මෙරට අංක එකේ ළමා ඉතිරි කිරීමේ ගිණුම වන ‘සෙලාන් ටිකිරි’, තම ළමා ගනුදෙනුකරුවන්ගේ ඉවුම් පිහුම් හැකියාවන් අන්තර්ජාලය ඔස්සේ ලොවට පෙන්වමින් ‘Cooking Kiddos’ සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදී. වර්තමාන අධ්‍යාපන රටාව තුල ඉතා කාර්යබහුල දෛනික කාලසටහන්වල සිරවී සිටින ළමා පරපුරට මඳ විවේකයක් ලබා දෙමින් ඔවුන් අතින් නව ආහාර වට්ටෝරු පිළියෙලවන ආකාරය සමාජ මාධ්‍ය තුලින් ප්‍රදර්ශනය කරමින් ඔවුන්ව ඇගයීමට ‘Cooking Kiddos’ ආදර්ශමත් පදනමක් දමාදී තිබේ.
සෙලාන් බැංකුව නිරන්තරවම තම පුංචි ගනුදෙනුකරුවන් සවිබලගැන්වීමට නව්‍ය ක්රමෝපායන් අනුගමනය කරන අතර, වර්තමානයේදී පවතින තත්ත්වය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ තම අධ්‍යාපන කටයුතු කරමින් ඒකාකාරී ජීවිතයක් ගතකරන්නට සිදුව ඇති දරුවන්ට මෙම ඉවුම් පිහුම් වැඩසටහන විවිධත්වයක් රැගෙන ආ බවට සැකයක් නැත. සෙලාන් ටිකිරි ළමා ඉතිරි කිරීමේ ගිණුම සෑම විටම නව හඳුන්වාදීම් හරහා ගිණුම් හිමි දරුවන් වෙත සතුට රැගෙන එන අතර, මෙම වැඩසටහන නිසා සරල ආහාරයක් නිර්මාණය කරන්නට දරුවන්ට ඇති හැකියාව ඇගයීම මෙන්ම සමාජ මාධ්‍ය තුළින් පුළුල් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාදීමටද කටයුතු කරන ලදී.











