අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න නියෝගය අද ප්‍රකාශයට පත් කෙරේ.
පසුගියදා කැඳවුණු නඩුව අද දක්වා කල් තැබීමට විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කොට තිබිණ.
ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරකරනවාද නැද්ද යන්න නියෝගය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබීය.
මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (c) වගන්තිය අනූව පාර්ලිමේන්තු සැසිවාර සදහා යෑමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන් බව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් අවධාරණය කර ඇත.










