුදෙකලාව කෙළින් හිටගන්න ඕනෑ වුණා. පාට ගෑවිලා කිළිටි නොවුණු පත්තර පිටුවල හැම අකුරක් ගානෙම මිනිස්සු වෙනුවෙන් ඉඩ හදන්න පුලුවන් සාමාන්‍ය පත්තර ව්‍යාපෘතියක අසාමාන්‍යකම ගැන හැමෝම අභියෝග කරන කොට අපි උඩුගම්බලා පිහිනන්න තීරණය කළා. උඩුගං බලා පීනන කොට අතරමග මුණගැහෙන ලොකු රැළිවලින් අපිට බරපතළ හානි වෙන්න පුලුවන් බව අප දැනගෙන හිටියා. ඇත්තටම ඒ වෙන කොට ලංකාවෙ පත්තර හීන දාස් ගානක් මිය ගිහිල්ලා තිබුණෙ. සමහර ඒවා කළල කාලෙම ගබ්සාවුණා. මිනිස්සු ඇස් ඉස් මස් ලේ දන් දීලා රැක ගත්ත පත්තර මාසෙන් දෙකෙන් අවසන් ගමන් ගියා. රූස්ස ගස් වගේ පෙනුණ පත්තර කපලා බිම දැම්මා. අපි පැළවුණේ ඒ පොළොවේ.

“ඕක පැළ වෙන්නෙ නෑ”
කියලා හුඟාක් අය හිතුවා. පත්තර පැළ වෙන්න නං වතුර වගේ සල්ලියි පෝර වගේ දේශපාලන හයියයි ඕනෙ. ඒත් අපිට ඒ දෙකම තිබුණෙ නෑ. හැබැයි ඒ දෙකට අයිති නොවන එක දෙයක් තිබ්බා. ඒ සිංහල අවුරුද්දෙ සුබ නැකතක් වගේ ලොකු අපේ කමක්.


“අපි මේක කරමු”
කියලා රෑ දවල් දෙකම වෙහෙස වෙන්න පුළුවන් මිනිස්සු ටිකක්. අන්න ඒ ශක්තිය තමයි අපේ අත්තිවාරම වුණේ. අපි අපේ අලුත් පත්තරේ හැදුවෙ ඒ අත්තිවාරම මත. දැවැන්ත පත්තර එක දිගට කඩා වැටෙන කොට අපි නොවැටී හිටියෙ එහෙම.


“ම ව් ර ට”
හදන්න සෑහෙන්න දුෂ්කරක්‍රියා කරන්න වුණා. පත්තර ලෝකෙ දැවැන්තයො වෙච්ච තුෂාර ගුණරත්න සහ උපුල් ජෝෂප් ප්‍රනාන්දු මේ වෙලාවෙ ගත්තෙ ඉතාම අභියෝගාත්මක තීරණයක්.

ඒ දැවැන්ත තීරණයත් එක්ක ලංකාවෙ අලුත් පත්තරයක් හැදෙනවා, ඒ තමයි “මව්රට”.
‘මව්රට’ තමයි ලංකාවෙ අඩුම පිරිසකගෙන් කරන ලොකුම පත්තරේ. ඒ ගැන අපි වෙනමම කියවමු. මේ දැනට අපි ඔබට කියන්නේ අපි කවුද කියන එකටත් වඩා අපි ඉන්නෙ කොතැනද කියන එක.

අපිට ලංකාවෙ දිස්ත්‍රික්ක විසිහතරක් පුරාම පත්තර බෙදාහරින දැවැන්ත බෙදාහැරීම් ජාලයක් සතුයි. මේ වෙන කොට ලංකාවෙ හැම ප්‍රධාන නගරයක මව්රට මිලට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතාම කෙටි කාලයක් ඇතුළත හැදුණු විශාල ඉල්ලුම නිසා සෙනසුරාදා උදේ වරුවෙම සියලුම පිටපත් අලෙවි වෙන තත්ත්වයට අපි ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම කියනවා නම් දැන් අපි ඉන්නෙ ඉල්ලුමට වඩා සැපයුම පසුපසින් තියෙන තත්ත්වයක. ඒකට හේතුව වුණේ මේ බලාපොරොත්තු නොවුණු තරමේ දැවැන්ත පාඨක ප්‍රතිචාරය. ඒ තමයි අපිට තියෙන දැවැන්තම ශක්තිය. ඒ නිසා අපි හැම වෙලාවකම උත්සහ කරන්නෙ ඔබේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරමෙ සැපයුමක් වෙන්න.

අපිට පත්තරයක් විදියට සටන් කරන්න වෙන්නෙ මිනිස් ශිෂ්ටාචාරයම මුහුණ දුන්නු මේ අභියෝගෙට. ලෝකෙ පුරාම තියෙන දැවැන්ත ව්‍යාපාර කඩාගෙන වැටෙන කොට අපි ඒකට මුහුණ දුන්නා. ඒ වෙලාව වෙනකොට සියල්ලම සිද්ධ වෙන්නෙ අපිට නරක විදියට. පත්තරයක් මනුස්සයෙක්ගෙ අතට පත්වෙන එක ඒ කාලෙ හීනයක් වුණා. මිනිස්සු ගෙවල්වලටම කොටුවෙලා ඉන්න කොට අපිට අපේ පාඨකයන්ව තනිකරලා දාලා නිකං ඉන්නවද නැත්නම් ඔවුන් වෙනුවෙන් මොනවා හරි කරනවද කියලා හිතන්න වුණා. අපි ඒ විකල්ප දෙකෙන් පළමුවෙනි එක තෝරගත්තා.

“පත්තරේ කරනවා”
කියන එක. අපේ අයට කාර්යාලයට එන්න බැරි වුණත්, ඒ අයගෙත් ජීවිතේ අභියෝගාත්ම වුණත් අපි ඒ සියල්ල ඉවසමින් මේ අභියෝගය සාර්ථකව ජයගත්තා. පත්තරයක් විදියට අපි ස්ථාපිත වෙන්නත් කලින්ම මේ අභියෝගෙ ආවම හුඟක් අය හිතුවෙ අපි ඉවරයි කියලා. නෑ අපි ඒ වෙලාවෙ ලෝකයේ දැවැන්ත පත්තරවලට පවා බැරි වුණු විදියට ජනතාව අතරට ගියා.

අප්‍රේල් පළමුවැනි සතිය –
දෙවැනි සතිය –
තුන්වැනි සතිය –
හතර වැනි සතිය –
අප්‍රේල් මාසෙ සම්පූර්ණ එකතුව –

ලෝකෙටම කොරෝනා ආවත් අපි කෙළින් හිටගත්තා.කොවිඩ් නිසා හුඟාක් පත්තර නතර කරන කොට අපි මොනම හේතුවක් නිසාවත් පත්තරේ නතර නොකර ඉන්න සමත් වුණා.

ඊ පුවත්පතෙන් මාස ගානකින් අපි පුරෝගාමී වුණේ ඒත් එක්ක.
“අපි තට්ටුවෙන් තිරයට ආවා”

මේ විදියට මව්රට ඊ පුවත් පතට පාඨකයො එකතු වුණා. මේ වාර්තගත පාඨක ප්‍රතිචාරය ලැබුණත් අපි තවත් ඔබට නොමිලයේ කියවන්න පුළුවන් විදියෙ ඊ පුවත්පතක් ඔබේ අතේ තියෙන ජංගම දුර කථනයෙන්, ලැප්ටොප් එකෙන්, එහෙම නැත්නම් පරිගණකයෙන් මව්රට කියවන්න පුළුවන්.

වැඩි කල් යන්න කලින් අනිත් පත්තරවලට මේ සිස්ටම් එකට එන්න වෙනවා. අපි තමයි මේ ක්‍රමයේ පුරෝගාමීන්. හැමදාකම වගේ අපි මේවතාවෙත් ඉස්සරහින් ඉන්නවා. පත්තර ලෝකෙ හැම හැරවුමකම පෙරමුණේ හිටපු අය අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා අපි බය නැතිව ඕන අභියෝගෙකට මුහුණ දෙනවා. අදත් හෙටත් හැමදාකමත් එහෙමයි.
ඒ වගේම අඅඅගප්අර්ඒබැඅිගකන අපේ වෙබ් අඩවිය මාස කීපයක් ඇතුළත ලංකාවේ හොඳම වෙබ් අඩවි දෙසීය අතරට එනවා වගේම ලංකාවේ වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීම්වල පළමුවෙනි එකසිය තිහ අතරට එන්නත් සමත් වුණා. අපි සෑම විනාඩියකම අවදියෙන් ඉන්නවා වගේම, ඕනෑම වෙලාවක ඔබට අලුත් ප්‍රවෘති කියන්න ලෑස්තියි.

උපුල් ජෝෂප් ප්‍රනාන්දුගෙ ගුරුදා විග්‍රහය සහ දේශපාලන තොරතුරු හරහා අපි ඉන්නෙ හැමෝටම ඉස්සරහින් බව ඔබ දන්නවා. පිළුණු නොවුණු උණු උණු පුවත් එක්ක අපි හැම වෙලාකම අලුත් වෙනවා. පාතාල ලෝකෙ දන්න නොදන්න ඉසව් හිතන්නවත් බැරි විදියට අපි ආක්‍රමණය කරනවා. ඒ කොහොමද කියලා හුඟ දෙනෙක්ට හිතා ගන්ම බැරි බව අපි දන්නවා. ඒ වගේම අපිට ලංකාවෙ එහා කොන ඉඳලා මෙහා කොනටම ආවරණය කරන්න පුළුවන් සජීවී මාධ්‍ය සබඳතා නිසා හිතාගන්නවත් බැරි විදියෙ කතා අපි ඔබට කීවා. මේ හැම දේම එක්ක අපි හදාගත්ත බැඳීම වඩාත් ශක්තිමත් කරමින් ෆේස් බුක් සහ යූ ටියුබ් හරහා අපි තවත් පියවරක් ඔබට කිට්ටු වුණා. මේ වෙන කොට අපි,
“මව්රට tv”
එක්ක පළමුවෙනි පත්තර යූ ටියුබ් නාලිකාව විදියට පත්තර කියවන තැනින් පත්තර නරඹන තැනට ආවා. අපිට පාඨකයො වෙනුවට ප්‍රේක්ෂකයොත් හම්බුණා. ඒ නිසාම අපි ඉක්මනින් දුර ගමනක් ඇවිල්ලා. දැන් අපිට අවුරුදු දෙකයි. අවුරුදු දෙකක් දුෂ්කරතා මැද අපිත් එක්කහිටියට ඔයාට ස්තුතියි.

හෙටත් ඉන්න අපිත් එක්ක. අපි ලෑස්තියි ඔබ වෙනුවෙන් අලුත් හීන හොයාගෙන යන්න. ඒ අපි මේ අවුරුදු දෙකේ හම්බකරපු වටිනාම දේ පාඨක ඔබ නිසා.

මේ අපේ දෙවෙනි සංවත්සරය. අපි දෙවෙනි සංවත්සරය වෙනුවෙන් විශේෂ දේවල් මොනවවත්ම නොකර සාමාන්‍ය විදියට සමරනවා. ඒත් පාඨක ඔබේ හයියත් එක්ක අපි තුන්වෙනි සංවත්සරය මීට වඩා ජයග්‍රහණ ගොඩක් සමඟ ලොකුවට සමරන්න සූදානම්.

SendShareShare
Previous Post

දික්කසාදයි කියා බලෙන් රූ රැජන කිරළ ගැලවූ පුෂ්පිකා කට අරී: උසාවි යන බවත් කියයි

Next Post

සාධාරණය ඉටුවෙයි: කිරුළ යළි පුෂ්පිකාට: කැරොලයින්ට කුණු බැනුම්

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.